Loading...

Wednesday, January 17, 2018

මෙටල් අහන කොට ඇති වන හෘදස්පන්දන වේගය කොතරම් දුරට හිතකරද?


හැමෝම කියනව රොක් මියුසික් හදල තියෙන්නෙ ඒකෙ බීට් එකට මිනිස්සුන්ගෙ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න කියල, ඒ වගේම මෙක හොඳ දෙයක් කියන පිරිසට එහා පැත්තෙන් තවත් කට්ටියක් කියනව මෙටල් ඇහුවම පිස්සු හැදෙනව කියල,,. හොඳයි එහෙම නම් අපි හිතල බලමු පිරිසකට ඒක ගොඩක් රසවත් සහ තවත් පිරිසකට ඒක පිස්සු හැදෙන්න හේතුවක් වගේ පේන්නෙ ඇයි කියල සහ දෙගොල්ලොන්ටම හිතකර  මොන වගේ දෙයක්ද කියල,,.!
   මම හොයාගෙන ගිහිපු විදියට ගොඩක් අයට පලවෙනි පාරට මේ වගේ සංගීතයක් අහද්දි ගෝෂාකාරි වගේ හැඟීමක් ඇති වෙලා,. ඔලුවෙ කැක්කුමක් හැදෙනව,,.
නමුත් මේ ‍රැල්ලට ආස නිසා දිගටම අහද්දි ක්‍රමයෙන් මේ ගෝෂාකාරි අපැහැදිලි බව පහ වෙලා ගිටාර් පාට්, ඩ්‍රම් සද්ද පැහැදිව ඇහෙන්න පටං ගන්නව,. ඉංග්‍රීසි තේරෙනව නම් උං යටිගිරියෙන් කෑ ගහල කියන දේත් තේරෙන්න පටං ගන්නව,.
                                    ඒ වගේම තව පිරිසක් ඉන්නව මේක අහන පලවෙනි දවසෙ ඉඳල මේක මරු කියල හිතන,,.
                                       මෙන්න මේ කියන ශබ්ද රටා එක්ක පුද්ගලයගෙ සිතිවිලි ප්‍රතිචාර දක්වීම අර කලිං කිව්ව පිරිසට මුලිං වේදනාවක් උනාට පස්සෙ පස්සෙ ඒකෙ අමුතු සැපක් තේරෙන්න පටං අරං ඒක කනට ඇහෙන වෙලාවෙ තමංගෙ ලෝකෙ තමංගෙ දේවල් ගැන විවිධ දේවල් හිතේ මැවෙන්න පටං ගන්නව,, සමහරු මේකට හීන උන්මාදය කියලත් කියනව,.. ඒක නරක දෙයක් කියල කියනව නෙමෙයි,,. නමුත් නරක දේකුත් තියෙනව,,. නරක ගැන කතා කරොත් මේ රිද්මයත් එක්ක දිගටම ඉද්දි පුද්ගලයාගෙ මනස අමුතු කලබල කාරී ගතියක් පෙන්නනව, අනිත් උංව රුස්සන්නෙ නැති. සමහර වෙලාවට ඔලුව ඇතුලෙ කිච් කිචි වගේ දැනෙන ,,. මනසේ මහා පීඩාකාරී ගතියක්, සහ ඉදිරි පියවරේදී මොනව කරන්නද කියල අවිනිශ්චිත භාවයකට පුද්ගලයා නොදැනීම පත් වෙනව,,.
මෙන්න මේ විදියට වෙන්නෙ කලිං සාමකාමී සිතුවිලි තිබුන කෙනාට,,,.

                       දැං බලමු අර අහපු වෙලේ ඉඳං හොඳයි කියල හිතුන කෙනා ගැන,,.
           එයාට තියෙන්නෙ වෙනම කතන්දරයක්,. ඒයා මූල බීජ, සහ සංසාර පුරුද්දෙන්  උපතේ ඉඳංම ස්වභාවයෙන්ම කලබල කාරී  සහ මිලේඡ සිතුවිලි ඇති කෙනෙක් ( බහුතරය),,.
ඉතිං මෙයාට මේක රිලවට ඉනිමග බැන්ඳ වගේ,,. අහන්න අහන්න වෛර සිතුවිලි වල රසයම විඳිනව,. මේක මාහා රසයක් වගේ තමයි දැනෙන්නෙ ඒ වෙලාවෙදි,,.! කියන්න දෙයක් නෑ උඹල දැකල ඇතිනෙ මෙහෙම ඩයල්,,.
 ඒ වගේම මානසික සහනය පතා විවිධ මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙනව
                   ඉතිං අර කලිං කිව්ව ව්‍යාකූල තත්වයට පත් වෙලා ඒක යන්තමට තේරුන අය තමයි ඒක ඇහුවම පිස්සු හැදෙනව අහන්න එපා කියල කියන්නෙ ගොඩක් වෙලාවට..,!
                                 
                                              කොහොම උනත් මම දකින විදියට මේ සංගීතයෙ වරදක් නෑ ඒක නිර්මාණය කරපු රටට,,. නමුත් මේ රටේ සමාජය, දේශගුනය (රටේ ඌශ්නත්වයට අදාලව අර්ථ දක්වා ඇත), භූමි ගුනය , ධවනි ගුනය( වාතයේ පීඩනයේ ඇති වෙනස් කම් පදනම කරගෙන අදහස් කර ඇත.) සලකා බලනකොට මේ රටේ අය මේව ඇහුවොත් සනීප කරගන්න බැරි විදියෙ රෝගයක මුල මේ සංගීත ශෛලය නිසා නිර්මාණය වීමේ සම්භාවිතාවය වැඩි අගයක් ගන්නව,...,!
                                                      නමුත් අපේ රටේ උදවියට අර මානසික උත්තේජනය ලබා ගන්න මෙටල් වලට වඩා ප්‍රබල හොඳ ක්‍රමයක් සංස්කෘතිය තුල අතර්ගත වෙනව,,. ! ඒ මොකක්ද කියනව නම් ස්වදේශික බෙර හඬයි,,.!
 උදා:- යක් බෙර හඳ ඇහෙද්දි තමංට නොදැනීම අඩි තියවෙන්නෙ බෙර තාලෙට, ,,,./ පෙරහැරේ බෙරකාරය ලඟින් යද්දි බෙර හඩට පපු කැහුතු දෙදරනව දැනෙනව, ඔයාලටත් දැනිල ඇති,,. ,..!
                                                         ඉතිං ඒ වගේම අපිට බෙර හඬ ඇහෙද්දි මයිල් කෙලිං වෙලා යටි බඩේ ඉඳං පපුව මැදට පුදුම සනීපයක් ගමං කරනව දැනිල ක්‍රියා කාරීත්වය උපරිමේටම නගිනව, ඒක මොන වගේද බලන්න නම් බෙරේ විඳින්නම ඕනි,,.
ඕන තරම් බෙර තාලයට ගහපු සින්දු , යාග කවි, වගේ දේවල් යූ ටියුබ් එකෙන් බාගෙන තනියම ඉන්න වෙලාවක අහල බලන්න මම කියන්නෙ බොරුද කියල...!!!!

2 comments:

  1. මෙටල් ඇහුවම ඔහොම වෙනව නං දැං කොහෙද බන් අපි ඉන්නෙ?? එහෙනම් මෙටල් අහන ඔක්කොම උන් ඔක්කොම කෙසේවෙතත් බහුතරය මානසික ලෙඩ්ඩු නැත්තං කුඩු කාරයො මිනීමරුවො වෙන්න ඕන....මම අදුනන මෙටල් අහන එවුන් වැඩි දෙනෙක් අරක්කු ටිකක් වත් කටේ තියන්නැති බොහොම වැදගත්විදිහට සමාජෙ ජීවත් වෙන චරිත .... ඔය ඔක්කොම ඒ මොහොතෙ ආවේගය බන්...අනේක් පැත්තෙන් ඒ වචන අරගෙන බැලුවොත් ආගම, දේශපාලනය වගේ දේවල් සම්බන්ධ විවේචනත් ජීවිතේ අදුරු පැත්ත ගැනත් තමා කියන්නෙ...මම නිරාගමික නොවුණත් එව රසවිදින්න මට එක බාධාවක් නොවේ... මොනා වුණත් මෙටල් අහන කෙනෙක් විදිහට අන්තිමට කියන්නෙ ඒ මියුසික් නිසා ඔය කියන තරම් බලපෑමක් වෙන්නෑ කියල.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝදරයා, නමුත් ඒ මොහොතේ ඇතිවෙන ආවේග වල පසු ප්‍රතිඵලය කර්ම විපාකය කොච්චර හොඳට හිටියත් කවද හරි විඳින්න වෙනව

      Delete