Loading...

Saturday, March 10, 2018

මදුරුවන් මැරීම නවතා ජීවිතයට යහපත් කාලයක් උදාකරගමු..


මදුරුව කියන්නෙ හැමෝටම කරදරයක් වෙන සතෙක්, ඉතිං මූ අපිව කද්දි අපිට රිදෙනකොට ස්වභාවයෙන්ම අපේ අත එතන වදිනව, එහෙම වැදිල සමහර වෙලාවට අපි දන්නෙමත් නැතුව මදුරුව මැරෙනව, සමහර අය එහෙම මැරුනෙ නැති උනොත් පස්සෙන් එලවගෙන ගිහිං කොහොම හරි මරනව, තවත් සමහර අය මදුරුවො දකින දකින තැන මරනව , ඒ වගේම මදුරුවට අනුකම්පා කරල යන්න දෙන අයත් ඉන්නව, මම අද කියන්න යන්නෙ මදුරුවොන්ට අභය ධානය දෙන්න
මම භාවිතා කරන  ක්‍රම, ඉතිං ගොඩක් වෙලාවට කැලෑවල් ඇතුලෙ රිංගගෙන ඉද්දි මදුරුවො පහර දෙද්දි නම් ඉතිං පිඹ පිඹ තමයි එලවල දාන්නෙ, ඒත්  කාමරේක ඉද්දි කොච්චර පිම්ඹත් වැඩක් නෑ නෙ ඌ ආපහු කැරකිලා එනව,
                                                                       
ඉතිං කොහොමද බේරෙන්නෙ කියල හිත හිතා ඉඳල යාලුව එක්ක පැකට් එකක් ගහ්ද්දි තමයි ඌ කිව්වෙ මේ ක්‍රමය, කරල බලන්න මේක කරල ඔයාලට යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වටපිටාව ගොඩනගා ගන්නත් පුලුවං නුවන ඇති කෙනෙකුට නම්,,.
                                        මෙන්න මේකයි ක්‍රමය, කාමරේ දි ඔයාලව කන්න  එන මදුරුවො දැක්කම ඔයාලට මරන්න හිතුනත් මරන්නෙ නැතුව මදුරුවව පන පිටින්ම අල්ලගන්න උත්සහ කරන්න ඕනි. ඊට පස්සෙ කොහොම හරි මදුරුවව අල්ලගෙන ජනේලෙන් එලියට දාල නිදහස් කරනව, ඊට පස්සෙ එකයි(1) කියල ගනං කරනව, 
                                                           තව එකෙක් කන්න ආවොත් ඌවත් අල්ලල එලියට දාල දෙකයි(2) කියල ගනං කරනව, මෙහෙම දිගටම කරගෙන යන්න ඕනි, බැරි වෙලාවත් එකෙක් වත් මැරුනොත් එහෙම ඔයාලට හම්බවෙන ඳඩුවම ඔයාල තුලින්ම ක්‍රියාත්මක කරන්න ඕනි,
ඒ කොහොමද කියනව නම් එකෙක් හරි මැරුනොත් මුල ඉඳං ගනං කරන්න පටං ගන්න ඕනි,  ඒවගේම ඔයාලගෙ මලගිය ඤාතීන්ට පිං අනුමෝදන්  කරන්නත් නිදහස් කරන කරන වාරයක් පාසා අවස්ථාවක් ලැබෙනව, ඒ වගේම ටික කාලයක් මේක කරගෙන යද්දි ඉස්සර මදුරුව තලන්න නිකංම ගිය අත , මදුරුව ජීවග්‍රහයෙන් අල්ලන විදියට යන්න පටංගන්නව,
                           ඒ කිව්වෙ මදුරුව මිටින් ගන්නව මැරෙන්නෙ නැති වෙන්න, මදුරුවො මරන්නෙම නැතුව ටික කාලයක් යද්දි මදුවො ඔයාලව කන්න එන එකත් අඩු වෙනව, ඒ කිව්වෙ කොච්ච්චර මදුරුවො ඉන්න තැනක උනත් ඔයාලට නිදහසේ ඉන්න පුලුවං වෙනව,.  කරල බලන්න , ඔයාලට සන්තෝසෙන් ඉන්න පුලුවං වෙයි.,

4 comments: