Loading...

Saturday, December 23, 2017

ඖෂධ භාවිතයෙන් ලෝහ පිරිසිදු රත්තරං බවට පත් කිරිම ගැන ඇසූ කතාවක්.

මේක මේ මෑතකදි දැනගත්ත කතාවක්, බලමු අපේ මිනිස්සු කොච්චර ශක්තිමත් ද කියල.., සහ මේක මෑතකදි සිද්ධ වෙච්ච කතාවක්,,. කොල්ලො ටිකක් ගිහිල්ල තියෙනව කතරගම, ඉතිං කතරගමදි පෝරවල් ලගෙ ‍ෆිට් එකක් සෙට් වෙලා උංගෙ ප්ලේස් එකේ නැවතිලා මේ කට්ටිය,. මේ නැවතුන ප්ලේස් එකේ ඉඳල තියෙනව සාමි කෙනෙක්, ,.. අරූගෙ ‍ෆිට් එකක් සාමි,.

ඉතිං මේ කොල්ලො එක්ක ඔහොම සාමිත් හිමීට යාලු වෙලා ඉන්නකොට එකෙක්ට ජොයින්ට් එකක් ගහන්න ඕනි කිව්වලු ,. මේ කොල්ලො ටික හදිස්සියෙ අරූගෙ කන්ටැක්ට් එකට ආවට සල්ලි වැඩිය ගෙනල්ලත් නෑ,,. ඉතිං අරූ කැටේ හල හල දුක් විඳ විඳ ඉද්දි අර සාමි ඇවිල්ල ඇහුවලු සීන් එක, ඉතිං මු ඇඹරි ඇඹරි ඕනි කම කිව්වලු.. සාමි ඇහුවලු තඹ කාසියක් තියෙනවද කියල. අර යාලුව ඉතිං තඹ සත5 කාසියක් හොයල දුන්නලු මේ සාමි ඒලියට බැහැල පාර දිගේ ඇවිදගෙන ගියාලු, කොල්ලො ටික පස්සෙන් ගියාලු,,. මෙහෙම යද්දි අර සාමි ගහක කොලයක් කඩල අර කාසියේ අතුල්ල අතුල්ල ඉන්නව දැක්කලු අර කොල්ලො,. මෙහෙම කරල එක පාටම හැරිල කාසිය දුන්නලු කොල්ලොන්ට, අම්මට සිරි..,! කාසිය රත්තරං පාට වෙලා,. මුං ටිකට ඉතිං පිස්සු වගේ වෙන්න ඇති ඒක දැක්කම,. මුං ඩොං ගාල රත්තරං බඩු කඩේට ගිහිල්ල අරක දුන්නව රත්තරං බඩු කාරය බෑ කියල, ඇයි අර ඌට සැකයි ශත්5 කියල කාසියෙ අකුරු තියෙන නිසා, පස්සෙ මුං ගේම ඉල්ලල අරූට ගහන්න යද්දි ඌ ගලේ ගාල බලල කාසිය, පිරිසිදු රත්තරං කියල හඳුන හත්තත් ඌ අදි මදි කර කර  අරං තියෙන්නෙ, රු5000ට...! හිතල බලාපල්ල අන්න එහෙම දෙයක් හොයාගන්න..!!!!
තව ක්‍රමයක් තියෙනවලු බෙලි ගෙඩියෙ දාල කරන විදියෙ එකක්...!!!!

2 comments:

  1. රස විද්‍යාව කියලා හොයලා බලන්න

    රාවණගේ රස විද්‍යාවේ ලෝහ වේදය කොටස ඇතුලේ තියෙන්නේ ලෝහ පරිවර්තන ක්‍රමවේද තමයි

    පරණ ශ්ලෝක තියෙනවා ලංකාවෙ තමයි පිරිසිදුම රත්තරන් හැදුවේ කියලා

    මේ සම්බන්ධව ඔයා දන්න තව කරුණු කාරණා තියෙනවා නම් තවත් post එකකින් ඉදිරිපත් කරන්න

    අර පූසාරි තුමා පාවිච්චි කරපු කොල වර්ගය මොකක්ද කියල පුළුවන් නං හරියටම හොයලා කියන්න

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. පූජක තුමා පාවිච්චි කරපු ශාකය එතන හිටි අයට මතක නැහැලු,,. සාර්ථක ක්‍රමයක් හොයා ගත්තොත් පෝස්ට් එකකිං ඉඟි සහිතව දාන්නම් ඕනි අයට කතා කරල ගන්න පුලුවං වෙන්න, සිංහලයෙන් පිට දීම සුදුසු නැති නිසා

      Delete