Loading...

Friday, March 23, 2018

පරන ෆෝන් බැට්‍රියෙන් සිගරට් ලයිටර් එකක් හදමු.,


ඕනම ගෙදරක පරන විසි කරල දාපු ෆෝන් බැට්‍රි දෙක තුනක් හොයාගන්න අමාරු නැහැ, අද කියන්නම් අයින් කරපු ෆෝන් බැට්‍රි වලිං ඔයාලගෙ කාමරේට, වෙළඳ සැලට, එහෙමත් නැති නම් සාක්කුවෙ දාගෙන යන්න පුලුවං වෙන විදිහෙ ලයිටර් එකක් හදන්නෙ කොහොමද කියල,

 හරි මුලින්ම මේ බඩු ටික හොයාගන්න,
*පොඩි ස්ප්‍රීන් එකක් ( පැන් වලට එහෙම එන ස්ප්‍රීන් හොඳයි)
 *ෆෝන් බැට්‍රියක්
*මැද තනි තඹ කම්බිය එන වයර් එකක් (උනු වෙන්නෙ නැති ඕනිම වයර් එකක් කමක් නෑ)
*ස්විච් එකක් (ඒකත් උනු වෙන්නෙ නැති ඕනිම විදිහෙ එකක් ගත්තට කමක් නැ)
*ඊයම් සහ බවුත් එක
*වෝල්ට් 12ක් ගන්න පුලුවං පවර් පැක් එකක්. (පොඩි උං සෙල්ලම් කරන්න ගන්න එකක් උනත් කමක් නෑ)

                                    හරි මේක අටවගන්නෙ මෙහෙමයි,
                                                                                       මුලිංම බැට්‍රිය අරගෙන ස්ටිකර් එක ගලවන්න ඕනි, ඊට පස්සෙ උඩ පින් තුන තියෙන ප්ලාස්ටික් පතුරත් අඬුවෙන් අල්ලල ගලවගන්න ඕනි, ඒක ගැලෙව්වම හම්බවෙනව පොඩි බෝඩ් කෑල්ලක්, මේ පරිපථයෙන් තමයි බැට්‍රියෙ තියෙන1800 mAh විතර ධාරාව ෆෝන් එකට ඕන ගානට අඩුකරල දෙන්නෙ,.
                          ඒත් මේ වැඩේදි අපිට ඒකෙන් වැඩක් නෑ,. ඒ නිසා ඒක කඩල විසි කරල දාන්න,.
                                            ඔන්න දැං හරි දැං බැට්‍රියෙ තියෙන සම්පූර්ණ ධාරාව කෙලිංම ගලාගෙන එනව ඔය බෝඩ් කෑල්ලෙ දෙපැත්තට පාස්සල තිබ්බ තහඩු පතුරු දෙකෙන්,
 හරි දැං ඕක ඔහොම තියල ස්ප්‍රීන් එක ගන්න ඒක තමංට ලේසි විදියකට හදාගෙන ඒකෙ දෙපැත්තට වයර් දෙකක් පාස්සගන්න, ඊට පස්සෙ එක වයර් එකකට ස්විච් එකක් ගහල ඊට පස්සෙ බැට්‍රියට දෙන්න ඕනි,
                                                    එතකොට ස්විච් එක දැම්ම ගමං ස්ප්‍රීන් එක තැඹිලි පාට වෙනව, ආහ් ඔය බැට්‍රිය චාජ් කරන්න ලයින් එකකුත් ගහගන්න ඕනි, පැටලෙනව මේව කියන්න ගියාම, චාජ් කරන්න ඕනි කොහොමත් අර ස්ප්‍රීන් එක රත් වෙන ස්විච් එක ඕෆ් කරලනෙ, ඒ නිසා වැඩිය මහන්සි වෙන්න ඕනි නෑ  නිකංම ඔයා හොයාගත්ත පවර් පැක් එක 12ට විතර දාල බැට්‍රියට සම්බන්ධ කරන්න.
                                                                   දැං ඕක ඔහොම මූට්‍ටු කර කර පාවිච්චි කරන්න බැරි නිසා ඕක කොහේ හරි ප්ලේස් කරන්ඩ ඕනිනෙ., ඒක ඔයාලගෙ වටපිටාව අනුව තමයි තීරනය වෙන්නෙ, එක්කො ඇඳවිට්ටමේ, හරි ජනේල් හුළුඅස්සෙ හරි, දොර පිටිපස්සෙ උනත් හයි කරන්න පුලුවං, පොඩි උංට නම් අම්ම ඇහුවත් අවුලක් නෑ, මොකක් හරි බයිලයක් ගහන්න පුලුවං නෙ, ඉතිං ඕක ඒ වගේ තැනක ගහද්දි මෙහෙම කරන්න ඕනි,
          ඔකෙ ස්ප්‍රීන් එක එන තැන පිටිපස්සට පරන සකිට් බෝඩ් කෑල්ලක් හතැ‍රැස් වෙන්න කපල අදාල තැන තියල ඇන දෙකක් ගහගන්න දෙපැත්තට, ස්ප්‍රීන් එකේ වෙන ලෝහ ගෑවුනොත් ඉක්මන්ට නිවෙනව, ඒ නිසා අර බෝඩ් කැල්ලක් දැම්මම පට්ට සෑහෙන්න කල් තියෙනව පිච්චෙන්නෙ නෑ,.
                               ඒකෙ මැදට ස්ප්‍රීන් එක හිටින්න තියල යට පාස්සපු වයර් දෙක කෙලිං තියල ඇන දෙකක් ගහගන්න, ස්ප්‍රීන් එකේ ගෑවෙන්න බෑ ආ.,
                                               බැට්‍රියත් කොහේ හරි තියන්න ඕනි එහෙමෙහෙ වෙන්නැති වෙන්න, ,,
මේක සාක්කුවෙ දාගෙන යන්න හදනව නම්  ලී වලිං වගේ පොඩි බ්ලොක් එකක් කපාගන්න , ඊට පස්සෙ පහල තියෙන රූපයෙ වගේ හදාගන්න ඕනි,,.!

බැටරිය කිසිම පරිස්සමක් නැතුව පාවිච්චි කරන නිසා ඉක්මනින් සවුත්තු වෙන්න ඉඩ තියෙනව, එහෙම සවුත්තු උනොත් ක්ෂණික වෙන බැට්‍රියක් දාගන්න ,,. ජයයි!

3 comments: