Loading...

Sunday, May 5, 2013

අවුරුදු 4කට පසු නැවත ආදරයක පැටලී................



සැ.යු. කෙල්ලට අවුල් නිසා අඳුරාගත නොහැකි ලෙස කාටූන් කරන ලදි.

මම ඉතින් ඔන්න O/L ඉවර කරල අසංක සර්ගෙ මනේ විද්‍යා ක්ලාස් එකට ගියා. දවසක් දෙකක් යන කොට ඒක පට්ට ආතල් දුන්නේ. දවසක් මම යනකොට හෙන ඇක්ටිවිටියක් ලෑස්ති කරල ටවුන් හෝල් එකේ. මමත් ගියා. අපේ කොල්ලො ටිකත් ඇවිල්ල හිටියෙ. මමත් ඉතින් ගිහින් උන් ලඟට වෙලා ඉඳගත්ත. ටිකක් වෙලා යන කොට සර් කිව්ව කන්ඩායම් හදාගන්න කියල. එකෙ කෙල්ලො 13 කොල්ලො 13. අම්මට ඉතින් අපේ සෙට් එකට ආපු කෙල්ලො ටිකේ හිටියෙ අඳුරන කෙල්ලො සෙට් එකක්. උන්ගෙ අතරෙ මම කලින් දැකල නැති කෙල්ලෙක් හිටිය.
ඒකි හරියටම මගේ පිටිපස්සෙ තමා හිටියෙ. මමත් ඉතින් හොඳට බැලුව. අන්න ඒ වෙලාවෙ තමා ඒකි මගේ දිහා බැලුවෙ. අම්මෝ එයාගේ බැල්ම හරියට සන් රයිස් වගේ. ඒ ඉර පායනව වගේ බැල්මෙන් මට මගේ ඇස් අයින් කරගන්න බැරි උනා. ඒදා මගේ හදවතට ත‍ටු ඇවිල්ල එයා ගැන සෙනෙහසක් හදවතේ මෝරල එයාගේ මදහස දකින්න සිත් වෙලා මාව නුපුරුදු විදියට මත් කලා.

මම එයාගේන් නම මොකක් ද කියල අහුව. එයා කිව්වෙ නෑ .. මම එයාට සුදූ කියල නම දැම්ම.

                            මට ඒ දවස කවදාවත් අමතක කරන්න බෑ. අනේ මන්ද, මම එදා එයත් එක්ක කතා කලා එතකොට එයා කියන්නෙ කොහොමද දන්නවද?. "මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න".. අඩේ එයා ඒක කියන්නෙ හදවතට වදින විදියට. ඒ කට හඬේ තියෙන අහින්සක බව, ඇස් වල හැන්ගිලා තියෙන ලැජ්ජාව තවතව  මගේ හදවතට ආදරය කියන වෛරස් එක ඇතුලු කලා. අනේ මන්ද එදා මං එයත් එක්ක සෙල්ලම් කරා.   (හොව් හොව් සෙල්ලම් කිව්වෙ වෙන මොකුත් නෙමේ. අර මනෝ ක්ලාස් එකේ සීන්බීන් පාරවල්.)   කොහොම හරි මම එදා එයට මගේ නම්බර් කොලේක ලියල දුන්න. එයා ගත්තෙ නෑ. බිම දැම්ම මම ආපහු එක එයාට අහුලල දුන්න එයා ඒක ඈතට විසි කරා. ඒ වෙන කොට ක්ලාස් එකේ අන්තිම ටික. මම ක්ලාස් ඉවර වෙන කොටම එලියට ගිහින් බලාගෙන ඉන්නවා ඉන්නවා කෙල්ල නැ.
                                                                                                                            ඉතින් මමත් පිස්සුවෙන්ම හොයන කොට චරියා කිව්ව අඩේ අන්න ස්ටැන්ඩ් එක පැත්තට ගියා කියල මම ක්ෂනික ගියා ස්ටෑන්ඩ් පාරේ. මම යනකොට එයා වෙන කොල්ලෙකුත් එක්ක කතා කර කර යනව ඉතින් මම තාම එයාට මගේ ආදරේ කිව්වෙ නෑ. එයා අර කොල්ලත් එක්ක යාලු වෙලා නම් මම මගේ ආදරේ හිතේ විතරක් තියාගන්නව.
මේ බ්ලොග් එක කියවන යාලුවො දන්නවනේ මගේ කලින් ආදරෙන් කොච්චර දුක් වින්දද කියල. ඒක බොහොම අමාරුවෙන් අමතක කරන කොටම තව එකක්. හ්ම්.
 කමක් නෑ දැන් තියෙන්නෙ වෙනදෙයක් වෙන්න කියල පාඩුවෙ ඉන්න එක තමා. ඊට පස්සෙ දවසක මට කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි කියනව උඹ කොන්ඩෙ වවාගෙන පිස්ස වගේ යනකොට ඒකිට චාටර්නේ කියල මම ඒක නිසා මගේ කොන්ඩෙත් කැපුව.
                                                 තව සීන් ගොඩයි ඕයි. දවසක් මම ඒකිට චොකලට් එක අරගෙන ඒක දෙන්න පිටිපස්සෙන් ගියා. යන කොට අර ඒකිත් එක්ක ගිය කොල්ලත් ඒකිගෙ පස්සෙන් යනව.. මමයි චරියයි ඌට කතා කරල උගෙන් ඇහුව සීන් එක. ඌ කියනව උගෙත් එක්ක සෙට් වෙලා ඉන්නේ කියල. මම විස්වස කරේ නෑ.. එතකොටම අපේ අනිත් කොල්ලොන්ට සිද්දිය ආරංචි වෙලා දුවගෙන ආව. උන් බැහැල අර පොඩි කොල්ල හොයනව. ඌට මීටර් වේලා ඌ මිසින් වෙලා. මම මෝඩය වගේ ඒකිගෙ බස් එකට නැගල ඒකිට චොක්ලට් එක දුන්න ඕයි. ඒකි ගත්තෙ නෑ එපා කිව්ව. ඉතින් මම ආපහු එනකොටම මගේ යාලුවෙක් ඒකිගේ අතට ඇනල කිව්ව මැරෙන්න ලෑස්තිවෙලා හිටපං කියල. ඌ කොල්ලොන්ට කියන විදියට ඒකිට කිව්වනේ මාර සීන් එක. මම පස්සෙ බස්  එකේ ජනේලෙ එල්ලිලා ඒකිට සොරි කිව්ව. ඒකි මැද හිටියේ. අඬනවද කොහෙද. මම ගෙදර ගියා.
ඒකිට ගෙදර ගියාමත් සීන් ආවලු. මම දැන්නෙ නෑ එයාගෙන් සමාව ගන්නෙ කොහොමද කියල. අනේ මන්ද.


මම ඉස්සරහට වෙන දේවල් කියන්නම් කෝ. දැනට නවතිනව.
                                                                                                 යොමාල්.......

1 comment:

  1. උඹලා කෙල්ලව බය කරලනේ!
    බලමුකෝ බලමුකෝ සීන් එක'!

    ReplyDelete