Loading...

Tuesday, April 10, 2018

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය, 2 කොටස


පලමු කොටස කියවන්න මෙතන කොටන්න



------ එතකොට මෙයා කිව්වෙ අනේ නෑ රවී එයා මුස්ලිම් උනාට ඒ වගේ නෙමෙයි ඉන්නෙ එහෙම ඇඳුම් අඳින්නෙත් නෑ, එයා මෝල්ඩිව්ස් කෙනෙක් කියල මම මොල්ඩිව්ස් කියන්නෙ මොකක්ද කියල ගූගල් සර්ච් කරල බැලුවම තමයි දැනගත්තෙ ඒ මාලදිවයින් තම්බියෙක් කියල.,

                පොරගෙ නම මොහොමඩ් රමීෂ් , ෆේස්බුක් එකේ සර්ච් කරල බැලුවොත් අදත් පොරව හොයාගන්න පුලුවං,.
 ඉතිං ඔහොම කාලයක් ගියා අයියෙ, ඒ තම්බිය ඒ කෙල්ලට හැමදාම හවස 8, 9,යෙ ඉඳං ‍රැ පාන්දර 3, 4, වෙනකං කතා කරනව, ඉතිං මටත් වැඩිය ගානක් නෑ, ඔහොම කාලය ගියා, මෙ කෙල්ල ඌ කතා කරල ඉවර උන ගමං මට කෝල් එකක් ගන්නව.  ආපහු ඌ කතා කරද්දි ඒ කෝල් එක ආන්සර් කරනව,
                                    ඔහොම යද්දි ඉතිං මේ කෙල්ල උංගෙ උංගෙ අතරෙ වෙන ප්‍රශ්න මට කියනව, ගොඩක් වෙලාවට කියන්නෙ බලන්නකො මම මේ ගේ ඇතුලට හිර වෙලා කොහේවත් යන්න නෑ, මට රස්සාවක් කරන්න නෑ, කිසිම දේකට මේ මිනිහගෙන් ඉඩක් නෑ මට නම් දැං හිර වෙලා ඉඳල එපා වෙලා තියෙන්නෙ කියල.,
                                          එයා කලිං සිංහල කෙනෙක් බැඳපු කෙනෙක් එයාගෙන් ලැබුනු සිංහල ලමයි දෙන්නෙක් ඉන්නව මේ කෙල්ලට, වයස අවුරුදු 31 මට හම්බවෙද්දි,. ඉතිං මට බය තිබ්බෙ මේ ගෑනිවයි ලමයි දෙන්නවයි අරූ මුස්ලිම් කරයිද කියලයි අයියෙ,.

 මම: - ,ම්ම්ම්ම්හ් ඉතිං,

පොර ;- ඉතිං මම ඒ ගැන ඇහුවම එයා කිව්ව නැ එහෙම නෑ, මෙයා මෙහේ ඉද්දි මම පල්ලි යන්නවත් දෙන්නෙ නෑ, මම හැමදාම ගෙදර බුදු පහන පත්තු කරනව, ඒකට වත් මුකුත් කියන්නෙ නෑ මෙයා මට හරි හරි ආදරෙයි රවී කියල,. ඉතිං මම දන්නවනෙ ඔය පක්කුන්ගෙ ආදරේ කොහොම හරි ගෑනිව ගැලවෙන්න බැරි වෙන්න හිර කරනකං විතරයි කියල.,
                               ඉතිං මම හිමින් අදහසක් දැම්ම එයාගෙ ඔලුවට හරි ඒකෙන් කමක් නෑ  ඔයා එයාගෙන් ලමයි එහෙම හදන්න යන්න එපා කියල.,
මේක මම කියපු දවසෙ අපි දෙන්න ගොඩක් කතා කර කර හිටිය අන්තිමට තමයි මේක කිව්වෙ,,.
                         එයා පොඩි කාලෙ පංසලෙ සිල් ගන්න ගියාලු දවසක්,. ඊට පස්සෙ උදේට කෑවට බඩ පිරුනෙ නැහැලු, ඉතිං මෙයා පොඩි හාමුදුරුවො එක්ක එකතු වෙලා බුද්ධ පූජාව හොරෙන් කාල උතුරු සලුවත් පංසලේ දාල පැනල ගියාලු ගෙදර, අර හාමුදුරුවො තාමත් දැක්කම කියනවලු උතුරු සලුව තාම පංසලේ කියල. එයාගෙ ජීවිතේ ලස්සන තැං ගොඩක් මාත් එක්ක බෙදාගත්ත එයා, ඒ කාලෙ හරි ලස්සනයි ,.
                                 එයාගෙත් එක්ක ඉද්දි දැනුන හැඟීම්, මං මීට කලිං දැකල තිබුනෙ නැහ මගෙන්.,!, ඒත් මගේ හිතට වද දුන්නෙම මේ කෙල්ලගෙ සිංහල බෞද්ධත්වය ආරක්ෂා කරගන්න එක,..

මම:- අම්මට සිරි,. ඊට පස්සෙ? ( මේ මැසේජ් එක ආපු වෙලාවෙ මට හොඳට මතකයි, මේ කොල්ල දැනුන කිව්ව හැඟීම් මම මං තුලිං විඳපු අවස්ථාවක් මතක් කරන්න මම උත්සාහ කරා මොකද මට පොරව තෙරුම් ගන්න ඕනි උනු නිසා)



 ඉතුරු ටික වෙන දවසක බලාපොරොත්තු වන්න  !

1 comment: