Loading...

Saturday, January 13, 2018

පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?


අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව,. නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්,, 
                                            මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාර්ර්ය උනත්
මේ දෙකට භාවිතා කරල තියෙන ක්‍රම දෙක අහස පොලව වගේ වෙනස්,,. අන්න ඒ වෙනසදි අපේ ස්වදේශී අමුඩයෙන්  ඉතාමත් විශිශ්ඨ  විදියට  ඒ කාර්ර්ය ඉ‍ටු උනත් පටි ජොකාගෙ අතුරු අන්තරා ගොඩයි,,
                                     අපි මුලින් බලමු පටි ජොකා අපේ ඇඟට තද වෙන විදිය,. පටි ජොකාගෙ තද ඉලාස්ටික් පටිය මුලින්ම ඉනට තද වෙනව,.  ඒකෙදි ඉනේ සම සම්පීඩනයකට භාජනය වෙනව වගේම සිහින් නහර වලට රුධිර පීඩනය අඩු වීම, වගේම සමහර තැන් වලට වැඩි වීම සිද්ධ වෙනව , මේ නිසා ඒක ගලවපු ගමං එතන රතු වෙලා පාර හිටල තියෙනව දැක ගන්න පුලුවං.,
                                   ඊලඟට තට්ටම් දිගේ ඇවිල්ල ඉකිලියට යටින් යන පටි දෙක , මේ පටි දෙකට කකුලේ කලව මුල, (කකුලේ ගුද මයිල් ඇති තැන) තද වීම සහ දාඩිය උරා නොගැනීම නිසා කැපී යන්න පුලුවං වගේම ඟද වෙනව, සහ මජං වගේ කුනු එකතු වෙනව,,.! 
                            ඒ වගේම ඉස්සරහ පැත්තෙන් මේකට හිර වෙන්නෙ වුෂන කෝශ විතරක් නෙමෙයි "මල්ලිත්" හිර වෙනව, මේ ඔක්කොම එකට හිර කරගෙන බර උස්සද්දි හෝ වෙන ක්‍රියාවක් කරද්දි මල්ලිගෙ සාමාන්‍ය රුධිර  ධාරිතාවය සම්පීඩනය හේතුවෙන්  අඩු වෙලා මල්ලි ඇකිලෙනව, ජිම් යන කොල්ලො ඔය දුක කියනව ඇහිලත් ඇති සමහර විට,. ! ඉතිං ඔය ටිකක් විතරයි තව තියෙනව,,.
                                 ඒත්  දැං අමුඩෙ ගැන බලමු..  අමුඩෙ ගහද්දි ඉනේ නූල බැඳල,  අමුඩ ලේන්සුව අරං පස්ස පැත්තෙ කුපේ දාරෙ මැදින් තියල අර නූලට කොනක් යට කරනව,  ඊට පස්සෙ අරගෙන ..ට දෙකයි මල්ලී හොඳට අහු වෙන විදියට කකුල් දෙක මැදින් අරගෙන අර නූලෙ යටින් දාල ඉස්සරහට කරල විහිදවනව,,. 

මේකෙදි ශරීරයේ කිසිම අවයවයකට අනවශ්‍ය විදියට තදවීමක් ඇති වෙන්නෙ නෑ මල්ලිගෙ ලේ ටික තද වෙලා ඇතුලට යන්නෙත් නෑ, ල..බ බහින්නෙත් නෑ, ඒ වගේම උදේ පාන්දර අව්වෙ අමුඩෙ ගහං වැඩ කරද්දි ඒ මිනිහ පුදුම පෝෂනයක් ලබනව මුලු සිරුරම පිරිසිදු වාතයට සහ ඉර එලියට නිරාවරනය වීමෙන්,.
                                                       දැං සුද්ද  වගේ ගෑනු අඳින ජංගිය ටිකක් ඝන රෙද්දකිං මහගෙන අඳිනව  අපි, විලි ලැජ්ජයි යකෝ, අපේ මහා සංස්කෘතියෙ අපි නොසිතන පැති ගොඩකිං හිතල මේව නිර්මාණය කරල තියෙන්නෙ අපේ යහපතටම බව මතක තියාගත යුතුයි,,.
           දැං අමුඩෙ ගහගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හැම තැනම නැති උනත්, තාම එහෙම ඉන්න පුලුවං තැං තියෙනව අන්න ඒ තැන ඉඳං අඟලෙන් අඟල අමුඩය භාවිතය ව්‍යාප්ත කල යුතුයි..,.  අමුඩය කියූ කල හිනා  යන්නේ අතීතයේ පර දේශක්කාර සම්භවයකට  උරුම කම් ඇති අයටයි,,.!

7 comments: