Loading...

Wednesday, September 4, 2024

සවුත්තු වුන බවුත් බිට් එක නැවත ප්‍රකෘති කරමු



හැම බවුත් බිට් එකේම සෙරමික් කෝඩින් එක ගිහිපු ගමං ආයෙ ඒකෙ ඊයම් ඇලෙන්නෙ නැහැ. , රත් වෙද්දි ඔක්සයිඩ් ලෙයර් එක බැඳුනම ඊයම් උනු වෙන්නෙත් නෑ, මේක ඉතිං වැලි කඩදාසි වල අතුල්ල අතුල්ල සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඩොට් එකක් තියාගන්න, මේ විදියට සවුත්තු වුන බිට් 40w වගේ බවුත් වල මෙහෙම අතුල්ල අතුල්ල පාවිච්චි කරන්න පුලුවන් වුනාට 60w ,80w වගේ හීට් එක වැඩි බවුත් වල ඊයම් ඉක්මන් පිච්චෙන නිසා කොහොමත් ඔක්සයිඩ් ලෙයර් එක බැඳෙනව ෆ්ලක්ස් වලට අහන්නෙත් නෑ රට දුම්මල වලට අහන්නෙත් නෑ.,  ගිනි වතුරට දාල චූස් ගාල නිවපු ගම ඔක්සයිඩ් එක ගැලවිලා ගියත් ආයෙ රත් වෙදි බැඳෙනව.

තඹ කූරු කෑල්ලක් පාවිච්චි කරන්න පුළුවන් නමුත් ඒකටත් ඔය අර්බුදේ ඔය විදියටම තියෙනව , 

මේ වගේ ගන්නම දෙයක් නැති ඕන බිට් එකක් ප්‍රකෘතිමත් කරන්නෙ මෙහෙමයි 


බවුත් බිට් එක ගලවල ගන්න ඕන. ඊටපස්සෙ තඹ පාට මතු වෙනකං ග්‍රයින්ඩ් කරගන්න ඕන.


ඊටපස්සෙ කඩේ තියෙන පිත්තල වෙල්ඩින් කූරු කෑල්ලක්  හොයාගන්නව. තව බෝරෙක්ස් (පුශ්කර) චුට්ටකුත් ඕන. 


ඊටපස්සෙ කරන්නෙ ඔක්සි ඇසිටිලින් වලිං හරි ප්‍රොපේන් ටෝච් එකකික් හරි මේ බවුත් බිට් එකේ තුඩට පිත්තල ඩොට් එකක් තියාගන්නව.


එහෙම බැරි නම් ගෑස් වෙල්ඩින් කරන තැනකට ගිහිල්ල පොඩි පිත්තල ඩොට් එකක් තියව ගන්න ඕන. 


ඒත් බැරි නම් පොල්කටු අඟුරු  ටිකක් පත්තු කරල පොඩි බටේකිං පිඹ පිඹ බවුත් බිට් එක රත් කරනව. පිත්තල කූරත් රත් කරල බෝරෙක්ස් ටිකක් ගාල අර විදියට පිඹ පිඹ බවුත් බිට් එකේ පිත්තල කම්බිය තියාගෙන ඉන්නව උනු වෙලා බිට් එකට පිත්තල වදිනකං, 



ඊටපස්සෙ ග්‍රයින්ඩ් කරල උල් කරගන්න ඕන, මේ විදියට

ඊටපස්සෙ ඕන තරම් ඊයම් තියන්න් පුළුවන් කොච්චර රත් වුනත් ක්ලීන් කරන්න ලේසී , සහ බිට් එකේ ඊයම් ඇලෙනව. මේ බලන්න, ඒකෙත් ඔක්සයිඩ් බැඳෙනව නමුත් එක පාරක් ස්පොන්ජ් එකේ ගාපු ගමංම ක්ලීන් වෙනව. 


මේක උඹලට සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන් , හැබැයි ගිනි වතුරෙ එබුවොත් පිත්තල තඹ පාට වෙනව. මොකද පිත්තල හදන්නෙත් තඹ වලිං නිසා.එහෙම වුනොත් වැඩේ අල වෙනව.

No comments:

Post a Comment