Loading...

Monday, April 27, 2015

ඕනෑම කෙනෙකුට පහසු යෝග ක්‍රමයක්


රාත්‍රී නින්දට පෙර පංච ශීලය හෝ ආජීව අෂ්ටමය ශීලය හෝ දස ශීලය සමාදන් වී බුදුන් වඳින්න.... මේ අවස්තාවේ ඔබේ පූජාසනය මත පැන් බඳුනක් ද බුදු පුදට තබන්න.
මේ පැන් බඳුන ඔබේ දොහොතට අල්ලන ප්‍රමානයෙන් තුන් ගුනයක් පිරිසිදු ජලය විය යුතුය. පූජාව අවසානයේ කරනීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින් දෙන්න. පාන්දර 4.00ට මම අවදි වෙමි යන අධිෂ්ඨානයෙන් යුතුව නින්දට යන්න.
පාන්දර අවදි වී සැතපෙන ඉරියව්වෙන්ම යහනේ හෝ බිම උඩුකුරුව සිටින්න. දෑත් ඉහලට නමා හිසට යටින් කොට්ටය උඩින් තබා ගන්න. දකුනු අත උඩ වම් අතද ,වම් අත උඩ හිසද
තබාගන්න. දෙකකුල් මදක් ඈත් කොට පහසුවෙන් සිටින්න.ඔබ හිස තබා සිටින කොට්ටය වඩා උස එකක් නොවිය යුතුය. කොට්ටයක් නැතත් කමක් නැත.

දැන් දීර්ග හුස්මක් ගෙන (ආශ්වස කොට ) පපුව පුරවා ගන්න. තත්පර 15ක් පමන පපුවේ රඳවාගෙන සිටි වාතය බඩට තල්ලු කරන්න. දැන් ඔබේ බඩ වාතයෙන් පිරී ඇත. තවත් තත්පර 15කින් බඩේ ඇති වාතය යටි බඩට තෙරපා තල්ලු කරන්න. ඔබගේ දෙකකුල් සිට දනහිස හා මහපට ඇඟිලි වලට පවා මේ තෙරපීම දැනෙනු ඇත. යටි බඩට තෙරපන ලද වාතය තත්පර 15කින් නැවත උඩට තෙරපා - ගුද මාර්ගය ද හකුලුවා ඉහලට ගෙන පපුවටම ගන්න. නැවත එතන තත්පර 15ක් තබා සෙමින් සෙමින් නහයෙන් පිට කරන්න.

මේ යෝග ව්‍යයාමය මෙසේ දස වරක් කරන්න. ආරම්භයේ දී සමහර විට ඔබට මේ ආශ්වාස වායුව ප්‍රාශ්වාස කිරීමෙන් අනතුරුව ඊලඟ ආශ්වස (දීර්ග හුස්ම) ගැනීමට පෙර කෙටි හුස්මක් ගැනිමට සිදු වනු ඇත. නමුත් ටික දිනක් පුරුදු පුහුනු වන විට ඒ තත්වය මඟ හැරී  යනු ඇත. මෙසේ දස වරක් මේ ව්‍යයාමය සම්පූර්න වනවිට ඔබේ සිරුරෙන් සිහින් දාහදියක් පිට වනු ඇත.

 මේ සඳහා ඔබට නිදි ඇඳේම ගතවනුයේ විනාඩි 10ක් පමනයි.
දැන් ඇ‍ඳෙන් නැගිටින්න. හොඳින් කට සෝදන්න. ඔබේ පූජසනය අසලට ගොස් නමස්කාර කොට කලින් දින රාත්‍රියේ තැබූ පැන් බඳුනේ පැන් ඔබේ බාජනයකට වත්කරගන්න. ඉතිපිසෝ, භගවා, අරහං....ආදී  නව ගුණ පාඨයෙන්  යටත් පිරිසෙයින් තුන් වරක්  පැන් වලට මතුරා සියලුම පැන් පානය කරන්න.  *බුදු ගුනයට වඩා උතුම් ශක්තියක් මෙ ලොව තවත් නැත මේ පැන් පානය කිරීමෙන් මගේ ශරීරය වර්ධනයවී නීරෝගී වන බව මම දනිමි* යන සිතුවිල්ලෙන් යුතුව පානය කරන්න. ඉන් පසු නැවත නින්දට නොගොස් වෙනත් වැඩක යෙදෙන්න.

ඔබ පැන් බඳුනේ සියල්ලම පානය කල බැවින් විනාඩි 45ක් තුල වෙනත් කිසිම ආහාරයක් නොගන්න.
මෙම ව්‍යයාමය දින 21ක් නිවැරදිව නියමිත වෙලාවට කිරීමෙන් එහි යහපත් ප්‍රතිඵල ඔබටම දැනෙනු ඇත. මස් මාංශ වලින් තොර එලවලු පමනක් ආහාරයට ගනී නම් තවත් යහපත් .

                                                                                    ************************************************************
අපට නොපෙනෙන ලෝකය (දෙවන කොටස)
"රේරුකානේ චන්ද විමල" මහ නා හිමි විසින් කථිත නිවනට මග......
කතෘ : - "මතුගම මහින්ද විජේතිලක".**
                                                         **යන කෘතියෙන් උපුටා ගන්නා ලදි

                                                                                                            ** බ්ලොග් කරනය  "යොමාල්"

No comments:

Post a Comment