Loading...

Saturday, March 26, 2016

ඔයත් පදිරි නැද්ද කෙල්ලොන්ට එහෙනම් ඔයා තමා මේක කියවන්න ඕනි...

හරි ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ආවෙ. හිතේ ගොඩාක් දේවල් තියෙනව ඒත් මොනා ලියන්නද කියල හිතාගන්න බෑ....... ඉන්න කල්පනා කරල බලනකන්,,. හරි මතක් උනා... කෙල්ලන්ට පදිරි නෑ කියල ගොඩක් උන් දැන් කෑ ගහන නිසා ඒක ගැන කවුරුත් හිතන්නෙ නැති දෙයක් කියන්නම්.....


                       ඇත්තටම ඔය ආකල්පෙ ගොඩක් දුරට හරි කෙල්ලව ටෝක් කරන කාලෙදි. ඒ කියන්නෙ මොනා උනත් කොල්ල ලොකු සීන් එකේ තමන්ගෙ කැමැත්තට වැඩ කරනවට කොච්චර නෑ කිව්වත් කෙල්ලො කැමතී... ඉතින් මෙහම වෙලා කෙල්ලව වැටනව කොල්ලට ඊට පස්සෙ ටික කාලෙයක් යනකොට අර කලිං ආකල්පෙ ඉන්න කොල්ල දිගටන ඔය ලොකු සීන් එකේ ඉද්දි කෙල්ල ප්‍රශ්න ඈති කරන්න පටන් ගන්නව. . ඕක සරලව කියනව නම් කොල්ලන්ට අමතක වෙනව කෙල්ල ගැන හරියට හොයල බලන්න ඒකිට ඕනි ආදරේ හරි විදියට දෙන්න... මෙතන සීන් ගොඩයි ඉන්න කියන්නම්..,,,,

  ම්ම්හ් සමහරු කෙල්ලට නිදහස දෙන්නෙ නෑ.. අම්ම තාත්ත එක්කවත් පාරට බහිනවට කැමති නෑ. ඕක සමහරුන්ගෙ ආදරේ වැඩි උනාම තමයි ඇති වෙන්නෙ...ඉතිං මේ තත්වෙ උඩ සමහර කෙල්ලොන්ට කොල්ලෙක් කතා කරත් තමන්ගෙ කොල්ලට කියන්න බයයි මොකද රන්ඩු කරන නිසා... ඊට පස්සෙ ඕක මාට්‍ටු උනාම කෙල්ල චීට් කරා කියල පිස්සු කෙලින උන් ගොඩක් ඉන්නව... ඒත් ඌ දන්නෙ නෑ වරද්ද ගත්තෙ ඌ කියල ඔය කාරනෙදි, ඌ මුල ඉඳන්ම කෙල්ලගෙ ඔලුව අතගාල හැම දේම බෙදා ගත්ත නම් ඒකිට සීමා සහිත නිදහසක් දුන්න නම් ඔහොම වෙන්නෙ නෑ මොකද එතකොට කෙල්ලගෙ කන ලඟින් මැස්සෙක් ගියත් කෙල්ල ඒක කියන නිසා ඌට අවස්ථාව තියෙනව අනවශ්‍ය දේවල් අයින් කරල දාන්න..  ඒ වගේම කෙල්ලගෙ හිතේ තමන් ගැන තියන්න ඔනි බයක් නෙමයි ගෞරවයක්... එතකොට හරි චූටි බයක් තිබ්බට අවුලකුත් නෑ..  අනිත් එක විශ්වාසය ඔය විශ්වාසය තියෙනව නම් කෙල්ල කොහොම හිටියත් මොකෝ තම් දන්නවනෙ ඉතිං තමන්ගෙ කෙල්ල ගැන..   ඒ වගේම හැම වෙලාවෙම ආදරෙන් ඉන්න ඕනි ඉඳල හිතල රන්ඩු වෙන්නත් ඕනි.. කෙල්ලො කැමති වෙනසකට ඉතිං ඔය වෙනස රන්ඩුව තුලින්ම දෙන්නත් පුලුවන්.. අනිත් එක ඒකිට ගහන්න එපා ඒක තමා ඔයා කරන පොන්නම වැඩේ... පිරිමියෙක්ට ඕනිම දෙයක් හදවතින් කියල දෙන්න පුලුවන් අත පය පාවිච්චි නොකර..,

 හරි දැන් කියන්නම් වැදගත් දෙයක් හැම රිලේශන් එකක්ම පරන වෙනකොට ඇති වෙනව මෙහෙම ප්‍රශ්නයක්,,. ඒක (ඔයා මන් කියන දේ අහන්න ඕනි, නැ ඔයා මන් කියන දේ අහන්න ඕනි) මෙන්න මෙතන මීටරෙන් ගේම ගහුවෙ නැත්තන් වෙදනාව තමා.. කාලෙයක් යද්දි කෙල්ලගෙ හිතේ ආදරේ වැඩි වෙද්දි  කෙල්ල කොල්ලට නීති දාන්න එනව , ඉතිං ගොඩක් කොල්ලො මේකිට පදිරි නෑ කියල ඒකි කියන දේ අහනෙම නෑ... මෙතෙන්දි තමා කෙලගන්න පටන් ගන්නෙ දෙන්න එක්ක.. මෙතන කෙල්ල සම තැන ඉල්ලනව කියන්නත් පුලුවන්.... මම හැම සාර්තක සතුටින් ඉන්න පවුලකම දැකල තියෙනදේ තමා ගෑනි තීරන ගන්නව ඒ උනාට මිනිහ පැත්තක ඉඳන් ඒ තීරනේ වැරදි හරිගස්සනව. ඒ වෙලාවට හිටපු ගමන් වලියක් ගියත් මිනිහ ඒක පැහැදිලි කරල දුන්නම ඒක හරියනව..

මෙතන කෙලිංම කියනව නම් වෙන්න ඕනි උඹල කෙලගන්න එක නෙමෙයි. උඹල දෙන්න හදන්නෙ ජීවිතේ බෙදාගන්න එතෙන්දි උඹ ඒක කෑල්ලට කියල දියන් ඊට පස්සෙ ප්‍රශ්නෙකදි උඹල දෙන්නම එකට කතා කරපන් ප්‍රශ්නෙ ගැන ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා තීරනයක් ගනින් මෙතෙන්දි උඹ ගන්න තීරනේ වැ‍රැද්දක් කෑල්ල පෙන්නනව නම් ඒක හ්ගරිද කියල බලල පිලි ගනින්, කැල්ල ගත්ත තීරනයක් වැරදී වගේ පේනව නම් ඒකත් කියල දියන්.    කෑල්ලට උඹව පාලනය කරන්න දෙන්නත් එපා කෑල්ලව උඹ පාලනය කරන්නත් එපා free mind එකේ ඉඳපන්.. කෙල්ල දාල යන්න හදනව නම් ඉතිං පලෙයන් කියල පාඩුවෙ ඉඳහන් අන්න ඒකයි පදිරි නෑ කියන්නෙ නැතුව උඹ ලෝඩ් වෙන එක නෙමෙයි... මගේ හිතේ තියෙනව තව දේවල් ගොඩක් වචන වලට පෙරලන් විදිය තමයි හිතාගන්න බැරි.. ඔය විදියට හිටියොත් කෙල්ල උඹට ගොඩක් ගරු කරන්න පටන් ගනී..  උඹට කැමති විදියට ඉඳපන් ඒකට කෙල්ල එපා කියනව නම් සාධාරන හේතු අහල විසඳ ගනින් ප්‍රශ්නෙ. මේ  කියන දේවල් බොරු නම් රන්ඩු වෙන්නෙ නැති ජෝඩුවක් හොයල අහල බලපන් මේ බොරුද කියල........ මේ ස්වභව ධර්මයට අනුව මිනිහෙක් පවුල් කන්න ඕනි විදිය Rastha mind එකෙන් උඹලට සරලව කිව්වෙ .. කවුරුවත් කියන දේවල් අහල අන්ධ වෙන්න එපා බුදු දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාවෙ ඉඳහන්..., ඒකිව අවිශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්නත් එපා.. එතකොට ඔයාට දුකක් දැනෙන එකක් නෑ.... හිතේ බීසනෙන් ඉන්න උන් මේක හොඳට හිතට ගත්තට අවුලක්ම නෑ....

                                  .............යොමාල්............

No comments:

Post a Comment