Loading...

Thursday, March 29, 2018

මොට්ට වූ ඩ්‍රිල් ක‍ටු නැවත මවහත් තියමු..!


මේක ගොඩක් අය කරන්න දන්නව ඒත් ඒක හරියට කරන අය අතරෙ වැරදියට කරල තියෙන මුවහතත් නැති කරගන්න අය ඉන්නව, ඉතිං ඔක්කොටම බලන්න පුලුවං වෙන්න අඩවියට දාන්න හිතුව,. කෙලිංම වැඩේට බහින්නම් කයිවාරු නොගහ,!
                                                                                   මුලින්ම අපි හොයාගන්න ඕනි ක‍ටුව මොට්ට වෙනව කියන්නෙ මොනව උනාමද කියල, අපි හැමෝම දන්නව ඩ්‍රිල් කට්ටෙ ඉස්සරහ තුඩට තමයි මේ විපර්‍යාසය සිද්ද
වෙන්නෙ කියල,,.
                                            ඒත් ටිකක් ලං වෙලා බැලුවම ගොඩක් අයට හිතාගන්න බෑ කොතනද මේකෙ අලුතෙන් ගාන්න ඕනි කියල,. ඔන්න ඕක නිසා මේ අය කෙලිංම ක‍ටුවෙ තුඩේ ආනතව පිහිටන මුහුනු දෙක ග්‍රයින්ඩර් එකට අල්ලල දානව, සමහර වෙලාවට ක‍ටුව ගේනකොට තිබ්බටත් වඩා මුහුනු වල ආනත භාවය වැඩි කරල දානව,
                                                                                         ඒත් එහෙම උනා කියල අමුතුවෙන් කැපෙන්නෙ නෑ, තිබ්බටත් වඩා මොට්ට වෙනව, හිල් වෙන්නෙ ඇඟේ බරට,.
මොට්ට වුනු තලේ මෙහෙමයි පේන්නේ
එහෙනම් අපි හොයන්න ඕනි මේ මුහුනු දෙක යම් පෘෂ්ඨයක් උඩ ක්‍රියා කරද්දි මුලින්ම මේ මුහුනු දෙකේ කොතනද ස්පර්ෂ වෙන්නෙ කියල,
                                                         ඔව් ඔය ඉස්සරහම තියෙන උල වගේ එක තමයි  ස්පර්ෂ වෙන්නෙ , ඒ උනාට ඒ ස්පර්ෂයේදී අදාල පෘෂ්ඨය කැපෙන්නෙ කොහොමද කියල විමසල බලන්නම ඕනි.
                                  ඒක හොයද්දි මගේ විචාරශීලී මනට ගෝචර උනේ මෙහෙම --., ඔය උල වගේ තියෙන අගිස්සෙන් පටංගන්න තල දෙකට පෘෂ්ඨය හරියට අහු වෙන්න නම් උල ලඟින් පෘෂ්ඨය පලුදු වෙන්න ඕනි ඒක වෙන්න නම් උල ලඟ ඉඳං තල දෙක පටං  ගන්න තැන් දෙකට හැකියාව තියෙන්න ඕනි පෘෂ්ඨය පසාරු කරන්න, 
                                                අලුත් කට්ටක් අරගෙන හොඳට බැලුවොත් මේකට උං පාවිච්චි කරල තියෙන ක්‍රමය හොඳට පේනව, පහල රූපය බලන්න.,
හොඳට කැපෙන තලේ මෙහෙමයි පේන්නේ
මේකෙදි වෙන්නෙ උලෙන් වෙන්ව මුහුනත් දෙක උලුප්පල පෘෂ්ඨය කැපීමට පහසු වෙන විදියට තලය ඉදිරියට නෙරා එන විදියට සකස් කරන එක,.,. ඔන්න ඕක අවබෝධ උනා කියන්නෙ අපිට අපේම ක‍ටුවක් උනත් නිර්මාණය කරගන්න පුලුවං ඒත් ඒකට ලොකු කාලයක් සහ මහන්සියක් යන නිසා ඒක පස්සෙ කරමු දැං අපි පියවරෙන් පියවර මොට වුනු ක‍ටුව මුවහත් කරමු,.
                                         ග්‍රයින්ඩර් එකක් නැති අය පීරක් ගත්තත් කමක් නෑ, උපකරණ ගොඩක් තියෙන අය බෙල්ට් ග්‍රයින්ඩර් එක පාවිච්චි කරනව නම් ගොඩක් හොඳයි,  නිකං ග්‍රයින්ඩර් එකෙත් වරදක් නෑ,. 
                                                 හරි මුලින්ම ක‍ටුව අරගෙන මුහුනු දෙක සාමාන්‍ය විදියට ගා ගන්න ඕනි,  ඒ කියන්නෙ ඳඟර කානුව පටං ගන්න තැනත් මුහුනතත්  එකතු වෙන තැන ඇඟිල්ලෙන් මුවහත බලද්දි හොඳට කැපෙන විදියට තියෙන්න ගා ගන්න ඕනි මුනුනත් දෙකම .
, (දන්නව නෙ අර ඇඟිල්ලෙන් පිහියෙ මුවහත බලන විදිය, ඒ විදියට බැලුවම හොඳට ඇඟිලි සලකුනු රේඛා ඩ්ර්ර්ර් ගාල දෙදරල යන්න ඕනි) හරි ඕක කරල ඉවර උනාට පස්සෙ තමයි අමාරු වැඩේ තියෙන්නෙ,
                                                 ඒ තලේ උළුප්පන එක, ඒක කරන්නෙ මෙහෙමයි,.
 මේ රූපයේ තියෙන විදියටට අර හොඳට කැපෙන්න ගාගත්ත තලේ , ක‍ටුවෙ මුදුනෙන් පටංගන්න තැන චූටි කට්ටයක් වගේ හිටින විදියට එහා පැත්තෙ තලේ පිටිපස්ස පැත්තෙන් ගා ගන්න ඕනි, 
                                            මෙහෙම කරා කියන්නෙ ආපහු යකා වගේ කැපෙනව, හැබැයි ක‍ටුව ඇද කරගන්න නම් එපා, මොකද ක‍ටුවෙ හැඩේ ඳඟරයක් වගේ නිසා කෙලිං කරනව නම් සැහෙන්න මහන්සි වෙන්න වෙනව,.
  ,කරල බලන්න එහෙනම් මම යනව ජයයි!

5 comments: