Loading...

Tuesday, September 2, 2014

අධිමානසික විද්‍යාව හරහා සිතුවිලි පාලනය කිරීම.



හරි ගොඩාඩාඩාඩාක් කාලෙකින් තමා මේ පැත්තට මගේ අලුත් රීසර්ච් ගැන ලියන්න හිතුවෙ........ ඔයාල මේ ක තියෙන දේවල් කරන්න ඉස්සෙල්ල හොඳටම තමන්ගෙ හිත සංවේදී කරගන්න ඕනි.... මේක ඕනිම කෙනෙකුට කරන්න පුලුවන් ..... ඒත් මම දැන් ලියන්නෙ ට්‍රික්ස් දෙක තුනක් විතරයි..... මෙහෙමයි මුලින්ම ඔයාල ආනා පානා සති භාවනාව පුරුදු කරන්න ඕනි. හිත ටිකක් එක තැන තියන්න පුලුවන් උනාම මේක පටන් ගන්න.....
හරි මේ කියන්න යන දේ ගොඩක් වැදගත් දෙයක්. මේකෙන් පුලුවන් ඔයාලගෙ ජීවිතේ තියෙන නරක පුරුදු ගොඩකින් ඈත් වෙන්න.....



සිතිවිලි කපන ආයුදය.

මේක ගොඩක් උසස් අධිමානසික අභ්‍යාසයක්. සිත එහෙ මෙහෙ යාම නවත්තන එක තමා මේකෙ අරමුන.... දැන් මෙහෙම හිතන්න ඔයා ගාව අපූරු ආයුදයක් තියෙනව... ඒක ගුප්ත බලයක් තියෙන වෙරළු ගෙඩියක තරම් දියමන්තියක්... ඒක වී ඇටයක හැඩේට ඔපමට්ටම් කරල තියෙන්නෙ..... මේ දියමන්තිය ඔයාලගෙ හදවත ඇතුලෙ තැම්පත් කරල තියෙන්නෙ..... ඒක නිල් පාටට හුරු කාන්තියකින් ඔයාලගෙ හදවත ඇතුලෙ කැපිල පේනව.  මේ දියමන්තියෙන් සැරින් සැරේ කඩුවක් වගේ කැරකෙන ආලෝක ධාරා නිකුත් වෙනව........... මේක දැන් ඔයාලගෙ හිතේ මාවා ගන්න (චිත්ත රූප)............... දැන් ඔයාල හිතන්න ඔයාලගෙ හිතේ යම් සිතුවිල්ලක් නැගී එනකොටම මේ දියමන්තියෙන් එන ආලෝක ධාරාවෙන් ඒ සිතුවිල්ල කැපිල යනව කියල. ඒ කියන්නෙ සිතුවිල්ල එනකොටම අර ආලෝක ධාරාව කඩුවක් වගේ ඒකෙ වැදිල සිතිවිල්ල කැපිල යනව කියල. ......
මේක කරන්න ඕනි ඔයාල විවේකයෙන් ඉන්න වෙලාවක පහසු විදියකට ඉඳගෙන ඇස් පියාගෙන. ඔයාලගෙ හිතේ මේ ක්‍රියාවලිය ඇ‍ඳෙන්න ඕනි හරියට ‍ෆිල්ම් එකක් බලනව වගේ.
මේක කාලයක් පුරුදු උනාම සමාජය එක්ක ඉන්නකොට, වැඩක් කරනකොට හිතට එන වැරදි සිතුවිලි කපා හරින්න පුලුවන්.
උදා :-
             සිගර්ට් එකක් බොන්න හිතුනම.
             ලිංගික ආශාවල් .

          වගේ දේවල් එක පාරම පාලනය කරන්න පුලුවන්. ඒ වගේම සිතුවිල්ල කැපුනම ඒ දේ එපා වෙනව. මිනිස්සු ගොඩක් ඉන්න තැනක මේ වගේ කිලිටි සිතුවිල්ලක් ආවොත් එක පාරම දියමන්තිය මතක් කරගන්න. ආලෝක් ධාරාව සිතුවිල්ලෙ වැදිල සිතුවිල්ල දෙබැ වෙන විදිය ශිතින් දකින්න. මේක හොඳට පුරුදු උනාම ආපහු මොනවත් ඕන වෙන්නෙ නෑ.

ඔබගේ ආරක්ශාවට පරසිත් දමනය.

සමහරු ඔයාලට නිකරුනේ බනිනව. සමහරු කරදර හිරි හැර, සැක කිරීම් වගේ දේවල් කරනව. මේකටත්  අධිමානසික විද්‍යාව අතුලෙ බෙහෙත් තියෙනව. කවුරු හරි ඔයාල ගැන ප්‍රතිවිරුද්ද අදහස් දරනව නම් මෙහෙම කරල බලන්න.
1. අදාල පුද්ගලයගේ ඇසේ කලු ඉංගිරියාව දෙස බලා හිඳින්න.
2.ඔබේ සිත හැකි තාක් දුරට සන්සුන් කරන්න.
3.ඔයාගේ සිත අවකාශය හරහා ඔහුගේ සිත හා සම්බන්ඳ වෙන බව සිතන්න.
4.ඔහු ඔබ ගැන සිතිය යුතු දේ දැන් ඔබ සිතන්න.
ටික දවසක් මේ භාවනාව හුරු කරාම ආපහු මොනවත් ඕන වෙන්නෙ නෑ..

එහෙනම් අදට නවතිනව. ගුඩ් බායි ආ.

මමත් ඉගෙන ගත්තෙ පොත් කියවල. මෙව එල කිරි වගේ වැඩ කරනව. ඒ ගැන විශ්වාස කරන්න ඕනි, දෙගිඩියාවෙන් නම් කරන්න එපා.
සමහරු හිතන්න පුලුවන් මේව පිස්සු වැඩ කියල. ඒත් හැම දේකම ඇතුලෙ මොකක් හරි ඇත්තක් තියෙනව...

6 comments: