Loading...

Thursday, March 15, 2018

හණ වලිං සුදු නූල් හදමු.!


හන ලනු කියන්නෙ හෙන හයිය ලනු ජාතියක් නෙ,  හන ලනු හැම තැනම පේන්න නැති උනත් අඹරගෙන වැඩ ගන්න ඩයල් නැතුවම නෙමෙයි,. මාත් හන ලනු පාවිච්චි කරනව, ගොඩක් තැන් වලට හන ලනු වලිං අමුතු හයියක් එනව වගේම අමුතු ලස්සනකුත් තියෙනව,

                 ඒ වගේම එක එක රටා වලිං ගොතන්නත් පුලුවං නිසා ලස්සන ලස්සන විදියෙ ඒව ගොතන්න පුලුවං.  ඒ වගේම  ගොතන්න කලිං නූල් අරගෙන ගොඩක් වැඩ ගන්න පුලුවං,,. සිහින් දැල් විවීම, රෙදි විවීම. ගෝනි, බැග් නිර්මානය කිරීම වගේ ගොඩක් දේ කරනව, හදිස්සියකට ඇඳුමක් උනත් මහගන්න පුලුවං.,
                                                                            ඒ වගේම හන නූල් වලට විවිධ  වර්න ගන්වල රෙදි වක එම්බ්‍රොයිඩර් කරන්නත් පුලුවං, අපි බලමු කොහොමද හන කොලෙන් නූල් වෙන්කරගන්නෙ  කියල.  මෙහෙමයි හන නූල් හදාගන්න ගොඩක් අය එක එක විදියෙ ක්‍රම පාවිච්චි කරනව. ඒ අතරින් කිහිපයක් කිව්වොත්,

*හන කොලේ ලී කොටේ මත තියාල තවත් රවුම් පොල්ලකිං ඉස්සරහට, පිටිපස්සට , ගලේ මිරිස් අඹරනව වගේ අතුල්ලා ගැනීමෙන් ,
*හන කොලේ පාරේ දමා වාහන වලට අහු වෙලා හොඳට තැලුනම වේලල ගැනීම,
*හන කොලේ  අගිස්ස ලනුවෙන් බැඳල ඔයක වගේ ගලාගෙන යන වතුරක කාලයක් තියෙන්නට ඇරීම. ( ක්‍රමයෙන් මස දියවී නූල් ටික විතරක් ලනුවෙ ගැටේ ඉතිරි වෙලා තියෙනව මෙහෙම කරාම.
* පරන බේසමක වතුර පුරවා හන කොලේ දමා පල් වීමට ඇරීම,
* නිකංම හන කොලේ වේලා නියපොත්තෙන් නූල් වෙන් කිරීම,,

පලවෙනි ක්‍රමේ හැර අනික් හැම ක්‍රමයකදීම නූල් වල වර්ණය දුර්වර්ණ වෙනව වගේම ලොකු කාලයකුත් වැය වෙනව, ඒත් අද කියන්නෙ පැයක් ඇතුලත සුදු නූල් වෙන් කරගන්න විදිය,..!
                            හරි මුලින්ම හන ගහ ලඟට ගිහිල්ල ගහට වැඳල අවශ්‍යතාවය ගහට කියන්න ඕනි. ඊට පස්සෙ හන කොලේ මුලින්ම කපාගෙන ගෙදර ගෙනල්ල පොල්ලක් අරගෙන හොඳට කොටන්න ඕනි,
                                      ඒ කිව්වෙ වංගෙඩිය කොටනව වගේ බිම හරි මඩ ගෑවෙන්නෙ නැති තැනක තියාගෙන හොඳට කොටන්න ඕනි, මේ වැඩේ ටිකක් එපා වෙනව මොකද හන කොලේ තැලෙද්දි චික් චික් ගාල බඩු විසි වෙනව කකුල් දෙකට, ඔයා ගහ කොල දුරින් ආශ්‍රය කරන කෙනෙක් නම් චුට්ටක් කහන්න අල්ලයි ගනං ගන්න එපා,, 
මෙ වගෙ ටික වෙලාවක් හොඳට කොටද්දි ටිකෙන් ටික හන කොලේ මස තැලිල නූල් මතුවෙනව,
මෙන්න මේ වගේ හොඳට තැලුනම අරං ගිහිල්ල වතුර බේසමට දාල හොඳට හෝදගන්න ඕනි,
,,. මෙහෙම හෝදගෙන හොඳට බලද්දි තවමත් මස් කෑලි තැනින් තැන තියෙනව නම් ආපහු හොඳට කොටන්න ඕනි, හන කොලේ චප්පං චෝරු වෙනකං කොටල හොඳට හෝදන්න ඕනි,
සුදු පාට මස් කෑලි නම් එහෙන් මෙහෙන් තිබ්බට කමක් නෑ වේලුනාම නිකංම ගැලවිලා යනව.,
                                     මෙහෙම කොටපු ගමං හේදුවෙ නැත්තං නූල් දුඹුරු පාට වෙන්න බලනව කහට අල්ලල.,
                                   ඉතිං මෙහෙම හෝදල හෝදල අන්තිමට නූල් ටික  වතුරට දැම්මම වතුර කොල පාට නොවෙනකංම පිරිසිදු කරගන්න ඕනි, නූල් ටික වතුරට දැම්මම වතුර අවර්ණව තියෙනව නම් නූල් ටික වේලගන්න සුදුසු තත්වයට ඇවිල්ල තමයි තියෙන්නෙ,
හරි දැං ඔහොම්ම අව්වට දාල හරි නිකං කොහේ හරි තිය හරි වේලගන්න ඕනි වේලන එක ගැන හිතන්න දෙයක් නෑ, නිකංම කොහේ හරි මුල්ලක දාල තිබ්බත් වේලෙනව, වේලුනාම හරි ලස්සනයි
  දැං මේ නූල් පොදිය අරගෙන  පැටලුම් ඇරගෙන ඕනි විදියකට පාවිච්චි කරන්න පුලුවං, හන නූල් වලිං අඹරපු දුනු වර එහෙම පුදුම වේගයක් ඊතලයට ලබා දෙන්නෙ,
                                         ඒ වගේම ඔයා ගෑනු ලමයෙක් නම් ඔයාට කැමති කැමති විදියට හිතෙන හිතෙන නිර්මාණ කරන්නත් මේ නූල් වලිං හැකියව ලැබෙනව,
                                                බබාල හම්බවෙන්න ඉන්න අම්මලට මේ නූල් ටිකක් හදල දුන්න නම් එයා එයාගෙ බබාගෙ ඇඳුම් වල ලස්සන ලස්සන රටා මහයි මේ නූල් වලිං, ඒ වගේම ඒක හොඳ මතකයක් වෙයි,,.
                                                         ඒ වගේම හදිස්ස්යෙ නූලක් එහෙම මතුරගන්න ඕනි උනත් මේ නූල ගොඩක් වටිනව, 
                                                 මේ පහලිං තියෙන්නෙ මම ගොතපු හන නූල් පාවිච්චි කරල තියෙන තැං,,
දොර අරින්න පහසු වෙන්න පොට 4 අඹරපු ලනුවක්

කසයක්

දුනු වරක්.,

1 comment: