Loading...

Thursday, November 30, 2017

ටැටූ මැෂින් එකක් හදමු (ප්‍රිසන් ස්ටයිල්)


මෙහෙමයි යන්ත්‍රයක් තමං කැමති විදියකට අටවනව කියන එක කියල දෙන්න පුලුවං දෙයක් නෙමෙයි, ඒක කොහේ හරි හිතේ ඇතුලකිං එන දෙයක්. මේ කාර්ර්ය සඳහා වෙන්න ඕන විදිය සරලව පෙන්නනව මේකෙ.,


අවශ ද්‍රව්‍ය ;;-
 පරන ඉවර වෙච්ච පෑනක්
 පොඩි මෝටරයක්,. (රේඩියෝ, ඩීවීඩී
ප්ලෙයර් වල තියෙන ඒව ඉතාම සුදුසුයි, බ්‍රශ් ලස් මෝටර් නම් මං දාල නෑ ඒ නිසා ශුවර් නෑ)
පොඩි යතුරු කට්ටක්
ඉඳි ක‍ටු 2,3ක්
නූල්
සුපර් ග්ලූ
වයර්
පවර් සප්ලයි එකක්,(පවර් පැක් එකක් හරි පරන චාජර් එකක පින් එක කපල ගත්තත් අවුලක් නෑ)
පරන ලී අඩි රූලක්
මෝටරේ ඉස්සරහට හයි කරන්න පුලුවං පොඩි වීල් එකක් ( ක‍ටුව උස් පහත් වන ප්‍රමානයට ගැලපෙන එකක්)

හරි මුලින්ම ක‍ටුව (නීඩ්ල්) හදාගන්න ඕනි, ඒක නම් අර කලිං අතින් පච්ච කොටන විදිය දාපු පෝස්ට් එකේ තියෙන විදියමයි, ඒක බලන්න මෙතන ක්ලික් කරන්න කමක් නෑ මේකෙත් කියන්නම් කො මුලින්ම පෑන ගලවල මැද තින්න බටේ ගලවල, තුඩ ගලවල විසි කරන්න. ඊට පස්සෙ ඉඳි ක‍ටු දෙකේ තුඩ සමාන මට්ටමට තියල නූලෙන් බැඳල සුපර් ග්ලූ ගාල අර පෑන් බටේට ගහන්න


 එතකොට ඒක හරි ඒක වේලෙන්න තියල,,, ගන්න ඔය  ගලවපු පෑනෙ ලොකු බටේ,,.. ඒකෙ උඩම කොටස නූල් හතරක් විතර කපල අයින් කරන්න..., ඒකෙ තුඩ තියෙන තැනට එන පොඩි තොම්බෙ අර ඉඳි ක‍ටු දෙක වැඩකරන්න තරම් ඉඩක් ඉතුරු කරන්න ඕනි..,

එතකොට ඒකත් හරි. ඊට පස්සෙ අර හොයාගත්ත පරන අඩි රූල අරගෙන ඒකෙ සාමාන්යෙන් වියතක් හරි වියත් තුන් කාලක් හරි කැල්ලක් කපාගෙන යට කොටස හරස් අතට තියෙද්දි අල්ලගන්න පුලුවං වෙන්න පිහියෙන් කපාගෙන එතෙන්ට අර ලොකු පෑන් බටේ බඳින්න,(අලවන්න)...,

 ,,.. හරි දැං මෝටරෙ අරං මේ අඩි රූලෙ උඩ රඳවන්න ඕන රඳවන විදිය මොකක් උනත් මෝටරේ කූර පැන් බටේට හරි කෙලිං තියෙන්න ඕන,.. මේකට තහඩු කෑල්ලක්  හරි ට්‍රාන්ස් ෆෝමර් වල තියෙන E අකුරක් ගන්න අවශ්‍ය ප්‍රමානයේ..... ඊට පස්සෙ ගන්න අර වීල් එක. ඒ චූටි වීල් එකේ අයිනෙන් ක‍ටුවක් රත් කරල හිලක් විදගන්න,. ,, ඊට පස්සේ ඇල්පෙනිත්තක් අරගෙන ඔලුව පැත්ත නූල්4ක් ඉතුරු කරං අනිත් පැත්ත කපල දාන්න

 ඊට පස්සෙ යතුරු ක‍ටුව දිග හැරල අර ඇල්පෙනිත්තෙ වටප්‍රමානයට චූටිරවුමක් හදල ඒක මැදින් ඇල්පෙනිත්ත යවල ඒක කැරකෙන්න පුලුවං තරම් බුරුලෙන් අර වීල් එක අයිනෙ විදපු හිලට ගම් දාල බස්සන්න,.... ඊට පස්සෙ මෝටරේට වීල් එක හයි කරල යතුරු ක‍ටු  කම්බියෙ යට පැත්තෙ නූල් ඔතල අර චූටි පෑන් බටේ සයිස් එකට මහත් කරල සුපර් ග්ලු ගාල බටේට බස්සල අලව ගන්න. දැං හරි කරන්ට් එකට ගහල වැඩ කරන්න,... තීන්ත හදන විදිය මෙතනින්..,

No comments:

Post a Comment