Loading...

Friday, January 12, 2018

තොල රවටා දුම් බීම නවත්වමු?


අවුරුදු 4කට විතර කලිං කරපු ගවේෂනයක ප්‍රතිඵල විදියට තේරුම් අරං අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත ක්‍රමයක් කියන්න යන්නෙ, දුම් වැටියකට ඇබ්බැහි උන කෙනෙක්ගෙ හිතට දැනෙන ,
ඇති වෙන සිතුවිලි ඇතිවෙන්න ශරීරයේ යම් යම් ස්ථාන වලට දුම ගෑවෙද්දි ඇති වෙන දැනීම් බලපානව කියන එක පදනම් කරගෙන විමසල බලද්දි,,, නෑ පොඩ්ඩක් ඉන්ඩ මම කියන්නම්,,.
                                            පෙන හලු වලට දැනෙන දේත් උගුරට දැනෙන දේත්  දිවට දැනෙන දේත් හොඳට ගහන ඩයල් එකකට හොඳට දැනෙනව, ඒත් හැමෝටම දැනුනත් වැඩිය ගනං ගන්නෙ නැති තැනක් තියෙනව,,. ඒ තොල් දෙක,.  අර කලිං කිව්ව තුනටම ඇබ්බැහි වෙලා කියල හැමෝම හිතුවත් ඒකෙ වැඩි ප්‍රතිශතයක් තොල් දෙක ගන්නව,,.

මේ තොලේ තමයි අර ඕනි ඕනි කියන එක ඇති වෙන්නෙ උදා..:- ඇඟිල්ල උරන ඩයල් එකට හැම වෙලාවෙම නොදැනීම ඇඟිල්ල කටට යනව වගේ සිගරට් කාරයගෙත් තියෙන්නෙ අර ඇඟටම ආපු පුරුද්දක්..,  ! 
                                                      අන්න ඒ නිසා අපි මේ පුරුද්ද එහෙම්ම තියෙන්න දීල මේකට ආදේශ කරනව වෙන දෙයක්. 
                                                              උදා:- බිරිඳ ඔබව බදාගෙන නිදාගෙන ඉද්දි ඔයා හිමින් සීරුවෙ ඇයගෙ අත් දෙක මැද කොට්ටෙ රඳවල මාරු වෙනව වගේ!   කොහොම උනත් මම අත්හදා බැලුව පොඩි දෙයක්  ඒ තමයි කෝ‍ටු කැල්ලක්, ( ටූත් පික් එකක්) මේ වගේ කෝ‍ටු කෑල්ලක් සෙට් කරගෙන  ඒක තියාගෙන ඉන්න ආපහු සිගරට් එකක් බොන්න හිතෙන වෙලාව වෙනකං, සිගරට් එකක් ඕනි කියල දැනෙනකොට අර කෝ‍ටුව ගහගන්නව කටේ,,
                               තොල් දෙක අතරෙ රඳව ගෙන ඉන්න කොට අර සිගරට් සික් එකේ දුකට පොඩ්ඩක් ( හම්බුනා) වගේ දැනෙයි., මෙන්න මේ වෙලාව ක්‍රියාත්මක කරන්න ඕනි සිගරට් බොන්න හොඳ නෑ නවත්තල දානව කියන අධිශ්ඨානය,. ( වැඩේ පටං ගන්න කලිං ඉඳං සිගරට් නවත්තනව කියන හැඟීම තියෙන්න ඕනි, නැත්තං ඉතිං කරන්නෙ නැනෙ කවුරුත්,),. තොලට දැනුන ගමං හරියනව, අමාරුව අඩු වෙනව (ෂේප් වෙනව) කරල බලන්න,,.. ජයයි,,.!

1 comment: