Loading...

Thursday, February 22, 2018

සිංහලයාගේ ආහාරයේ විශ නැසූ ඖෂධය විනාශ කලේ මෙහෙමයි


ඒ කාලෙ ඉඳං මේ මහා වටිනා ඖෂධය පාවිච්චි කල නිසා අපි මේ වෙනකං අපි ටිකක් හරි නීරෝගීව පැවතුනා, අපේ රටේ කිසිම විශක් නැතුව කරපු ගොවි තැන විනාශ කරල මහ පොලවට වත් මිනිස්සුන්ට වත් සත්තුන්ටවත් ඉහිලිය නොහැකි තරම් වස ගොඩකිං යැපෙන්න අපේ මිනිස්සුන්ව පුරුදු කලා එච්චර විසක් කන්න පුරුදු කලත් මේ ඖෂධය නිසා අපේ උංගෙ ජීවිත ‍රැකුන,
                                                      ඒ ඖෂධය තමයි පොල්,  ඒ දවස් වල පර සුද්ද දෙල් අරං ඇවිල්ල අපිට කන්න දුන්න වෙලාවෙ අපේ උං පොල් දාපු නිසා ටිකක් හරි දෙල් විස නැති උනා කියල අපේ වැඩිහිටියො කියනව අපි හැමෝටම ඇහිල තියෙනව, ඒ වගේ හැම කිරට හදන එලවලුවකටම පොල් කිරි වගේම තෙලට හදන එව්වට පොල් තෙල් දැම්ම අපේ ගෙවල් වල ගෙවිලියො..,
                                   අන්න එහෙම පුරුදුවෙලා හිටිය අපේ අය මේ අලුත් පොශ් ‍රැල්ලට වැටිලත් ඒක එහෙමම කරගෙන ආව, ,. නමුත්  මීට අවුරුදු කිහිපයකට කලිං මේක අපෙන් ඈත් කරන්න පරයො මුල පිරුවෙ මෙන්න මෙහෙම,,.
                              මුලිං පොල් කිරට ගැහුවොත් කෙලවෙන බව දන්න නිසා උං කරේ පොල් තෙලට ගහපු එක, ඒ ෆාම් ඔයිල් වලට අපේ මිනිස්සුන්ව පුරුදු කරල,  අන්න ඒ වගේ නොයෙකුත් තෙල් වලට මිනිස්සුන්ව පුරුදු කරල අන්තිමට මිනිස්සුන්ට පොල් තෙල් වල ඕනෑ කම අඩු වෙලා යන විදියට පොල් තෙල් මිල වැඩි කරා, මෙක කරන්න ශ්‍රී ලංකා රජය කරපු කලු සුද්දන්ට උං කීයක් දුන්නද කියල මම දන්නෙ නෑ,,.
                                                                      කොහොම උනත් පොල් තෙල් වෙනුවට වෙනත් තෙල් ජාති කාල හැදුනු රෝග සුව කරගන්න ඉංග්‍රීසි බෙහෙත් ශාලාවට ගිය අය නිසා බෙහෙත් කොම්පැනි වලටත් අලුතෙන් ආදායමක් ලැබුන, ඔන්න ඔය විදියට කාලය ගෙවී ගෙන යද්දි පොල් කිරි වලටත් චුට්ට චුට්ට ගහන්න පටංගත්ත මැගී සමාගම එහෙම ඒ කාලෙ,  ඒ කොහොමද මැගී පිටි කල පොල් කිරි කියල අමුතු එකක් එලියට දාල..,
                                                                     
                                        අපේ මෝඩ ගෑනුන්ටත් (එහෙම කිව්වට තරහ වෙන්න එපා) ඉතිං අලුත් එකක් ආවොත් කෙල පෙරාගෙන නෙ බදාගන්නෙ, ඉතිං පොල් බිඳින්න ගාන්න අමාරුයි අරකයි මේකයි කියල තමගෙ ස්වාමියාට වද කරල අර පිටි පැකට් එක  ගෙන්න ගත්ත ගැනු අයත් නැතුවම නෙමෙයි මෙහෙම මේ අය නොදැනුවත්වම නැති කරල දාන්නෙ තමංගෙ මතු පරපුරේ නීරෝගී භාවය,
                                                                    මම මෙහෙම කිව්වම මිනිස්සු මාත් එක්ක තර්ක කරන්න ඉඩ තියෙනව නෑ නෑ ඒව 100% ක් පොල් කිරි කියල, නමුත් මේ උංගෙ පැකට් එකේ පිටි පැස්සෙ ගහල තියෙනව මෙහෙම එකක්,,

 Our chosen Ingredients,
 cocunut milk79%,
 maltodextrin,
 milk Based Sodium caseinate,
Tri Sodium Phosphate,
                                                     සීයට සීයක් පොල් කිරි වල මේ කුනුහරුප රසායන එන්නෙ මොකටද කියල ඇහුවොත් උං දාහක් දේ කියාවි, ඕනි තරම් උපාධි කාරයො උං වෙනුවෙන් කරුනු දක්වාවි,
                                              නමුත් මගේ ආදරනීය සිංහලයො මේ විශබීජ කන්න ඕනි ජාතියක් නෙමෙයි, උංට ඕනි නම් මේව හදල රට පටවන්න කියල උඹල කීය ගියත් කමක් නෑ ස්වාභාවික පොල් ගෙඩියක් ගාල මිරිකල කෑමට එකතු කරගත්ත නම් අපිට අපේ ජාතිය ආරක්ෂා කරගන්න කරන්න පුලුවං ලොකුම දෙයක් තමයි ඒක,
                                                                                                   පිට ඔපයට ‍රැවටෙන්න එපා, උඹලට ආදරේටයි මේ ලිපිය ලියන්නෙ,, පුලුවං තරම් පොල් තෙල්, පොල් කිරි සුපුරුදු විදියට පාවිච්චි කරන්න අරුංගෙ , මුංගෙ බයිල වලට ‍රැවටෙන්නම එපා, කොච්චර ලේසි උනත් මේ වගේ අසික්කිත පරයොන්ගෙ උපක්‍රම වලට අහු වෙන්න එපා,,,. ජයයි!!

9 comments:

  1. මචං, ඔය දෙල් ලංකාවට සුද්දා ගෙනැල්ලා පුරුදු කරා, විස කවන්න නම්, අර මාලදිවයිනේ මිනිස්සු හරියට දෙල් කනවා,එතකොට ඒකත් සුද්දා පුරුදු කරලද? අනික ලංකාවේ දෙල් බැදලත් කනවා. පිටි කළ පොල් කිරි වල කොහොමත් නැවුම් පොල් කිරි තරම් ගුණයක් නැති වෙන්න පුළුවන්.ඒක හරි. ඒත් මේ ඔයා ඉදිරිපත් කරන අදිසි සතුරා කවුද? ලංකාවේ ගොවීන් පසට රසායන එකතු කරන්න ඉබේම එකඟ වුනාද? එහෙම නම් පොහොර සහනාධාරය ඉල්ලලා ගොවියෝ පිකට් කරන එක ගොවියන්ගේ වැඩක්ද? සමාගම්වල වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. මාල දිවයිනේ මිනිස්සුන්ට දෙල් කොහොම බලපෑවත් ලංකාවෙ මිනිස්සු දෙල් කෑවම උත්තේජන ශක්තිය අඩු වෙනව. ගොවියෝ නිකංම රසායනික පොහොර වලට පුරුදු උනේ නෑ. ගොවියොන්ට සහනාධාර වශයෙන් විස පොහොර දුන්නම උඹල වගේ මානසිකත්වය තියෙන උං ඒවට පුරුදු උනා. ඒක පරම්පරා ගානක් එද්දි සාමාන්‍ය දෙයක් බවට පත් උනා, ඒ නිසයි පිකටින් කරන්නෙ උං. නමුත් දේශීය දැනුම තාමත් තියෙනව. වගේම අදිසි බලවේගය තමයි උඹල නොදන්නව උනාට සිංහල ජාතිය මේ ලෝකෙන් අතුගාල දාන්න බලාගෙන ඉන්න , සහ අපිට නොදැනීම අපේ රට පාලනය කරන පර සුද්ද, උංගෙ බෙහෙත් කොම්පැනි සහ සියලුම ජරාව අපේ කරේ තියල අපිව සූරා කනව කියල බටහිරයො ලොකු කරගෙන ඉන්න සත්තුන්ට තේරෙන්නෙ නෑ. අන්න ඒකයි අදිසි බලවේගය.., ඔයා තව දෙල් කන්න. එතකොට තව ටිකක් ඔය දැං තියෙනව වගේම මොලේ වර්ධනය වෙයි.

      Delete
    2. තමුන්ගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර නොදී වටේ ගියාට වැඩක් නෑනේ. දෙල් කන එකෙන් ඔයා ඔය කියන ප්‍රශ්න ඇති වෙනවා කියන විද්‍යාත්මක සාක්ෂි මොනාද? අනික ඕනෑම ආහාරයක ගුණ අගුණ දෙපැත්තක් තියෙනවා. ඇයි මේ විකාර කියවන්නේ? අනික රසායනික පෝරවලට ඔයාගේ විකල්පය මොකක්ද? ඔයාගේ තියෙන්නේ කුමන්ත්‍රණ න්‍යාය. ඒක බටහිරින් ගේනවා කියලා හිතන් ඉන්නවා. ඒත් ඇත්තම අදිසි බලවේගය තියෙන්නේ ඔයාගේ හිත ඇතුළේ.

      Delete
    3. http://yomalgeadaviya.blogspot.com/2017/12/blog-post_10.html?m=1

      රසායනික පොහොරවලට මම විකල්ප දෙන්න ඕනි නෑ අපි ඉස්සර එහෙම පොහොර පාවිච්චි කරේ නෑ. එහෙම නොකර පස සරු කරගන්න ඕනි නම් මේක කියවන්න.
      අනික තමයි අඩි දහයක් උඩ පනින එකා දෙල් කෑවම අඩි 5යි උඩ පනින්නෙ. ජවය තමයි නැති වෙන්නෙ. ඒ වගේම පිලිකා කාරකයක්. මාලදිවයිනේ උංට පිලිකා නැහැලුද?

      Delete
    4. අනික තමයි උඹල බලාපොරොත්තු වෙන්නෙ ගැම එකටම බටහිරයො විද්‍යාත්මකයි කියන කියන දේවල් වල සාක්ෂි ,අපි ගාව ඔය බොරු විකාර නෑ හෙන ප්‍රායෝගිකයි අද්දැකීමෙන් අවබෝධ කරගෙන තමයි කියන්නෙ, මගේ නෙමෙයි කුමන්ත්‍රණ න්‍යාය තියෙන්නෙ උඹේ. ඒකයි නිර්නාමිකව බටහිරයන් කරන විනාශයට සිංහලයන් තල්ලු කරන විදියට කමෙන්ට් දාන්නෙ. නාමික වරෙං කතා කරමු...!

      Delete
  2. අපිනම් පොල් කනවා..��
    ඇත්තම කතාවනම් යෝමාල් දෙල් කෑවම මහ කම්මැලි ගතියක් ඇගට දැනෙනවා..ඇග රිදෙනවා වගේ..මට විතරක්ද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. හරියටමැ හරි සහෝ උත්තේජනය හීන වෙනව ඒක තේරෙන්නෙ ඔබ වගේ තමන්ගේ ශරීරයෙ ක්‍රියාකාරිත්වය පිලිබඳ අවබෝධයක් ඇති අයට විතරයි,

      Delete