Loading...

Friday, February 16, 2018

මාලු ටැංකියට ස්පොන්ජ් ‍ෆිල්ටර් එකක් ගෙදරදීම හදමු..


 මේ දවස් වල ඉතිං සල්ලි තියෙන අය ලොකු ලොකු ‍ෆිල්ටර් පාවිච්චි කරාට සමහර අය තාම ඉස්සර වගේ ප්ලේට් එකක් දාගෙන පාඩුවෙ යනව.,  සමහර පොඩි අය එහෙම මුකුත්ම නැතුව පාවිච්චි කරනව ඒ අයට ඕනි නම් මේක හදා ගන්න පුලුවං,

                                 නිකං එයා ස්ටෝන් වලට ගහල තියෙන හෝස් එකක් ගලවල වැඩක් ඇති දේකට පාවිච්චි කරාට අවුලක් නෑ නෙ,,. මේක හැදුවොත් පැය දෙක තුනකිං වතුර පැහැදිලි වෙනව වගේම, දවස් දෙක තුනක් යද්දි වතුර කන්නඩිය වගේ වෙනව...

මේක හදන්න ඕනි වෙනව මේ ටික,.,

*පරන කොට්න් බඩ් ටින් එකක් පියන එක්ක, හෝ ඒ වගේ පැහැදිලි එකක්, (වතුර බෝතලයක් උනත් කමක් නෑ)
* ස්පොන්ජ් කෑලි තුන හතරක්
*පොඩි බට කෑල්ලක් විනිවිද පේනව නම් ලස්සනයි, නැති උනත් අවුනක් නෑ, අඟල් එකහමාර..
*හිල් විදින්න පුලුවං උපකරන විදියට ඇනේකූයි, ඉටි පන්දමකුයි උල් පිහියකුයි ගන්න,,

 හරි මෙහෙමයි දැං ඕක අටවන්නෙ, මුලිං හිල් විදගෙන ඉමු,, මේ හිල් වලිං මුලින්ම විදගන්න ඕනි ලොකුම හිල බට කෑල්ල බස්සන්න පුලුවං වෙන්න ඒකෙ ගානට විදගන්න ඕනි, මේක ටින් එකේ පියනෙ හරි යට පැත්තෙන් හරි විදගත්තට ප්‍රශ්නයක් නෑ... විදිද්දි මුලිං ඇනේ රත් කරල හරි මැදින් හිලක් විදල පස්සෙ පිහිය දාල කරකවල හිල බටේ ගානට ලොකු කරගන්න ඕනි,,
                            කොහොම උනත් ටින් එක ඇතුලට බටේ මේ හිලෙන් බැස්සුවම බැස්සුව වගේම ප්‍රමානයක් එලියටත් තියෙන්න ඕනි,
ඊට පස්සෙ බටේ සලකුනු කරගන්න ඕනි ටින් එකට බහින උපරිම මට්ටම, එහෙම කරගෙන ටින් එකේ ඇතුලට හයි වෙන පැත්තෙ වටේට හිල් විදින්න ඕනි වටේටම විදින්න කෙලවරටම එනකං..,, හරි ඊට පස්සෙ බටේ ටින් එකට පිටින් තියෙන පැත්තෙ ටිකක් උඩට වෙන්න තමංගෙ හෝස් එකේ ගානට විදගන්න ඕනි,,
                                    ඒ හිලෙන් හෝස් එක ඇතුලට දාන්න පුලුවං වෙන්න විදින්න, ඒ වගෙම ටිකක් හිරට තියන්න නැත්තං හෝස් එක ලිස්සනවනෙ...,
 හරි දැං  තියෙන්නෙ ටින් එකේ හිල් විදින්න, ප්ලාස්ටික් ඉවතලන ටින් පාවිච්චි කරා නම් හොඳයි, වැඩෙත් ලේසී පරිසරය දූශනය වෙන්නෙත් නෑ,,., ටින් එකේ බටේ සවි වෙන මුහුනත විදින්න එපා.., වටේට තියෙන බිත්ති ඔක්කොම විදින්න,. හිල් හිල් ගොඩක්.., යට පැත්තට ගන්න පැත්තේ රවුම් තුනක් විතර වටේ බිත්තිය පැත්තට වෙන්න විදගන්න,
                                                       බටේ කටට නිරාවරනය වෙන්න හිල් විදින්න එපා.
         
හරි දැං හදල ඉවරයි ස්පොන්ජ් කෑලි ටික අරගෙන බටෙයි ටින් එකේ  බිත්තියයි අතරෙ හිර කරන්න, බටෙයි බිත්තියයි අතර  කෙලිංම  හිඩැස් තියෙන්නෙ නැති වෙන්න ස්පොන්ජ් අතුරන්න,

බටේ යට පැත්තෙ කටටත් ස්පොන්ජ් රවුමක් කපල තියල පිටි පස්සෙන් පියන වහන්න.., හරි දැං ‍ෆිල්ටර් එක ලෑස්තී,
                                  මාලු ටැංකියට දාද්දි  හුලං පොම්පයෙන් එන බටේ, අර උඩ පැත්තෙන් එන තනි හිලෙන් ඇතුලට දාන්න, දාල ටිකක් අර බටේ පතුලට යවන්න, පතුලට වඩා අඟල් බාගයක් වගේ උඩින් හිටින්න, ඊට පස්සෙ  මාලු ටැංකිය ඇතුලට දාන්න, සෑම බුබුලකටම කලිං පිරිසිදු ජලය ඔය බටෙන් එලියට එනව,
                                 මාලු ටැංකියෙ පතුලටම බස්සන්න ඕනි.  බුබුල දාද්දි ඒ බුබුල උඩට එන කොට බටේ උඩ තියෙන වතුර ටික උඩට තල්ලු වෙනව, තල්ලුවෙන තැනට යට හිස් තැන පිරෙන්න ආපහු ස්පොන්ජ් එක හරහා වතුර අදිනව, ඒ වතුර ටික ඊලඟ බුබුලට උඩට තල්ලු වෙනව හරි සරලයි, ප්ලේට් වල එන ක්‍රමය,..,!
  කරල බලන්න ජයයි,,.!!

No comments:

Post a Comment