Loading...

Thursday, February 8, 2018

ලා‍ටු වලිං ගම් නිමාණය කරමු..



මට අද වගේ මතකයි අපේ අම්ම  මං පොඩි කාලෙ ගේ ඉස්සරහ තිබ්බ පිචස් ගහෙන් ලා‍ටු ගලවල ගම් හදනව ,,. ඕක මට මතක් වෙලා අම්මගෙන් ඇහුවම තමා මේක කිව්වෙ,... මෙහෙමයි. මුලින්ම ලා‍ටු තියෙන ගහකිං ලා‍ටු
ගලවගන්න ඕනි අම්ම කිව්ව විදියට නම් දිවුල් ගස් වලිං එන ලා‍ටු සුපිරි.,!
                                           හොඳයි අපි කියමුකො තමංගෙ ලඟ තියෙන දිවුල් ගහේ ලා‍ටු නෑ කියල,. එහෙම නම් මෙහෙම කරන්න ඕනි,. මුලින්ම ගහ ලඟට ගිහිල්ල ගහට වැඳල තමංගෙ අවශ්‍යතාවය ගහට කියල ගහේ පොත්ත පොඩ්ඩක් පලුදු කරන්න ඕනි.
                                               ඊට පස්සෙ සති දෙක තුනක් යද්දි  අර පලුදු කරපු තැනින් කිරි බේරිලා එතන මිදිල කුට්ටි කුට්ටි තියෙනව අන්න ඒ ටික ගලවගන්න ඕනි,. ඊට පස්සෙ හොඳට වතුර එකක් උනු කරල අර ලා‍ටු ටිකට වතුර චූට්ටක් දාල කෝ‍ටු කෑල්ලකිං දිය කරගන්න ඕනි. මෙහෙම කරාම අර ලා‍ටු දිය වෙලා වතුර එක්ක මිශ්‍ර වෙනව, ඊට පස්සෙ ඒක ඕනි විදියකට පාවිච්චි කරන්න පුලුවං,,.
                                                     මොකක් හරි ලීයක කුහරයක් වගේ එකක් පුරවන්න ඕනි නම්  ඔය ලා‍ටු මැලියමටම ලී කුඩු හරි අඟුරු කුඩු කරල හරි  අරගෙන කවලං කරල බදාමයක් විදියට පාවිච්චි කරන්නත් පුලුවං..,!

No comments:

Post a Comment