Loading...

Wednesday, January 3, 2018

කවදාවත් බැට්‍රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු...!


මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්‍රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්‍රි දාන එක අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට් එකේ කියන්න යන එක තියෙන්නෙ..,!
                                                                     මේක නොමිලේ (‍ෆ්‍රී පවර්)..,
! මේ ඔරලේසුවෙන් අයින් වෙලා හැට පැයට වෙලාව බලනව නම් තමයි හොඳ, මම කැමතිත් එහෙම, නමුත් බහුතරයට උවමනා නිසා මම විකාරෙන් හදල අන්තිමට පත්තු උන ‍ෆ්‍රී පවර් ඔරලෝසුව දෙන්නම්..,!

හරි බලමු මොනවද මුලින්ම ඕනි වෙන්නෙ කියල..!
* වැඩ කරන ඔරොලෝසුවක්
* 1.5 රීචාබල් බැටරියක්.., (එච්චර ගානක් වෙන්නෙ නෑ, උපාංග කඩ වල තියෙනව).
* චූටි වයර්,
* බවුත් එකක් සහ ඊයම් තියෙනව නම් හොඳයි. ( බවුත් නැති උනත්  හරියට කනෙට් කරගන්න අටව ගන්න දක්ෂ වෙන්න ඕනි)
*රුපියල් 250හෙ සූර්ය කෝශයක් අඟල් 2 වෝල්ට් 4,, ( ඉලෙක්ට්‍රික් බඩු කඩවල් වල තියෙනව)
*පොඩි ඩයෝඩර් කෑලි දෙකක්, ( ඔය කොහේ හරි විසි කරපු බෝඩ් කෑල්ලකිං ගලවගන්න චූටි ඩයෝඩර් දෙකක්)

හරි, මේ ටික හොයාගෙන දැං අටවගන්න ඕනි,,  මුලින්ම ඔරලෝසුව අරගෙන දන අග්‍රය සම්බන්ධ වෙන තැනට අර ඩයෝඩර් එක පාස්සගන්න,,. පාස්සද්දි අර සුදු ඉර  පැත්ත යටට තියල කම්බිය පාස්සගන්න.!
                                                      හරි දැං ඔලලෝසුවෙ දන අග්‍රය වන ඔය පාස්ස (රඳව) ගත්ත  පැත්ත සෙලෝ ටේප් කෑල්ලක් ගහල වහන්න බැට්‍රිය කෙලිං (ඩිරෙක්ට්) ඔරලෝසුවෙ සම්බන්ද වෙන්නෙ නැති වෙන්න. මේ පින්තූරෙ බලන්න.!

   දැං ගන්න අනිත් ඩයෝඩර් එක ඒකෙ ඔය සුදු ඉර තියෙන පැත්ත (- අග්‍රය)  අර කලිං පාස්සපු ඩයෝඩර් එකේ පාස්සපු නැති කම්බියට (+අග්‍රයට) පාස්ස ගන්න රූපය බලන්න 

හරි දැං මේ එකතු කරපු කම්බි දෙක ඇතුලට නවන්න බැට්‍රිය දැම්මම  කම්බි වලට කනෙට් වෙන විදියට,,!  හරි ඔරලෝසුව හදල ඉවරයි,

දැං අර සූර්ය කෝෂය අරගෙන අව්ව හොඳටම වැටෙන තැන (වහලෙ උඩ වගේ) රඳවල ඒකට අර චූටි වයර් දෙක කනෙට් කරල  ඔරලෝසුව තියෙන තැනට සම්බන්ධතාවය අරං එන්න හරි දැං ඒකෙ දන අග්‍රය අර ඩයෝඩර් කැල්ලෙ නිකං තියෙන අග්‍රයට සම්බන්ධ කරන්න උඩ රූපයෙ වගේ, 

                           ඊට පස්සෙ සෘන අග්‍රය නිකංම ඔරලෝසුවෙ -සෘන අග්‍රයට  සම්බන්ද කරල බැට්‍රිය දාන්න, කවදාවත් ඔරලෝසුව නවතින්නෙ නෑ. ,,  දවල්ට චාජ් වෙන ගමං දුවනව, රෑට නිකං දුවනව,!!!

(මම හදපු එකේ සූර්ය කෝශය වෙනුවට පොඩි රෙසිස්ටර් එකකිං කරන්ට් එකට ගහල තියෙන්නෙ)

5 comments:

  1. පහුගිය දවස්වල අපට එක දිගට දවස් 5 වැස්සා. ඒ වගේ දවස්වලට බැටරිය චාජ් වෙන්නේ නෑ නේද? එතකොට ඔරලෝසුව නවතිනවනේ. ඉර එළිය නැතිව දවස් කියක් බැටරිය වැඩ කරනවද?

    ReplyDelete
    Replies
    1. ඉර එලිය නැතුව සාමාන්‍ය බැටරියක් වැඩ කරන තරම් කාලයක් වැඩ කරනව (මාස දෙක තුනක්),

      Delete
  2. සුපිරි වැඩක් මචෝ...! දිගටම ලියමු
    ජය වේවා!

    ReplyDelete