Loading...

Tuesday, January 9, 2018

ෆොටෝ ෂොප් වලිං හොර සීල් ගහමු..


සමහර වෙලාවට අපි මොනව හරි වැඩක් කරද්දි එක එකාගෙන් සීල් ගහගන්න පුදුම දුකක් විඳින්න ඕනි,. මේක ලේසියෙන්ම කරගන්න පුලුවං මෙන්න මේ ක්‍රමයෙන්, එච්චර දෙයක් නෑ
බ්‍රශ් එකක් හදාගන්න විතරයි ඕනි, බ්‍රශ් හදන විදිය වෙනම ඉගෙන ගන්න ඕනි නම් විතරක් මෙතන ඔබන්න,,
                                      හරි පටං ගමුකො එහෙනම්,  මුලින්ම ෆොටෝ ශොප් එකට ගිහිල්ල  ctrl + N ඔබන්න ඊට පස්සෙ එන වින්ඩෝ එකේ  සීල් එක වදින්න ඕනි කොලේ සයිස් එක ටයිප් කරන්න , බැක්ග්‍රවුන්ඩ් කන්ටෙන්ට්ස් එක , ට්‍රාන්ස්පේරන්ට් දෙන්න,,. 
 ඊට පස්සෙ එනව  කො‍ටු කො‍ටු එකක් , දැං ටෙක්ස්ට් ටූල් එක ක්ලික් කරන්ඩ, ඔය වම් පැත්තෙ T  අකුරක් වගෙ තියෙන්නෙ ඒක තමයි,,. දැං සීල් එක වදින්න ඕනි විදිය ඒකෙ ටයිප් කරන්න  සරල ෆොන්ට් ඒකකිං

 හරි ඊට පස්සෙ marquee ටූල්  එක ගන්න හතැ‍රැස් විදියට සිලෙක්ට් කරන එක ( නිකම්ම M අකුර ඔබන්ඩ ටූල් එක එයි) දැං අර ටයිප් කරපු එක මාක් කරගන්න

 . දැං යන්න edit - define brush preset, ඕක තද කරාම මෙහෙම එකක් එනව

 ඒකට කැමති නමක්  ගහල ඕකේ කරන්න දැං හරි...  ඊට පස්සෙ අර ටෙක්ස්ට් ලෙයර් ඒක ඩිලීට් කරන්න ( මුලින් ට්‍රාන්ස්පේරන්ට් ගත්ත නිසා නිව් ලෙයර්  එකක් අරගෙන ටෙක්ස් එක ඩිලීට් කරන්න නැත්තං ඩිලීට් වෙන්නෙ නෑ)
                                                 හරි දැං ගන්න බ්‍රශ් ටූල් එක අරගෙන  රයිට් ක්ලික් කරන්න ඊට පස්සෙ එයි මෙහෙම එකක් ඒකෙ යටම ඇති ඔයා සේව් කරපු බ්‍රශ් එක ඒක ක්ලික් කරන්න

ඊට පස්සෙ අර කො‍ටු කො‍ටු ශීට් එක ඔයාගෙ සීල් එක වදින්න ඕනි කොලේ කියල හිතාගෙන සීල් එක වදින්න ඕනි තැන අර බ්‍රශ් එක ක්ලික් කරන්න, ක්ලික් කරන්න කලිං සීල් වල තියෙන දම් පාට සිලෙක්ට් කරන්න aa43d4 මේ කෝඩ් එක අර පාට සිලෙක්ට් කරන්න එන වින්ඩෝ ඒකේ තියෙන කෝඩ් එකට රීප්ලේස් කරත් අදාල පාට ලබා ගන්න පුලුවං.

බ්‍රශ් එක වදින කෝනය හදාගන්න window > brush එකට යන්න ,.


ඔය රවුම කරකවල බ්‍රෂ් එක හරව ගන්න පුළුවන්
                                              හරි දැං බ්‍රශ් එක ක්ලික් කරපු ගමං  එතන වදිනව මේ වගේ
ඊට පස්සෙ කරන්න ඕන ඉරේසර් එක අරගෙන රයිට් ක්ලික් කරල අර තැනින් තැන තිත් වගේ තියෙන  බ්‍රශ් එකක් අරගෙන සීල් එකේ පැත්තකිං දෙතුන් පාරක් ක්ලික් කරන්න හරියට වැදිල නෑ බොඳ වෙලා වගේ,.
මේ බලන්න මං ගහපු එකක්,

 හරි  ඊට පස්සෙ ඔහොම්ම සේව් කරල අවෂ්‍ය කොලේ ප්‍රින්ට් කරගන්න,..,

පොඩි දරුවෙක්ට උනත් පහසුවෙන් කරගන්න හැකි වෙන්න සරලව ලිව්වේ !!!! ජයයි ආ!

2 comments:

  1. මේකනම් ගොඩක් ප්ර්රෝජ්නව්ත් සහෝ ස්තුතිය

    මම සිතුවිලි සටහන් එකෙන්, ඔයා දාගෙන ඉන්න Logo කෝඩ් එකේ අවුලක් තිබුණ නිසා ඒක වැඩ කරේ නෑ අලුත් කෝඩ් එක මෙතනින් අරගෙන දාගන්න http://sithuwilisatahan.com/%e0%b7%83%e0%b6%b6%e0%b7%90%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/

    ReplyDelete