Loading...

Tuesday, January 30, 2018

ප්‍රෙශර් කුකර් එක ලීක් ද? එහෙනම් කියවන්න..



ප්‍රෙශර් කුකර් ලීක් වෙන්න හේතු  කිහිපයක් තියෙනව.
අ :- පීඩනය වැඩි වූ විට කඩාගෙන යන ඕෆ්ලෝ නට් එක කඩාගෙන යාමෙන්
ආ:-පියන වැහෙන තැනට එන රබර් රවුම කැඩිල යෑමෙන්

ඇ;- අන්ඩ සවි වන ඇන බුරුල් වීමෙන්
ඈ;- ඝන තහඩු සැකැස්ම හිල් වීමෙන්
 මේවගෙන් අ සහ ආ ප්‍රමුඛ වෙනව ආ වලට වඩා අ සිදුවන සම්භාවිතාවය වැඩී,,. ඉතිං මොකක්ද ඇත්තටම වෙන්නෙ,,.
                                               ඔය ප්‍රෙශර් කුකර් වල ආරක්ෂාව තහවුරු කරන්න ඒගොල්ලො හැදුව පොඩි සිදුරක්, ඒ කිව්වෙ විසිල් එක හදිස්ස්යෙ වත් හිර උනොත් උඳුන පුපුරා යන නිසා තව නට් එකක් දාල ඒකෙ මැදින් හිලක් හදල ඒ හිලට ගම් එකක් දාල වහල තියනව හදිස්සෙයෙ හරි විසිල් එක ඉස්සෙන එක හිර වෙලා පීඩනය වැඩි උනොත් අර ගම් එක කඩාගෙන යන විදියට,,!
                                                             
ඉතිං මෙහෙම උනාම ආපහු උයන්න බෑ , අර හිලෙන් වාශ්ප යනව ඇතුලෙ පීඩනයක් ඇති වෙන්නෙ නෑ,,. මේ කොටස ගලවල අතට ගන්න පුලුවං,  ඒ කියන්නෙ අලුතෙන් දාන්න පුලුවං කියන එක.,. නමුත් දුර බැහැර ඉන්න අපේ අම්මලට මේ කෑල්ල හොයාගන්න අපහසුයි,,. ඒ වගේම මේක සීල් කරන ගම් එකත් හොයාගන්න බැරි උනොත් ආපහු ඒ උඳුන පාවිච්චි කරන්න බැරි වෙනව,.  අන්න එහෙම උනාම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවං..

මුලින්ම හොයාගන්න ඕනි ඉලෙක්සිටි බෝඩ් කාරයො උංගෙ කේබල් බඳින්න ගන්න (කෙබල් වල එන) ඇලුමිනියල් කම්බි කෑල්ලක්,,
ඊට පස්සේ අර නට් එක ගලවල අතට අරගෙන ,

 අපි හොයාගත්ත කම්බි කෑල්ල ඒ හිලට දාල දෙපැත්තෙන්ම නූල් 2ක, 2 ක වගේ හිටින්න වාසි තියාගෙන කපාගන්න, ඊට පස්සෙ දෙපැත්තටම සමබර වෙන්න මිටියෙන් හිමින් තට්‍ටු කර කර රිවෙට් කරගන්න ඕනි.

මෙහෙම ගැහුවම ආපහු ලීක් වෙන්නෙ නෑ,

 ඊට පස්සෙ ඒක ආපහු පියනට හයි කරල හොඳට තද කරගන්න ඕනි,,,. සැයු,. මේක කරනව නම් හැමදාම පාවිච්චි කරන්න කලිං විසිල් එක හයි කරන කට අවහිරයක් නැතුව තියෙනවද කියල පරික්ෂා කල යුතුයි,,.( අර කුරට කට තියල පිඹල බැලුව නම් හරි)....! විසිල් එක ලඟ අවහිර උනොත් පුපුරා යාමට ඉඩ ඇත.., උයන විට මේ රිවට් එක බිත්තිය පැත්තට වෙන්න තියල පාවිච්චි කරන්න,

හරි ඊලඟට තියෙන්නෙ ආ,  ආ ගත්තොත් එහෙම හරි සරලයි ඒ රබර් වලල්ල කඩවල් වල තියෙනව, එහෙම දාගන්න බැරි නම් ඉතිං ටියුබ් කෑල්ලක් කපල තට්‍ටු හතර, පහක් එකට අලවල පාවිච්චි කරන්නත් පුලුවනි,,., ඇ සහ ඈ වගේ දෙයක් වෙලා තියෙනව නම් කරන්න තියෙන්න පාස්සගන්න එක තමයි ඉතිං..

No comments:

Post a Comment