Loading...

Monday, September 3, 2018

කම්බි බ්‍රෂ් එකක් තනියම හදමු...


ආයුබෝවන් සෑහෙන්න කාලෙකිං බ්ලොගිය පැත්තට එන්න හිතුන කම්මැලි කමට වගේ.. අද හදමු කම්බි බ්‍රෂ් එකක්,,. මේකෙ අවශ්‍යතාවයක් අපිට වැඩිය නොදැනුනාට මේක තියෙන එක හරි ප්‍රයෝජන වත්, ඒක ඔයාලට තේරෙයි, අනිත් එක මේ විදියට හැදුවම කඩේ තියෙන ඒව වගේ ඉක්මනින් සවුත්තු වෙන්නෙත් නෑ,...
මේකට ඕනි බඩු මෙහෙමයි.,...,--
*ටිකක්  ඝන ලෑලි කෑල්ලයි,
*හිල් විදින්න ඩ්‍රිල් එකක් හරි, බුරුමයක් හරි., ( ඇනයක් උනත් කමක් නෑ)
*පරන පොඩි කේබල් කෑලි ටිකක්
*ෆ්ලැට් ඉස්කුරුප්පනියනයි
*කේ බල් කපන්න පුලුවං වෙන විදියෙ පොඩි අඬුවයි

හරි මේ ටික තියෙනව කියන්නෙ බ්‍රෂ් එක හැදුව වගේ තමයි, මුලින්ම ලෑලි කෑල්ල අරගෙන තමංට ඕබි බ්‍රෂ් එකේ හැඩේ ඒකෙ ඇඳගෙන ,, ඒක කපා ගන්නව..!
 මෙහෙම තමං කැමති විදියට කපාගෙන ඊලඟට තියෙන්නෙ හිල් විදින්න, මේ විදින හිල හරියටම අර කේබල් පොට දෙකක් එකට තිබ්බහම එන පලලට සමානව විදින්න ඕනි චුට්ටක් ලොකු උනාට කමක් නැහැ පොඩි වෙන්නෙ නැතුව, 


මේ විදින හිල් අර ලෑල්ලෙ තුන් කාලක් විතර ගැඹුරට විදින්න ඕනි


  ,,. හරි දැන් ලීයෙ වැඩ ඉවරයි, පොලිශ් කරගන්න එහෙම ඕනි නම් දැම්ම කරගන්න නැත්තං පස්සට කරදරයි! ඊලඟට ඔය විදපු හිලේ ගැඹුර මැනගන්න ඕනි  මොකක් හරි කූරක් බස්සල , ඒ ගාන මැනගෙන ඊට පස්සෙ ඒ ගාන වගේ හතර ගුනයක දිගට කේබල් එක කෑලි කෑලි වලට කපා ගන්න ඕනි ,
                                                          උදා..- හිලේ ගැඹුර අඟල් බාගයයි නම් කේබල් එකෙන් අඟල් 2කේ කෑලි කපාගන්න ඕනි,,,,....
                                               ඊට පස්සෙ මෙහෙම කපපු කේබල් කෑලි වල හරි මැදින් චූටි නැම්මක් දාගන්න ඕනි,. 

 ඊට පස්සෙ  මෙහෙම කපාගත්ත කේබල් කෑලි වල ඔය තියෙන නැම්ම ලීයෙ හාරපු හිල් උඩින් තියල ෆ්ලැට් ඉස්කුරුප්පුනියන ඒ කේබල් එකේ මැදින් තිය මිටි පාරවල්   තුනක් හතරක් ගහල ඇතුලට බස්සගන්න,. ඔක්කොම එහෙම බස්ස ගන්න,,.


 හරි දැං කම්බි බ්‍රෂ් එක ලෑස්තී,, ටික දවසක් පාවිච්චි කරද්දි  කේබල් වල කම්බි වෙන් වෙලා අපිලි වෙල ඝන බ්‍රෂ් එකක් ලැබෙනව, සහ ඕනි තද දෙයක් මද්න්න පුලුවං මේකෙන්,,. කරල බලන්න ජයයි!

2 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete