Loading...

Wednesday, August 22, 2012

මරනය පෙනී නොපෙනී 99.99 බේරුන හැටි.....



මට හිතෙන්නෙ මගේ පෙර වාසනාවකට තමා මම බේරුනේ.... ඔන්න ඉතින් මම කාල ෆේස් බුකිය පැත්තට ගිහින් එන කොට වෙලාව  1:00 ඉතින්  දැන් මට පට්ට කම්මැලී කරන්න දේකුත් නෑ... මට මතක් උනා හැමදාම රෑට කොරන හොරවැඩේ ඉතින්  ඒක තමා තාත්තගේ බයික් එක හොරෙන් පදින එක . ඉතින් මම යතුර හොරකන් කරගෙන ගිහින් බයික් එකට වැඳල කරල ස්ටාර්ට් කරා.. ඊට පස්සේ තියෙන අමාරුවට ඉස්සරහ බ්‍රේක් එකයි ක්ලච් එකයි තද කරගෙන හොඳට රේස් කරල එක පාරම ක්ලච් එක අත ඇරිය ඔයාල දන්නවනෙ එතකොට මොකද වෙන්නෙ කියල....
  ශැ කියල වැඩක් නැ ආතල් එක ඉසරහ රෝදෙ ඉස්සිලා වීල් වෙනකොට කොහොමද දැනෙන ෆීලින් එක.. ඉතින් දන්න චූටි සෙල්ලං ටිකක් දාල  බන්ඩාරවෙල -වැලිමඩ පාරදිගේ මම ගියේ 4ත් ගියර් එකේ  ඇස්කලේටරේ කර මුලටම අල්ල.... බයික් එක බූබූබූබුබූ ගානව....ඔහොම කිලෝ මීටර් 5ක් විතර ගිහින් මම ආපහු හරවගෙන ආව ඔහොම එනකොට ගල්ලිය හරියෙදි (((ගල්ලිය කියන්නෙ ඒ පාරෙ තියෙන පොට් එකක්))) පිටි පස්සට කාර් එකක් සෙට් උනා මම ඉතින් පොඩ්ඩක් ස්ලෝ කරා ඉස්සරහ තඩි වංගුව නිසා.. මෙන්න මේ යකා ඕල්ටෙක් කොරන්න ආව. මම මනුස්ස කමට පොඩ්ඩ ස්ලෝ කරල ඉඩ දෙන්න හදන කොටම මූ කැපුව කියහංකො ඇඟට .  මගේ වෙලාවටම බයික් එකේ රෝදෙ වැදුන කාර් එකේ පිටිපස්සෙ. කරන්න දෙයක් නෑ බයික් එක ඇදෙ ගිහින් ඇදගෙන වැ‍ටුන පාරෙ අනිත් පැත්තෙ බයික් එක පෙරලුනා ....... ඊට පස්සෙ තත්පර 10 යන්න ඇති මම බයික් එක කෙලින් කරගන්නවත් එක්කම ඉස්සරහින් ආව කියහන්කො තඩි ලොරියක් මට කරගන්න දෙයක් නැ ... මම අනිත් පැත්තට පැනගන්නව ඒත් ඒ වෙනෙකොට මම බයික් එක උඩ නැගල ඉවරයි.... අනේ අර දෙවියෙක් වගේ ලොරියෙ නීති ගරුක රියැදුරු මහත්තය ගැහුහ නේද බ්‍රේක් පාරක් ඒකට මමත් හොල්මන් උනා. ඇස් පියවුනා. හිතුවෙ මැරුන තමා කියල. ඒත්  දැනුන තාම ජීවත් වෙන බව... ඇරිය ඇහැ . බලනකොට අරූ අඟල් 4/5ක් එහයින් ලොරිය නවත්ත ගෙන. මගෙන් ඇහුව මොකද හු&*&^ කරන්නෙ කියල මම පොරට කිව්ව නැ අයිය ලිස්සල වැ‍ටුන කියල. ඊට පස්සෙ මම අවුලක් නැතුව ගෙදර ආව  ඒත් කකුලෙ මාපට ඇඟිල්ල දනව වගේ. බලන කොට 3ට පැලිලනේ. ඔන්න මගේ ‍රැම්බො පිහියෙන් හාරල බෙහෙත් කරපු හැටි බලාගන්න. මම මගේ ජංගමෙන් රෙකෝඩ් කොලා.










හරි මේ තිබ්බ විදියට තුවාලෙ පිහියකින් හාරල ගලායන වතුරෙන් සෝදන්න.දැන් තුවාලෙට ඕඩික්ලෝන් දාන්න. ඊට පස්සෙ පිහියෙ තුඩේ පුලුන් කෑල්ලක් රඳවලා හොඳට වටේ ඔතන්න පුලුන් කෑල්ල ඊට පස්සෙ ඕඩික්ලොන් ටිකක් පුලුන් කෑල්ලට දාල ගිනි තියන්න නිල්පාට ලස්සන දැල්ලක් පත්තුවේවි ඒක ගැවෙන නොගැවෙන තරමට තුවාලෙට ලන් කරන්න  පුච්චන්න එපා..මේ විදියට මුලු තුවාලෙම කවර් වෙන්න අල්ලන්න ඕනි  මේ දැල්ල කහ පාට උනා නම් තව අලුත් පුලුන් කැල්ලක් පිහිය වටේ ඔතල ඒකට ත් ක්ලෝන් දාල ගිනිතියල. අල්ලන්න... දැන් මොකෙන් හරි බැඳල තියන්න.


ඔන්න මම පිලිපැදපු ක්‍රමය. ම්ම්ම් අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ මම මැරුනොත් එහෙම මගේ මලගෙදර ඇවිත් ප්ලේන්ටියක් බීල බීඩියක් ගහල යන්න එන්න මම මරුන දවසට මගේ යාලුවෝ දායි ෆේස්බුකියට....

4 comments:

  1. හෆෝයි මචෝ මීට වඩා පරිස්සම් වෙයන්.

    ReplyDelete
  2. @මඩිස්සලේ නිශාන් :- ඔව්ව ඔහොම තමා නිශා අයියා අපි අද ඉන්නව හෙට මැරෙනව.

    ReplyDelete
  3. මොකෝ රුවන හොල්මන් උනාද?

    ReplyDelete