Loading...

Friday, March 2, 2018

රීචාජබල් විදුලි පහනක් ගෙදරදිම හදමු


සීයගෙ මල ගෙදර නිසා සතියක් විතර ලියන්න බැරි උනු නිසා වයර් කෑලි ටිකක් අමුනගෙන ලේසියෙන්ම හදන්න පුලුවං භාන්ඩයක් ගැන තමයි කියන්න යන්නෙ, හරි අපිට මුලින්ම මේ බඩු ටික ඕනි වෙනව,
* පරන ෆෝන් බැට්‍රියක්
*වයර් කෑලි ටිකක්,
*ඊයම් සහ බවුත් එකක්
*එල් , ඊ, ඩී, බල්බ් සෙට් එකක්, ( දැං ඔය හැම තැනම තියෙන රුපියල් 30හේ එල් ඊ, ඩී කෑල්ලක්
ගන්න)
* පොඩි ස්විච් එකක්
*පරන චාජර් එකකුත් ඕනි මේක චාජ් කරන්න,

මේක අතේ අරං යන්නත් හදන්න පුලුවං ගෙදර, කාමරේ ලයිට් ගිය වෙලාවට පාවිච්චි කරන්න හදන්නත් පුලුවං,, ඔය ගොඩක් ගනං ටෝච් වගේ ඉක්මනට සවුත්තු වෙන්නෙත් නෑ, එක පාරක් චාජ් කරාම මාස ගානක් පාවිච්චි කරන්නත් පුලුවං, මේකෙ ඇටවුමත් හරි ලේ සී, ,. අටවන විදිය මෙහෙමයි,,,

 මුලින්ම බැට්‍රියෙ දන සෘන අග්‍ර වලට වයර් හතරක් පාස්සගන්න ඕනි එක අග්‍රයකට 2ක බැගින්,,.

  හරි දැං මේ අග්‍ර දෙකෙන් යන වයර් දෙකක් ‍තෝරගෙන (කාන්ඩයක්)  ඒක ට  බල්බ් සෙට් එක හයි කරනව එහෙම හයි කරල දන පැත්තෙ වයර් එක දෙකට මැදින් කපල ඒකට ස්විච් එකක් හයි කරගන්න ඕනි , ඕන වෙලාවට නිවාගන්න පුලුවං වෙන්න. මේ විදියට,(

 දැං ඉතුරු වයර් දෙක තමයි චාජින් ලයින් එක, ඒකෙ දන අග්‍රයට පොඩි ඩයෝඩර් කෑල්ලක් දානව නම් හොඳයි, නැත්තං චාජ් එකට ගහල තියෙද්දි කරන්ට් ගියොත් බැට්‍රි බහිනව, ඩයෝඩ් කෑල්ල දානව නම් බැට්‍රිය පැත්තට ඔලුව දාන්න ඕනි, ඔලුව චාජර් එක පැත්තට ආවොත් චාජ් වෙන්නෙ නෑ නෙ,,. ! හරි, ඔයාල ලඟ ඇඩැප්ටර් එකක්,( චාජ්න් පින් එකක්) තියෙනව නම් හයි කරගත්තට කමක් නෑ, නැත්තං කඩෙන් ගන්නත් පුලුවං පොඩි කනෙට්ටර් පින් එකක්,
                              එහෙමත් බැරි නම් නිකං ඕනි වෙලාවට වයර් දෙක අමුනගත්තත් අවුලක් නෑ,,, චාජර් එකේ දන රින මාරු කරන්නත් එපා බැට්‍රියට ගහද්දි මොකද ඩී සී නෙ,
    . ඇටවුම කරන පිලිවෙල මේකයි,  )

                                  මේකෙ ලයිට් සෙට් එක කොතෙන්ටද ස්ථානගත කරන්නෙ, සහ බැට්‍රිය කොතෙන්ටද දාන්නෙ පිට වැස්මට මොනවද භාවිතා කරන්නෙ කියන ඒක ඔයාල තීරනය කරන්න ඕනි,
                                 මොකද ඔක්කොම මගේ විදියටම කරොත් කිසි අගයක් නැති නිසා,, කාමරේකට වගේ පාවිචිචි කරනව නම් ලයිට් සෙට් එක බිත්තියෙ ගහන්නත් පුලුවං,
                                   අතේ තියාගෙන යන්න හදාගන්නව නම් පරන බෝතලේකට, බටේකට, එහෙමත් නැත්තං සබං පෙට්ටියට හරි හයි කරගත්තත් කමක් නෑ,  මේ ඇටවුම මේ විදියට හදල,,,...  !
                                                         ඒ වගේම බැට්‍රි බැස්සම බල්බ් ටික ඩිම් වෙන්න පටං ගන්නව එතකොට අර පරන චාජර් ඒකෙන් චාජ් කරගන්න,,.. ජයයි,,

No comments:

Post a Comment