Loading...

Wednesday, November 29, 2017

ගෙදරදීම පච්ච කොටමු (ප්‍රිසන් ස්ටයිල්)


මම අද ගොඩක් කොල්ලොන්ට තියෙන උනක් ගැන සහ ඒ ආසාව ඉශ්ඨ කරගන්න විදිය ගැන කතා කරන්නම්.. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් හිටිය පච්ච කොටාගන්න, අපි පොඩි කාලෙ පෑන් වලින් ඇඳගෙන නොසෝදා දිගු කාලයක් තියාගන්න උත්සහ කලා.

 තවත් සමහර වෙලාවට ක‍ටුවක පෑන් තින්ත ගාල රටාවට ඇනගත්ත, මේ එකක් වත් දිගු කල් තිබ්බෙ නෑ, ඉතිං මං හිරේ ගිය දවස් දෙක තුනට මං මේ කැලෑ පච්ච කලාව ඉගෙන ගත්ත. 2009යෙ අවුය්රුද්දෙ ඒ කියන්නේ මං නමයෙ පන්තියේ, අද මං ඒක කියන්නම්, මුලින්ම ඕනි ටූල් එකක් ඒ කියන්නෙ පච්චෙ කොටන එක මේක අතින් කොටන්නත් පුලුවන්,
එහෙම නැති නම් මැෂින් එකක් හදන්නත් පුලුවං, මැෂින් එක හදන හැටි වෙනම පෝස්ට් එකක දාන්නම්, . ඒ පොස්ට් එක මෙතනින්
හරි අතින් කොටනව නම් ඕනි වෙනව
 ඉවර වෙච්ච පෑනක්
සියුම් ඉඳික‍ටු 2ක් හෝ 3ක්
නූල්
සුපර් ග්ලූ
හරි දැං මේ පෑන ගලවල මැද බටේ අරං තුඩත් ගලවල දාන්න ඊට පස්සෙ අර ඉඳි ක‍ටු 2,හෝ3, තුඩු සමාන්තරව තියෙන විදියට තියාගෙන නූල් කෑල්ලක් අරං එකට බඳින්න, හිල තියෙන පැත්ත, ඊට පස්සෙ සුපර් ග්ලූ එක අරගෙන අර ඉඳි ක‍ටු වල උඩ කෙලවරේ නූලටත් එක්ක අහු වෙන්න ගාල අර පෑනෙ තීන්ත තිබ්බ බටේට  බස්සන්න ;රූපය1 බලන්න..

රූපය 1

 ..  ඊට පස්සෙ ක‍ටු දෙක එලියට එන්න ආපහු පෑන් බටේ හයි කරන්න; රූපය 2 බලන්න

රූපය 2 

හරි දැං ටූල් එකේ වැඩ ඉවරයි, දැං තියෙන්නෙ තීන්ත එක හදා ගන්න, මේකට අපට ඕන පහන් දැලි,  මෙන්න පහන් දැලි එකතු කරන්න අවශ්‍ය ද්‍රව්‍ය.
කුප්පි ලාම්පුවක්
ලාම්පු තෙල්
යකඩ හෝ වෙනත් ගිනි නොගන්නා තැටියක්.,
මේකෙ ඇටවුම මෙහෙමයි ලාම්පුව පත්තු කර ලාම්පුවේ දුම හටගන්නා තැනටම වෙන්න තැටිය රඳවන්න ඕනි මේ වැඩේ කරද්දි පෙට්ටියක් ආධාරකයට ගත්ත නම් හරි ඉන්න ඇඳල පෙන්නනම්, රූපය 3,
රූපය 3 

  හරි ඔහොම ටිකක් වෙලා තිබ්බම ඔය තැටියෙ දැලි බැ‍ඳෙනව එහෙම බැ‍ඳෙන දැලි මොකකිං හරි හූරල හූරල එකතු කරගන්න ඕනි. එතකොට ඒව රොල් වෙලා වගේ තමයි ගැලවිලා එන්නෙ තැටියෙන් ඔහොම තුන් හතර පාරක් දැලි එකතු කරාම ඇති, ඊට පස්සෙ ගන්න ඕනි බුලත් කොල 6, 7ක් සහ චූටි ඉඟුරු කෑල්ලක් ඒ ටික හීනියට ලියල ටැටූ එක ගහගන්න පුද්ගලයට හපන්න දෙන්න ඕනි හොඳට හපල කෙල එකතු උනාම ඒ හපේ රෙදි කෑල්ලකට අරගෙන මොකක් හරි කෝප්පෙකට ඒ ටික මිරිකගන්න ඕනි, බුලතුයි ඉඟුරුයි විතරයි හපන්නෙ හාද? ඉඟුරු චූටි කෑල්ලයි ආ.,,,,  මේ මිරික ගත්ත කෙල ටික අරක්කු බෝතල් මූඩියක යට රබර් එක ගලවල ඒක හොඳට පිරිසිදු කරල  ඒකට පුරව ගන්න ඕනි, මෙහෙම පුරවන්න කලිං  මේ මූඩිය අල්ල ගන්න කම්බි කෑල්ලක් අඹරල කොකක් හයි කරා නම් ලේ සී, ඉන්න ඇඳල පෙන්නනම්;;  රූපය 4

රූපය 4 

  හරි දැං මේ කර අර කහට ටික දාල අර පහන් දැලි ටික ටික දදා ඇනයක් හරි මොකක් හරි එකකින් මේක කවලං කරගන්න ඕනි මේක තමයි අමාරුම කෝස් එක., දැලි ලේසියෙන් දිය වෙන්නෙ නෑ කොහොම හරි හිමින් හිමින් වැඩේ කරගන්න, කෙල වැඩී වගේ නම් අර කොක්කෙන් අල්ලගෙන ලාම්පුවට අල්ලල වැඩි වතුර වාශ්ප කරල දාන්න , ලාම්පුවට අල්ලද්දි කලු ජෙල් පෑනක් කඩල දැම්මත් කමක් නෑ උකු වෙන්න, හරි ඔහොම තින්ත එක දිය කරගෙන දිය කරපු උපකරනයෙන්ම තින්ත බින්දුවක් අරගෙන කොලේක ඇඳල බලන්න කෑලි කැලි පේන්නෙ නැති වෙන්න තනි කලුවට ඇ‍ඳෙනවද කියල., එහෙම ඇ‍ඳෙනව නම් තින්ත එක හරි,,...!

 දැං තමන්ට ඕන පච්චෙ කොලේක අඳින්න ,,

 ඊට පස්සෙ ගහන්න ඕන තැන හමේ ඩෙටොල් දාල පිහදාල තව ඩෙටොල් ටිකක් යන්තමට ගාල අර ඇඳපු කොලේ හමේ අලවන්න, ටිකක් තියල බුශ් ගාල ඇදල ගන්න එතකොට අර පැන් ඉරි ටික එහෙමම හමේ හිටල තියෙනව  ඒ ක අඳිද්දි කොලේ යට පැත්තෙ කාබන් කොලයක් තියල උඩින් අඳින්නෙ එතකොට යට පැත්තෙ වැදිච්ච කාබන් පාර තමයි හමේ තියන්නෙ, පොඩ්ඩක් බලල කරන්න ඕන, හරි දැං කෙටිල්ල තමයි තියෙන්නෙ මේ පෝස්ට් එකේ අතින් කොටන විදියනෙ කියන්නෙ, ඉතිං අර මුලින් ඉඳි ක‍ටු ගහල හදාගත්ත පෑන අරගෙන , ක‍ටු දෙක තීන්ත එකට ඔබල අරගෙන මැෂින් ඉඳි ක‍ටුව වැඩ කරනව වගේ කෙලිං අතට පහලට වදින්න කොටන්න ඕනි, ඇල කරල කෙ‍ටුවට කමක් නෑ ඒත් හම ගහගන්න එපා,... ඔහොම මුලින්ම ලයින් ටික කොටන්න ඕනි ( සැහෙන්න අමාරු වැඩක් මේක) හිත හයිය එකාට නම් කජු කනව වගේ,. එහෙම කොටල පිරිසිදු රෙද්දකිං හරි පේපර් සවියට් වලිං හරි පිහිදාන්න පිහදැම්මට පස්සෙ කෙටිල තියෙන තැං එහෙමම ඉතුරු වෙනව. කෙටිච්ච නැති තැං පිහ දැමෙනව එතකොට ඒ අඩු පාඩු පුරේගෙන කොටාගෙන යන්න  ඕන

මං කොටාගත්ත එක

 මේ මං අතින් කොටපු එකක් , මැෂින් එක හදන විදිය හෙට කියන්නම්., ජයයි

එත් ඉතිං මං මේක කරන්න කියල කියනව නෙමයි කරගන්න දුක් විදින අය කර ගත්තට කමක් නැ....,!

No comments:

Post a Comment