Loading...

Tuesday, November 28, 2017

පිහි මුවහත් තැබීමේ තාක්ෂණික ක්‍රම

                                                              ආයුබෝවන්

අද අපි කතා කරමු කොහොමද පිහියක් මුවහත් කරන්නෙ කියල පිහි මුවහත් කරන ක්‍රම කිහිපයක් තියෙන නිසා අපි  ඒ කිහිපයක් ගැන කතා කරමු.
මුලින්ම බලමු ආරක්ශාව සඳහා යොදා ගන්නා පිහියක් (ස්වයිවල් ක්නයිෆ්) එකක් මැදගන්නෙ කොහොමද කියල පහල පින්තූරය බලන්න,,
  මේ පිහියෙ ඔයගොල්ලන්ට පේනව  තලේ මැද ඉඳං පහලට කැපුමක් තියෙනව තලේ ඝන කම අඩු වෙන විදියට මේ කැපුම අවසානයේ තියෙනව තව නැම්මක් මේ නැම්මෙ ඉඳං  පහලට තියෙන්නෙ පිහියෙන් මොනව හරි කපද්දි ඒ අදාල වස්තුවත් එක්ක ගැටෙන පලවෙනි කොටස..,  මේ ජාතියෙ පිහි මදිද්දි මදින්නෙ ඒ කොටස විතරයි,
මොකද උඩ කොටසෙ ගල ගෑවුනොත් පිහියෙ හැම තැනම සීරිම් ඇතිවෙනව, මේ පිහියක් අලුතෙන් ගද්දි මේ නැම්මෙන් පහලට /\ මෙන්න මේ වී අකුර අනිත් පැත්ත ගැහුව වගේ තමයි තියෙන්නෙ. අපි මදිද්දි මෙන්න මේ ගැට්ට තලේ කලින් තිබ්බට වඩා ටිකක් උඩ පැත්තට වෙන විදියට මදින්න ඕනි ටිකක් ඇල ඉවෙන්න රූප සටහන් බලන්න
 ඉතිං මේ ජාතියෙ පිහි මැදිය යුත්තේ  ඉස්සරහ අතට  ,ඒ කියන්නෙ කැපෙන ඔය  නැම්ම ගල උඩ තියල චූඌට්ටක් තද කරගෙන ඉස්සරහට ගමන් කරවන්න ඕනි ගල උඩ
 දෙපැත්තම එහෙම වෙන්න මැදගන්න මල් පිහිය වගේ කැපෙනව එතකොට. කොහොම හරි ආනත බව වැඩි වෙන්නයි ඕනි.., ඉස්සරහ අතට මදිද්දි වෙන වාසියක් තියෙනව, ඒ තමයි පිටි පස්සට මදිද්දි හීරෙන යකඩ පාරවල් තලයේ මුහුනට එනව  එතකොට මෙන්න මෙහෙමයි තියෙන්නෙ
 ඒත් ඉස්සරහට මදිද්දි මෙහෙම කොටස් ඉතිරි වෙන්නෙ නෑ,...

දැං අපි බලමු ගෙදර තියෙන මන්න පිහිය එහෙමත් නැත්තං කැත්ත. කම්මලෙන් හැදූ ස්වදේශීය නිර්මානයක් නම් ඒව මේ දඩයම්  පිහි වලට වඩා වෙනස්.  ඒව ගෙ තලේ ඔය කියනව වගේ දෙවනි නැම්මක් එන්නෙ නැහැ ගොඩක් දුරට පලවෙනි නැම්ම වත් එන්නෙ නැහැ., ඒවගෙ තලේ කෙලින්ම පහලට වෙන්න වෙන්න තුනී වෙන විදියට හදල තියෙන්නෙ කපන්න කපන්න තලේ තුනී වෙලා මුවහත් වැඩි වෙන විදියට.,
මෙම පිහි මැදීමේදී කලිං මෙන් සුමට මැදීමක් අවශ්‍ය නොවේ ලීයකට වැලි දාල කරන්නත් පුලුවං , ගඩොලක්, පරන ටයිල් කැටේක පැත්තක් හෝ, කලු ගලක් ගෙන පස්සට මදින්න.
මෙලෙස දෙපැත්තම පස්සට මැදීමේදී තලයට සුවිශේශී දෙයක් වෙනව ඒ මේ රූපයේ විදියට ඉතාම කුඩා කූඹි අඬු වගේ දැති පිහිය පුරාම ඇති වෙනව.
මේ පිහි ඕනෑම කාර්යයකට ගන්න පුලුවං ජාතියෙ බඩු. . මට මහනිසී. මේක කොට කොටා කොරල් වල ඇඳල පාන්දර 5යි වෙලාව, මම නිදාගන්නව, කඩු, පොරව, එහෙම මුවහත් කරන විදිය ඉදිරියේදී කියන්නම්..,

No comments:

Post a Comment