Loading...

Tuesday, January 8, 2013

කොහොමද මත්ද්‍රව්‍ය නවත්වා ගන්නේ..



මෙක සමාජ ප්‍රශ්නයක් එක නිසාමයි මම මේ ගැන් ලියන්න හිතුවේ
මත්ද්‍රව්‍ය කියන්නේ අද වන් විට විශාල ප්‍රශ්නයක් ඒක ගොඩක් බර පතල ලෙස අපේ තරුන තරුනියන්ට බලපාල තියෙනව ඒකයි ගොඩක්ම භයානක තත්වය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න පප්පලටනම් ඉතින් ගානක් නෑ... ඒ විතරක් නෙමෙයි ඉස්කෝල වල 6,7,8,9, පංති වල පොඩි උනුත් මේවට පුරුදු වෙලා නිකරුනේ තම්න්ගේ ජීවිත නාස්ති කරගන්නවා ... මේ ලිපිය කියවල ආ අද නවත්තනව හෙට නවත්තනව කිය කියා ඉන්න එපා එහෙම උනොත් කව දාවත් නවත්තන්නේ බෑ. මේ ලිපිය හොඳට කියවල බොක්කටම ගනිල්ලා එතකොට මේක කරන එක සුලු දෙයක්.



ඔයාලට මේ උඩ තියෙන පින්තූරෙන් මොනාද පේන්නේ?????

මේක සමනල කෝෂයක් .. මේකෝෂය ඇතුලේ ඉන්නේ ගොඩක් ලස්සන සමනලයෙක්.. මේ සමනලය මේ කෝෂය ඇතුලෙ දැන් හොඳට හැදිල එලියට එන්න බැරිවයි ඉන්නේ.. ඔයාලට පේනවද ඔය කෝෂයේ උඩ තියෙනව පුංචි හිලක්? සමනලය එලියට එන්නේ ඔන්න ඔය ප්ංචි හිලෙන්.. මට පුලුවන්  මගේ පිහිය අරගෙන ඔය පුන්චි හිල කඩල සමනලය එලියට ගන්න. ඒත් එහෙම කලොත් ඒ සමනලය මේ පරිසරයේ ජීවත් වෙන්න ගොඩාක් අමාරු වෙනවා ඒකියන්නේ තමන්ගේ ශක්තියෙන්ම කෝශය කඩාගෙන ආවොත් ඔහුට දුක තේරෙනව ඔහු පරිසරයට ඔරොත්තු දෙනව. ..

මේකෙ තේරුම මොකක්ද කියල කල්පනා කරනව ඇති .

මෙහෙමයි සීන් එක මේකේ කියන විදියට සමනලය කියන්නේ කව්ද? ඒ තමා ඔයා.
කෝෂය කියල අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය

ලස්සන සමනලයෙක් ලෝකයෙන් හන්ගගෙන ඉන්නේ මේ මත්ද්‍රව්‍ය ඒත් ඒක නැති කරන්න කවුරු හරි ඔයාට බලපැම් කරල ඔයාට ඒක නොදී ඉන්න කොට ඔයාට ජීවත් වෙන්න අමාරුයි .. එත කොට ඔයා ඒක හොයාගෙන ගිහිල්ල සමාජයෙ චාටර් වෙලා හොඳ ගුශ්පියෙකුට සෙට් වෙලා ඊට වඩා දරුනු දෙවල් (දරුනු මත් ද්‍රව්‍ය) වලට ඇබ්බැහි වෙනව..
 ඒක මේ කතා වේ අදහස් කරන්නේ පිහියේන් කෝශය කඩනව කියල..
ඒත් ඔයාම මේ ගැන හිතල ඔයාගෙම මහන්සියෙන් මේ කෝශය (මත) කැඩුවොත් ඔයා ආපහු ඒක හොයන්නේ නෑ.
 ඒ කියන්නේ ඔයාට ඕනි නම් නෙ ඔයා මත හොයන්නේ ඔනි නැති නම් ඒක හොයන්නේ නෑනේ..

ඔයා මේ වගේ මේ පුරුද්ද අතහැරියොත් ඔයාගේ ජීවිතෙත් සමනලයෙක් වගේ ඉගිලිලා යයි...


 තව දෙයක් තියෙනව  , ඔයා කාට හරි බල පැමක් කරනව නම් මත් ද්‍රව්‍ය නවත්තන්න කියල උ.දා. තො බිව්වොත් හතර හන්දි කඩනව කියල  ඌ අනිවාර්යෙන්ම ඔයාට දැන ගන්න බැරි වෙන විදියෙ මත් ද්‍රව්‍යකට පුරුදු වෙනව වෙනවාමයි.....
උඹල හිතනව ඇති මම  නිකන් කටට එන පලියට කියනව කියල... ඒත් මචං මම මේ හැම දෙයක්ම අද්දැකීමෙන් දන්නව... මොකද කියනව නම් මමත් පස් පංගුවම ගහපු එකෙන් නිසා...
මට මේ හැම දෙයක් ම වෙලා තියෙනව.... කොන්ද පන නැති උන් වගේ වැඩ කරන්න එපා යකෝ. ටිකක් කල්පනා කරල වැඩ කරපියව්. නිකන් මෝඑඩයො වගේ හැසිරෙන්න එපා .. මම මයෙ පුතාලට බයිනව නෙමේ මමත් කැමතී මට වෙච්ච දෙවල් මම වින්ද දුක් වලින් උඹල බේරෙනවට.  පුතේ උබලට කියන්න බැරි තරම් දෙවල් අවු 16ට මට වෙලා තියෙනව... මේ කතාව කියවල හැදියන් මයෙ පුතේ.
තවටිකක් කියල දෙන්නම් කෝ.

මතට හේතු
කෙල්ලොන්ගෙ බූට් නිසා
සමාජයේ සර්පයො නිසා
සල්ලි වැඩි නිසා.
ගෙදරින් නිදහස වැඩි නිසා
ආසාව කුතුහලය නිසා
සමහරුන් ගේ වැඩ කරවා ගැනීමට යනාදී හේතු නිසා මත් ද්‍රව්‍ය ලබා දීම නිසා.
පවුල් ප්‍රශ්න නිසා.



හරි අපි බලමු මොනාද මත් වෙන්න පාච්චි කරන එව්ව කියල... මේ තොපිට තව ඒව කියල දෙනව නෙමෙයි මේක බලල තියෙන එව්ව අත්හදා බලන්න යන්න එපා.. එහෙම උන්නෙ ලංකාවෙ ඉන්නෙ..  මම මේව කියල දෙන්නෙ එව්ව දැන ගත්තම ඒවගෙන් ආරක්ශා වෙන්න පුලුවන් නිසා..

මත් ද්‍රව්‍ය

නටන වතුරට පාන් දමා නිවුනම බීම
මයි කෝලා එකට ඩිස්ප්‍රීන් දමා බීම
ගංජා වලට ෆෝමලීන් දමා වෙලා ගැසීම
තේ කොල ,මුකුනුවැන්නා,ගො‍ටු කොල, උඳුපියලිය, වෙලා ගංජා මෙන් ඔතා ගැසීම
හාවන්ගේ බෙටි ඔතා ගැහීම

ඔය කොල්ලො හොයාගත්ත මත් ක්‍රම වලින් ටිකක් විතරයි.

දැන් බලමු ප්‍රොෆෙශනල් එව්ව

අරක්කු
සිගරට්
රා

ඒවනම් එච්චර නෑ

දැන් බලමු ඉල්ලීගල් එව්ව.. (විශ මත් ද්‍රව්‍ය පනතට යටත් එව්ව)

කුඩු.
හෙරොයින්.
ගුලි (මදන් මෝදක)
ඩප්පි
අබින්
ගංජා
ටැබ්ලට්
කසිප්පු
කසිප්පු පෙති (තවම විශ මත් ද්‍රව්‍ය පනතට ඇතුලත්ව නැත)
ටැබා (බියර් ටින් එකට දමා කලත්තා ගැසීම රු 45)

ඔය ඇති. උඹල වගෙ උන්ට වැඩිය කියන්න හොඳ නෑ..
මගේ පුතේ මේව කරන්න නම් එපා
ඕනි නම් වැඳල කියන්නම්...

හරි දන්නෙම නැතිව ලිපිය දිග වැඩි උනා...
මම නවතින්නම්... නැත්තන් ගූගල් එකෙන් මට නඩු දායි .... හිකිස්..

සැ.යු. මම මේ සියල්ල තේරුම් ගෙන අතහැර දමා ඇත.


3 comments:


  1. අයෙමත් ක්කියහන් උබ , නවත්ටුව කියල ?
    කවුද යකෝ ඉතාකොට පාක් එක ගාව බටයක් ගැහුවේ,

    ReplyDelete
  2. @නොහික්මුණු ඇස : මම තමා ඉතින් ... දැන් නවත්තල දවස් 3යි... :පී

    ReplyDelete
  3. //මම මේ සියල්ල තේරුම් ගෙන අතහැර දමා ඇත.// ඈ යකෝ. තෝ තාම පොඩි එකෙක් නේද ?

    ReplyDelete