Loading...

Monday, February 12, 2018

ඕනෑම දෙයක් පහසුවෙන් මතක තියා ගන්න සරල ක්‍රමයක්..


ආයුබොවන් අපේ ඉගෙනගන්න අයට වගේම ඔය සිංදු කියන, නටන , ඒ වගේ කලාකරුවන්ට, වගේම ‍රැකියාවක වෙහෙස වෙන සමහර අයට, සමහර වෙලාවට පාඩම් කරන්න එහෙමත් නැත්තං පුහුනු වීම් කරන්න වෙනම වෙලාවක් නෑ .. ඒ වගේ අයට ඕනි වෙලාවට ඒක මතක නැති උනොත් අනාථ වෙනව නෙ, ඒ  නිසා
මම ඒ වගේ වෙලාවට කරන දේ කියන්න තමයි හදන්නෙ, ඕනිම කෙනෙකුට කරන්න පුලුවං උනත් කැමති අය විතරක් කරල බලන්න,...,
                                                      මුලිංම කරන්න ඕනි ඉතිං අදාල දේ ගුරුවරුන්ගෙන් හෝ තනියම ඉගෙනගන්න ඕනි ( ඔලුවට පුලුවං තරමින් වට්ට ගන්න ඕනි), ඒ කියන්නෙ කොහොම හරි මතක තියාගන්න ඕනි, ඒ වෙලාවට,
ඕක ටික වෙලාවක් යද්දිනෙ අමතක වෙන්නෙ, එවෙලෙම අමතක වෙනව නම් ඉතිං ඒක වෙනම ප්‍රස්නයක්,. එවෙලෙම අමතක වෙනව නම් මොනව හරි ගැන ගැන ඉන්න ව්‍යායාමක් කරා නම් හරියනව, ඔය ගනින එක පට්ට අමාරු වැඩක්නෙ..,..,
                                                හරි කොතනින්ද මං නැවැත්තුවෙ,? අහ් අතනින් ,,. ටික වෙලාවක් යද්දිනෙ අමතක වෙන්නෙ අන්න එහෙම වෙන්න කලිං මෙහෙම කරන්න ඕනි, තමං කර කර ඉන්න වැඩේ කරන ගමං හිතේ අර මතක තියාගන්න ඕනි එක මවාගෙන ඒක වෙන විදිය හෝ ක්‍රමයත් එහෙම මවාගෙනම හොඳට අධ්‍යනය කර කර බලල මතක් කරගන්න ඕනි. මෙහෙම,. මේක මෙතන ඊට පස්සෙ ඒක එතන ආපහු මේක මෙතන, දැං මේක අතන,,  අන්න ඒ වගේ මතක් කරන්ඩ ඕනි..,!
                                                   නැවත නැවත හිතේ ඇඳගෙන බලල හොඳට පාඩම් කරගන්න ඕනි.., එතකොට මොකද වෙන්නෙ ඒකෙ එක එක වෙනස් අපි කලිං නොදැකපු දේවල් පේන්ඩ පටංගන්නව , ඒ කිව්වෙ "ආහ් මේක මෙහෙම සීන් එකක්, ආහ් හරි හරි මෙහෙම පෙනුනට වෙන්නෙ මෙහෙම,.,
අන්න එහෙම දේවල් හම්බවෙනව. එතකොට හොඳයි නෙ ඉතිං,...,! ඒ වගේම මම ඇතුලුව සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි එදා ඉගෙනගත්ත දෙයක් පැය තුන් විතර යද්දි ඔක්කොම අවුල්  වෙලා. කෑලි නැති වෙලා,.චොර වෙලා පැටලිලා යනව..., ඒත් නින්දක් නිදාගෙන නැගිට්ටම ඔක්කොම ටික පැහැදිලිව මතකයි,. එහෙම අය ඒ විදියටම ඉන්න, මං ඒ විදියට ආසයි..,,.
 පොඩ්ඩක් අවුල් වෙලාවක මේක ලියන්නෙ භාෂාමය අතපසු වීම් ගනං ගන්ඩ එපා..,!

1 comment:

  1. මෙක කියවද්දි මට තියන ප්‍රශ්ණයක් මතු උනා අයියෙ.අපි ලිපියක් කියවනවා කියමුකො ලිපිය කියවගෙන යද්දි පහලට යද්දි උඩ තිබුන දෙවල් මතක නෑ.යට තිබ්බ දෙවල් මතකයි එවත් පහලට යද්දි අමතක වෙනවා.නිකං ම .එත් හැබැයි එ දෙවල් කොහෙ හරි seve වෙනවා ඇති එහෙම කියන්න හෙතුව පැයකින් විතර කියවපු ලිපියෙ තිබ්බ තොරතුරැ කියන්න කිව්වොත් කියන්න පුළුවන්.
    එකට හෙතුව...?

    ReplyDelete