Loading...

Wednesday, September 5, 2012

නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1 ඕෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ මෙහෙමයි.


හරි ඔන්න වින්ඩෝස් 8 පාවිච්චි කරන අයට මලවධයක් වෙලා  තියෙන  නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1  ඔෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ කොහොමද කියල අද මම කියල දෙන්නම් ... මේක ඔන්ලයින් කොරන්න ගියාම අපේ ඔලුව ස්ට්‍රක් වෙනවනේ ... ඔන්න එහෙනං...

මුලින්ම ඔයා "වින්ඩෝස් 8" CD එක දාගන්න . ඊට පස්සේ මෙහෙම කරන්න...
ස්ටාර්ට් මෙනූ එකට ගිහින් සර්ච් කරන්න මෙහෙම "cmd" කියල එතකොට එයි "cmd"
කියල එකක්. ඉතින් ඔයා එකේ උඩ රයිට් ක්ලික් කරලා "රන් ඇස් ඇඩ්මින්" (run as administrator) දෙන්න. දැන් හරි "command prompt" එක ආවනේ . දැන් මේ කමාන්ඩ් එක ගහන්න....


dism.exe /online /enable-feature /featurename:NetFX3 /source:G:\sources\sxs /limitAccess





මේකෙ මේ  :G: කියලා තියෙන අකුර තමා ඔයාගේ DVD ධාවකය . කලින්ම වින්ඩෝස් 8 DVD එක දාගත්තනේ  එහෙනම් ඔයාගේ DVD drive එකේ අකුර දෙන්න . උදාහරණයක්‌ වශයෙන් ඔයාගේ තියෙන්නේ DVD drive (F:) කියලනම්  ඔයා දාන්න ඕනි :F: කියල .... G මකල F දාන්න .
DVD Drive


මේක කරන්න මේ කමාන්ඩ් එක නෝට්පෑඩ් එකට කොපි කරගෙන .

හරි  දැන් ඒ විදියට හදා ගත්ත කමාන්ඩ් එක command prompt එකට පේස්ට් කරන්න ..


 මේ පොටෝ එකේ තියෙන විදියට ආවනම් වැඩේ එල කිරි වගේ හරි ගිහින් තමා . ... බොරු නම් බලන්න නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1  ඉල්ලන සොෆ්ට් එකක් ඕපන් කරලා .........

No comments:

Post a Comment