මෙයින් අවුරුදු තුන්සිය හැට ගානකට පෙර, ඈත ගොළු මුහුදේ මඳ පවනින් යාත්‍රා කල විශාල නෞකාවකි . ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ , මේ නැවේ විශාලත්වය පමනකි. එහෙත් ලං වී බලන්නෙකුට එහි අබලන් බවද පෙනෙයි..
මෙ වූ කලි , නිකම් අබලන් වු නැවක් නෙවේ. මුහුදට පරන වීමෙන් ජරාවට ගිය නැවක්ද නොවේ., සිංහල නැව් වඩුවන් විසින් කර දියට ඔරොත්තු දෙන ලෙස සිංහල දැව - ඳඬු වලින් නිමවා, මේ අලුතින් දියත් කළ නැවකි.
එහෙත් කිසියම් බිහිසුනු සටනකින් අඩ පණ වූ විශාල සත්වයෙකු මෙන් දැන් නැව මුහුදේ පා වෙන්නේය ප්‍රතිකාවලුන්ගේ හෙන ගෙඩි වන් වෙඩි සැර වලින්
මෙහි කැඩී - බිඳී ගිය තැන් ගනන් නැත. මහ කුඹයද මහ රුවලද ඇනිය හා අවර සැරසුණු කිඳුරු රුව හා මකර රුව ද දැන් මෙහි නැත. සිතට ප්‍රීතිය සහ ගතට සුව පහස ගෙන දෙනු වස් එහි මතු මාලේ සැදුනු සියල්ලෙන් දැන් ඇත්තේ සුන් බුන් පමනකි .
නැව යාත්‍රා කරන්නේද ගමන් යා නොහැකි රෝගියෙකු මෙනි. එහි තවත් ඉතුරු වූ රුවල් කිහිපයකි. ඒ කිහිපයෙන් බැඳෙන සුලඟින් පමනක් මීට යාත්‍රා කල නොහැකී.
පෙලකට හබල් පනස බැගින් දෙපැත්තට හබල් සීයයකට ඉඩ ඇත්තත් දැන් එහි ගෑවෙන්නේ හබල් පනස් ගනනකි , හෙ ද පන ඇතිව කැරකෙන්නේ නොවෙයි , මේ හබල් ගාන්නෝ ජීවිතයට වඩා දැන් මරනය ප්‍රිය කරති. කුමක් නිසාද යත් අපායකදී වත් ඔවුන්ට මෙවැනි ඳඬුවමක් , වදයක් නොලැබෙන හෙයිනි.
ඔවුන්ගේන් කංකානමට වඩා නිරයේ යම පල්ලන් දරුණුවිය නොහැක. ළෙව් - පපුකම් නැති මේ පුර්ශයා ඔවුන්ට දහදිය වත් සූරා දැමීමට අවසරයක් නොදෙයි. ඔහුගේ කස පහරින් ඉරි තැලුනු ඇතැමෙක්ගේ පිටෙන් ලේ ගන්නේය, මේ වදයට පත් උන මින්සුන් අතර සුදු මිනිසුන් කිහිප දෙනෙක්ද වෙති. මෙ සුදු මිනිසුන්ද කළු මිනිසුන් මෙන්ම ප්‍රතිකාවල් නැව් වලින් සිර අඩස්සියට පත් භාරත වැස්සෝය,
මේ නැව් පදින්නන්ගෙන් කිසි කෙනෙක් බිම
වැටුණු ගමන් සිටිති , කස පහරකින් තබා වෙඩි පහරකින් වත් ඔවුන් නැවත නැගිටුවා ගත
නොහැකියි. ඔවුන්ට විඩා එතරම්ය . ඇතැම් තව්වක් හබල නැතුව පාලුවට ගියේ මේ නිසාය.
නැවේ නියමුවා කළු සිංහලයෙකි . ඔහු උසය ;
මහතය; පෙනුමෙන් රළුය . ස්වාදෙශනුරාගයෙන් නම් ඔහුට සරි කළ හැකි කිසිවෙක් මේ නැවේ
තබා රටේද නැති . මේ තෙමේ සීතාවක රාජසිංහයන්ගේ
සමුද්‍ර නායක නම් වූ නෞකාදිපතියාය . ඔහු දැන් සිටින්නේ බටහිර මුහුදේය .
ඔහුගේ පාලනය යටතේ ඇති නැව් දසයකි .
මේ කල , නාවික බලයෙන් සිංහලයන් අත ඉතුරු වුණේද මේ පමණකි. මේ නැව් දසයෙන් බටහිර වෙරළ මුර
කරන සමුද්‍රනයකයෝ , ගෝවෙන් කොළඹ කොටුවට සහය පිණිස ආ ප්‍රතිකාවල් සියල්ල වරක්
මුහුදු බත් කළහ . ප්‍රතිකාවලුන්ගේ නාවික බලය සීමා රහිතය . ඔවුන් සමූලඝාතනයෙන්
විනාශ කල නොහැකි වුවත් , රාජසිංහයනට කොළඹ
කොටුව දිගු කලක් අඩස්සි කර ගෙන සිටින්නට උපකාර වූණේ මේ
නෞකාධිපතියා මුහුදු සටනින් වරින් වර
ප්‍රතිකවලුන් ජය ගත හෙයිනි .
එහෙත්
අවසානයට ප්‍රතිකාවල් නැව් තිස් ගණනක් එක විට යුද වන් හෙයින් ඔහු දුබල විය .
සමුද්‍ර නායකයෝ මේ කල්‍යාණි නම් වූ අග්‍ර නෞකාව හැර සෙසු සිංහළ නැව් සියල්ල එයින්
මුහුදු බත් විය . ප්‍රතිකාල් නැව් ගණනක්ද ඒ සමගම මුහුදු බත් විය..
යුද්දෙන් පැරද , සෙවණක් බලා වහ වහා
යාත්‍රා කරන මේ කල්‍යාණිය නටඹුන් උවද , තව
මත් මුදුනේ ලෙළ දෙන රක්තවර්ණ චතුරස්‍රය
මැද ස්වර්ණ වර්ණයෙන් බබළන සිංහළ ධ්වජය
දරන්නේය .
“ මේ තමා අන්තිම සිංහළ නැව ---- සිංහළ කොඩිය මුහුදේ ලෙළ දෙවන අන්තිම සිංහළ නැව “ කියා සමුද්‍ර
නායකයෝ පසකින් සිටි මහල්ලෙකු දෙස බලා සුසුම් හෙළූහ
“ඔබ එසේ කියන්නේ ඇයි සිහල රාජ්‍යය
ලෙහෙසියෙන් අභාවයට නො යයි “ මෙසේ පිළිතුරු
දුන් ඒ මහල්ලා “වහබ” නම් වූ මුස්ලිම්
නැවියෙකි .
“මේ දියත් කරන දා --- මම , නිමිති දන්නා එක්තරා මැහැල්ලක ගෙන් විචාළෙමි . අන්තිම සිංහලේ නැව , මේ බව ඈ
කීවා ය -- මා අන්තිම සිංහළ නැවියා බවද
කීවාය ..”
“එහෙනම් මුහුදේ රජකම පරංගින් සතු වේවි “
යි මුස්ලිම් නැවියා කීය.
සමුද්‍ර නායකයෝ කතා නොකළහ . දෙවුර නඟා
, යුගත් විදහා එය ගැන කියන්නට තමන් කිසිවක් නොදන්නා බව අඟවා , ඈත මුහුද බැලුණු
බැල්මෙන් සිටියාහ .
අන්න ! අන්න ! පරංගි නැව් දෙකක් ---“
මෙසේ හඬ නගන ලද්දේ බැලුම් ගහ මුදුනේ සිටි රැකවලෙකු විසිනි ., එයින් කවුරුත් කලබල
වූහ .
“ඔවුන් එන්නේ අප ලුහු බැඳගෙනයි .”
සමුද්‍රනායකයෝ කීහ .
“”ඔවුන් එන වේගය ! තව පැයකින් අපට
කිට්ටු කරාවි “ යි මහලු මුස්ලිම් නැවියා කීය .
“බොලව් කොල්ලනි ! හැකි තරම් ඉක්මනින්
වෙරළ බලා පදිව් !”
මෙසේ අණ දෙවුනේ සමුද්‍රනයකයන් විසිනි .
ඒ අනින් ඔහු අත වැසියෝ උනන්දු වූහ . එහෙත් ගමනින් නම් නැවේ අමුත්තක් නොවීය . පළමු
ගමනින්ම කල්‍යාණිය යාත්‍රා කෙළේය .
“කිමෙක් ද බොලව් ! ගමන මෙසේ නම් තව
පැයකින් අප සතුරන් අතට පත් වෙමු” යි සිංහළ මහ නැවියා යළිත් ගර්ජනය කෙළේය .
“අර ගැහැණියගේ සාස්තරය හරියන්නට වගෙයි
එන්නේ --“ මුස්ලිම් නැවියා ද කීය .
දැන් දැන් ප්‍රතිකාවල් නැව්වල මහ
තුවක්කුද පෙනේ -- කල්‍යාණියේ හිද මහ
තුවක්කු දෙකකි .
වෙඩි බෙහෙත් නැති හෙයින් එයින්ද ප්‍රයෝජනයක් නැති .
සිංහළ මහ නැවියා තවමත් මුදුනේ ,සැලෙන
සිංහළ කොඩිය දෙස බලා සුසුම් හෙළුවේය . සතුරකුට මුහුණ දෙන්නට සැරසුණු ව්‍යඝ්‍රයෙකු
මෙන් ඔහු දැන් රෞද්‍ර ය.
දැන් දැන් ප්‍රතිකාවල් නැව්වල කොඩිය පමණක් නොව තුවක්කු පමණක් නොව , නැවියෝද පෙනෙති
. දැන් ඔවුන් එ තරම් ළඟ ය .
“කිමෙක් ද මේ ? දැන් තුවක්කු ගිනි
දෙන්නට සුදුසු තැන ඔවුහු අපට වෙඩි නොතබති .” මෙසේ කියා සමුද්‍රනයකයෝ පුදුමයෙන් බලා
සිට ,” හා! හා! හා!,.. දරුවෙනි , ඔවුන් හදන්නේ අප සිර භාරයට ගන්නයි, අන්තිම සිංහළ
නැව සහ නැවියා සිර භාරයට ගන්නයි ---ඒ ?” කියා ඔහු වියරු සිනාවෙන් යුතු විය .
“දරුවෙනි , අපගේ කල්‍යාණියත් අපත්
පරංගි රට වැසියනට . පවුල් පිටින් පැමිණ බල-- බලා, සතුටු වන්නට සුදුසු වස්තුවක් වන
තැනට ඉඩ දෙමුද ?“ යි ඔහු යළිත් ඇසුවේය.
“ඉඩ නොදෙමු !....... ඉඩ නොදෙමු !...,. “ යනුවෙන් නැවියෝ එක හඬින් මුර ගෑහ .
කළු මිනිසුන්ගේ නැවක් නැවියන් සමග
අල්ලා ගත විට , එම නැව සහ නැවියෝ සිය රැටියනට
දැකුම් පිණිස ලිස්බන් වාරායේ තැන්පත් කිරීම ප්‍රතිකාවලුන්ගේ සිරිත වූ හෙයින්
, එවැනි නින්දා නොකැමැති වූ සිංහලයෝ මෙසේ නොකැමැත්ත ප්‍රකාශ කළාහ..
“දරුවෙනි , එසේ නම් යදම් වලට පලයව් !
මා අණ දුන් කෙණෙහි අවුලුම් බිලි දමව් !”
මෙසේ පවසන සමුද්‍රනයක තෙමේ හබල් බංකු වලින්
වහලුන් මුදා , ඔවුන්ට කැමති පරිද්දෙන් විශ්‍රාම ගන්නට ඉඩ හැරියේය .
පැදීම නතරවූ
කෙණෙහි නැවේ ගමන තවත් බාල විය සතුරු නැව් දෙකේ
ගමන වඩාත් ඉක්මන් විය
සිංහළ නැවේ ගමන බාල වීම හා සමග ප්‍රතිකාවල්
නැවියන්ගේ සතුට දියුණු විය . මේ සිංහළ නැව ද, තමනට මෙතෙක් හිරිහැර කළ මේ මහ සිංහළ
නැවියාද ජීවග්‍රහයෙන් අල්ලාගෙන ගෙන සිය මහ රජුන් වෙත තුටු පඬුරු කර , සිය
රැටියනට දැකුම් පිණිස යැවීම දැන් ප්‍රතිකාවලුන් තුළ පවතින අදහසය .
මෙතෙක් දුර මේ
එකම නැව ලුහුබැඳ ගෙන , ඔවුන් පැමිණියේ ද එහෙයින් මය . කල්‍යාණියගේ ඔද -මද කිසිත් නැති බවත් වෙඩි බෙහෙත් ගැබ හිස් බවත්
ඔවුහු ඉඳුරා දනිති . එහෙයින් , කිසි බියක් හෝ සැකයක් නැතිව , ප්‍රතිකාවල් වරු සිය
නැව් දෙක දෙපසින් දමා සිංහළ නැව මැදිකරගෙන , යළි අවුලුම් බිලියෙන් ඈඳා ගන්නට වෑයම්
කළාහ.
“කොල්ලනි , අවුලුම් බිලි දමව් ! යදම්
අමුනව් !”කියන සමුද්‍රනයකයන්ගේ මේඝ නදයකට බඳු හඬ මෙවෙලේ කල්‍යාණිය පුරා රැව්
දුන්නේය .
සිංහළ නැවියෝ ද යදමින් හා අවිලුම් බිලියෙන් පරංගි නැව් දෙක දෙ
පසින් ගෙන තමන්ගේ නැව හා ඈඳා ගන්නට වූහ.
ප්‍රතිකාවල් නැවියනට මේ පුදුමයකි , කල්‍යාණිය
යටත් වන්නට නොව ,තමන් ඈඳා ගෙන කඩු ගෑමක් කරන්නට
සැරසෙන බව දැන් ඔවුනට පෙනෙයි .
නොඑසේ නම් මේ තරම් වෑයමින් හා මහන්සියෙන් ඔවුහු
සතුරු නැව් දෙක යදමින් බැඳ තමනට ලං කරගන්නට නොසිතති.
“සතුරන් මෙහි වදින තෙක් නොසිටව්! ලං වූ
කෙණෙහි නැව් වලට පැන ඔවුන් කඩු ගාපියව්!”
සමුද්‍රනායකයෝ අණ දුන්හ, සිංහලයන් මරු විකලින් සතුරන් මරාගෙන මැරෙන
සිතින් කරන්නට යන මේ දෙය දුටු ප්‍රතිකාවල් වරු කල්‍යාණිය තමන් නැව් හා ඈඳා ගත් නමුදු සුදුසු
පමණ සමීප විමට නො දී වලක්වා ගත්හ; කල්‍යාණිය අහිංසක හෙයින් නුදුරු තන්හි තබා ඇදගෙන
, ගොවෙට යන අපේක්ෂාවද ඇති කළාහ .
“ඔවුහු අපට සටනකට අවකාශ නොදෙති . අපේ
නැව අපිට සිර ගෙයක් කොට ගෝවට අපි ඇදගෙන යන්නට අදහස් කරයි” මුස්ලිම් මහල්ලා සිංහළ නෞනායකයා දෙස බලා කීය .
“ඔවුන් මේ පටලැවුනේ අන්තිම සිංහළ නැව
සමග බව තුමූ නොදනිති ද?. හා ! හා ! වහබ !
දැන් ඉතිං දෙවියන් සමග තොපගේ සමයනුකූල වැඩක් වෙතොත් කර ගනුව “යි කියමින් සිංහළ
නෞනායකයා නැවේ යට තට්ටුවට බැස්සේය .
සමුද්‍ර නායකයන් කී දෙය ‘වහාබ’යනට එකෙනෙහි
නො වැටහුනේය , එහෙත් විනාඩි කිහිපයකට පසු , යකුන් දහසක් එක වර නැගියා වැනි වියරු
සිනා මුහුණින් යුතුව , සමුද්‍ර නායකයන් උඩ තට්ටුවට යලි පැමිණි කෙණෙහි වහබ’යනට පමණක්
නොව සිංහළ නැවියන්ට පමණක් නොව සතුරු නැව් වල ප්‍රතිකාල් නවියන්ටද කරණය ප්‍රත්‍යක්ෂ
විය. එහෙයින් ප්‍රතිකාල් නැව් දෙකේද මහත් කලබල හට ගත්තේය .
මෙහි දී කටයුතු දෙය නිශ්චය කරගත
නොහැකිව ඔවුහු මුලා වූහ.
යදම් කපා දමා වහා සිංහළ නැව කෙරෙන් තමන් දුරු වන එක දැන්
කටයුතු නමුත් ඊටද කලක් නැත. ඔවුන් බැඳුනේ -- මේ කල්‍යනියට බැඳුනේ ---තම යදම් වලින්
විතරක් නොවේ -- සිංහළ යදම් වලින් ඊට ද වඩා
තරයේ බැඳුනු හෙයින් නිදහසට කොහෙත්ම කලක් නැත . ඔවුන්ට දැන් ඇත්තේ සිංහලයන්ට සාප
කරන්නටත් උමතුවෙන් කෑගහන්නටත් පමණකි ,.
සිංහලයෝ ඔල්වරසන් දුන්හ . ස්වකීය නෞකාධිපතියාගේ
ස්ථානෝචිත ප්‍රඥාව නිසා දැන් ඔවුනට මරණය සැපයකි.
සතුරද මරාගෙන මැරෙන්නට ලැබීමේ සැපයටද වඩා සතුරා මරණ භයින් තැති ගෙන කරන විකාර දකිමින් මැරෙන්නට ලැබීම ඔවුනට ඊට වඩා සැපයකි.
සමුද්‍ර නායකයා විසින් බිඳින ලද පතුල
ඇති කල්‍යනිය දැන් කිඳෙන්නට පටන් ගත්තේය . දෙපසින් ඈඳුණු සතුරු නැව් දෙකද ඇදගෙන
කිඳෙන්නට පටන් ගත්තේය.
“යමව් ඉතිං අපත් සමග--- ලිස්බනයට
නෙමෙයි --- මුහුදු පතුලට” කියමින් සමුද්‍ර නායකයෝ සතුරු නැව්පතියනට සරදම් කරමින්
සිංහළ ධ්වජය දෙස යොමු වූ දෙනෙතින් යුතුව ,
සයුරු බත් වූහ .
කල්‍යාණිය තමන් ගිලෙමින් සෑදු මහා ජාල ප්‍රපාතයට සතුරු නැව් දෙකද
ඇද ගනිමින් , මේ අන්තිම සිංහළ මහා නැවියාට
ගෞරවයෙන් මෙන් මහා පලිඟු කුළුණක් වැනි මහ දිය කඳක් නැගීය ; මහා හඬක් නැගීය ;
එපමණකි......!!!!
No comments:
Post a Comment