Loading...

Wednesday, November 29, 2017

නෑමේදී ඉක්මනින් කොන්ඩෙ වැවෙන ඖෂධ කිහිපයක්..

.අපි සබන් වල විෂ සහිත බව නිසා ඇගේ ගාන ඖෂදයක් ගැන කතා කරා කලිං පෝස්ට් එකක., ඒක බැලුවෙ නැත්තං මෙතන. කොටන්න...,  අද බලමු කොන්ඩෙට මොකෝ කරන්න තියෙන්නෙ කියල,. සබං වගේම තමයි ඊටත් වඩා විෂ සහිතයි ෂැම්පො.



ඉතිං මේ ෂැම්පො තමාගෙ ශරීරයේ ඉතාම වැදගත් කොටසට දාල මසාජ් කරා මෙච්චර කල් අපි. ඔය විෂ සහිත රසායන හිස් කබලට උරා ගැනීම නිසා ඉක්මනින් කොන්ඩෙ ඉදීම, කෙස් ගස් වල ස්වභාවික වර්නය සහ ඝනකම වෙනස් වීම, හිසරාදය, සෙම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම වගේ දැවෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු උනත් අපේ උං එහෙම වෙන්නෙ
ෂැම්පො නිසා කියල දන්නෙ නෑ. හොඳයි. මෙන්න මේ මම කියන බෙහතෙන් නාද්දි ඔලුව හේදුවම ඔලුවෙ බැඳිල තියෙන දූවිලි අංශු, දුම කාබන් අංශු ඔක්කොම ඉවත් වෙලා හිස් කබල සිසිල් කරල ස්නායු වල පනිවිඩ යැවීම වෙගවත්  කරයි හිස් හොරි නැති ,කරයි..


අවශ්‍ය ද්‍රව්‍ය
                      අරළු
                        බුලු
                       වියලි නෙල්ලි
                          කෝමාරිකා
                              උලුහාල්

මේ ඖෂධ ටික ටික ඇගිලි තුඩු වලට අසු වන ප්‍රමානයෙන් ගෙන මැටි මුට්ටියකට දමා තම්බන්න , කෝමාරිකා කෑල්ල දෙකට පලා දැමිය යුතුයි, මෙහෙම හොඳට උතුරනකං තම්බගෙන නිවෙන්න අරින්න. ඉන් පසු සාමාන්‍ය විදියට නාන්න පටං ගෙන ෂැම්පු ගාන වෙලාවේ ෂැම්පු වෙනුවට මේ හොඳින් තැම්බුන ඖෂධ ගෙන ඔලුවේ අතුල්ලා හොඳට සම්භාහනය කරන්න ඉන් පසු අර තැම්බී කහට උන වතුර ටිකෙන් හිස සෝදා නැවත් සම්භාහනය කරන්න., හරි දැං පිරිසිදු වතුරෙන් නැවත නාන්න, අතුරු ආබාධ නැත. මෙ ඖෂධයට කොන්ඩෙ අසාමාන්‍ය ලෙස ගැලවීමට පටං ගනී නම් ඖෂධය නවතා, බඩ විරේකයක් ගෙන නැවත භාවිතා කරන්න..,

මෙසේ බඩ විරේක කිරීමට නොහැකි අයෙක් වෙත් නම් මේ ඖධය පාවිච්චි කරන්න.

උළු හාල්
වියලි නෙල්ලි( නෙල්ලි නතුවද කමක් නැත )
දෙහි


මේ ඖෂධ ද පෙර ලෙසම තම්බාගන්න, ඉන් පසු පෙර කී ලෙසම හිස සේදීමට භාවිතා කරන්න, මෙය ඉක්මනින් කොන්ඩෙ වැවීමට ,හිස් කබලේ තෙතමනය පාලනය, සහ හිස් හොරි සුව වීමට ප්‍රමුඛව භාවිතා කරන ඖෂධයකි.
මේ සඳහා තවත් බොහෝ ඖෂධ ඇත, මේ ලේසියෙන් සපයා ගත හැකි ඖෂධයි..,.

නීරෝගි හිසක් අවැසි අය පාවිච්චි කරන්න..



No comments:

Post a Comment