Loading...

Friday, February 2, 2018

මම පොඩි කාලෙ අම්මයි මායි 99යෙන් බේරුන හැටි.


මම දෙක වසරට පාස් වෙලා ටික දවසක් ගියා විතරයි,, ඒ දවස් වල අම්ම හැමදාම මාව ඉස්කෝලෙට දාන්න ඉස්කෝලෙ ලඟටම එනව,  මං ඉතිං පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ යන්න හොරයි නෙ, ඔහොම යද්දි දවසක් මොකක් හරි කේස් එකකට අම්ම
ඉස්කෝලෙ ඇතුලට ආව, ඒකට හේතුව තාම මතක් කරනව මතක් උනේ නෑ.  කොහොම  හරි ඉතිං අම්ම ඇවිල්ල කතා කරල ගියා,
                                                  මම ඉතිං වැඩිය දන්නෙ නෑ නෙ, මං ඔහොම ඉස්කෝලෙ ඇරෙනකං ඉඳල එලියට ආව, අම්ම ඉස්කෝලෙ ඇරුනමත් එනව එක්ක යන්න, මං හතරෙ පංතියෙ වගේ ඉන්නකොට තමයි තනියම පයිං යන්න පුරුදු උනේ,,. ඉතිං මං ඉස්කෝලෙන් එලියට එද්දි පුරුදු විදියටම අම්ම හිටිය ඉස්කෝලෙ ගේට්‍ටුව ලඟ,. මං ඉතිං ලඟට ගිහිල්ල අම්මයි මායි හිමින් පාර දිගේ ගෙවල් පැත්තට එන ගමං අම්ම කියන්න ගත්ත කතාවක්,
                                       මෙන්න මෙහෙම, " බලන්නකො මම අද ඉස්කෝලෙට ගිහිං එද්දි අයි.ඩී. කාඩ් එක සිකුරිටිගෙන් ඉල්ලුවම ඒ මිනිහ වෙන කෙනෙක්ගෙ එකක් දුන්න.  පස්සෙ බල්ද්දි මාරු වෙලා, ඒ සිකුරුටි ඒත් කිව්ව ඒ ගත්ත කෙනාට එයාගෙ එක දුන්නම නෑ නෑ කියල මිස්ගෙ එක එයාගෙ කියල අරං ගියා කියල පස්සෙ ඔ‍ෆිස් එකට ගිහිං නම්බර් ඒක අරගෙන කෝල් කරාම අරං යන්න එන්න කියල ඇඩ්‍රස් එකක් දුන්න අපි දෙන්න යං"  කියල අම්ම දිගටම කියවගෙන ගියා,
                                                                    මමත් ඉතිං කල්පනා කර කර ගියේ, ගෙදර ඇවිල්ලත් අම්ම ඒ ගැන මොන මොනවදෝ කිය කිය හිටිය, මට යන්තමට මතකයි, ඒ දවස් වල තාත්ත වැඩ කරේ අම්පාරෙ උහන පොලිස්සියෙ, දවස් දෙකක් විතර ගියා, අම්ම උදේ 8ට විතර ලෑස්ති වෙලා මාවත් ලෑස්ති කරග්න කොහේදෝ යන්න ලැස්ති උනා. මං ඇහුව පාරට ආපු වෙලේ කොහෙද යන්නෙ කියල ඒ වෙලාව අම්ම කිව්වෙ අයි, ඩී, කාඩ් එක ගන්න යනව කියල..,
                                                     ඉතිං අපි ඇවිල්ල බන්ඩාරවෙල කොන්වන්ට් එකට යන පාරෙ ගියේ, ඇඩ්‍රස් එක දීල තිබිල තියෙන්නෙ එතන තියෙන පල්ලියෙ ඇඩ්‍රස් එක, ඉතිං අපි ගිහිල්ල ඇහුව ආහ් එයා ඉන්නව කියල ඇතුලට කතා කරල ඒ ගෑනු කෙනා ලඟට එක්ක ගියා, එයා අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක්ගෙ අම්ම කෙනෙක්, ඉතිං ආගිය තොරතුරු අම්ම එක්ක කතා කරල අන්තිමට කිව්ව අම්මගෙ අයිඩන්ටී එක ගේන්න අමතක උනා, කියල එයාගෙ එක ඉල්ලුව, අම්ම කිව්ව අම්මගෙ නැතුව දෙන්න බැහැ කියල. කොහොම හරි එදා වැඩේ කරගන බැරි උනා අපිට,..........!
                                            ඒත් ක්‍රිස්තියන් කාරයො උංගෙ වැඩේ කරගන්න උත්සහ කරා, එකෙක් ඇවිල්ල ටෝක් කරනව ආපු එකේ නිකංම යන්න එපා පොඩ්ඩක් එන්න ඇතුලට  කියල , අර ගෑනිත් පොහොර දානව ඔව් ඔව් එන්න ඇතුලට  ඔයාල ඇතුලෙන් ඉන්න මං බලන්නම් අයි,ඩී එක එක ගෙන්න ගන්න කියල., 
                                                     අපිත් ඉතිං හොඳටම හාල් වෙලා තිපු නිසාත් ඔච්චරටම කියපු නිසා ගිහිල්ල බැලුව, අපි දෙන්නට ප්ලාස්ටික් පු‍ටු දෙකක් දුන්න ඉඳගන්න, අපි ඉඳගෙන ඉද්දි තව ඩයල් එකක් පු‍ටුවක් අරං ඇවිල්ල අපි ඉස්සරහ ඉඳගත්ත, ඉඳගෙන මූ බනක් දෙසන්න පටං ගත්ත,
                                  ඔන්න කොහෙද ඉන්න හුත්ටිගෙ පුටෙක්ගෙ හෙන විශ්තරයක් අම්ම දිහා බලාගෙන මු මැෂිම වගේ කියවගෙන යනව,. අම්මත් ඉතිං පාඩුවෙ අහං ඉන්නව, ( අපේ පවුලෙ තියෙනව කවුරු හරි මොනා හරි කියද්දි අපි ඒකට ආස නැති උනත් ඕනි කමින් අහනව වගේ රඟපාන ගතියක් මටත් තියෙනව ඒක) ඉතිං  ඔහොම ඉඳල අම්ම එක පාරට ටෝක් එකක් දුන්න අපිට පරක්කු වෙනව අපි ගිහිල්ල එන්නම් කියල,

                                                     අම්ම මීටර් උනා මුං මොකාටද එන්න හදන්නෙ කියල, අරූගෙ මූන නිකං පුක වගේ උනා, ඊට පස්සෙ අපි එහෙම්ම නගිටල ආව, අම්ම පාරෙ ආවෙ තරහෙ පුපුර පුපුර  ඒ අතරෙ මටත් කියනැව බලන්නකො මුගෙ තියෙන ගතිය කිය කියා,. මමත් ඉතිං කල්පනා කර කර අව අරකෙ ඇතුලෙ තිබ්බ අමුතු චිත්‍ර ගැන එහෙම. , ඇතුලෙ ලස්සන අක්කිල දෙතුන් දෙනෙකුත් හිටිය, ඒකත් ලාවට මතකයි මට,
                                               කොහොම හරි අම්ම අර ගෑනිගෙ නම්බර් එක ඉල්ලගෙන එදා ඒක ඉල්ලගත්ත වෙලාව මට මතක නෑ,, ඉතිං ඔහොම ගෙදරටම ඇවිල්ල ආපු ගමං අම්ම විස්තරේ කිව්ව නැන්දටයි ආච්චිටයි( තාතගෙ අම්මයි නංගී),. ඒ දෙන්නට කියප් ගමං ඒ දෙන්නත් ෆෝම් උනා, ආච්චි කියවන්න ගත්ත එක පාරටම ඔය දියබිබිලෙ සිංහල ගෑනු ඔක්කොම රවට්ටගෙන දැං උං පල්ලි යනව හැමදාම, ඇඳුං එහෙමත් දෙනව කියන්නෙ කියල, නැන්ද බනිනව ඔවුන්ට කතා කරල හොඳ දෙකක් කිව්ව නම් හරි කියල,.
                                                         (නැන්ද දන්නව සීන් එක එයා ටීචින් කරේ Y.W.C.A එකේ මොන්ටිසෝරියෙ,,.  තාත්තට කෝල් කරාම තාත්ත බැනල තිබ්බ අම්මට තමුසෙ මොකටද ඕව අස්සෙ රිංගන්න ගියේ කියල,.
                                                        ආන්න ඒකට අම්මට හොඳටම මළ පැන්න මොකද අයි.ඩී එක ගන්නනෙ ගියේ, අම්ම දඩස් ගාල ෆෝන් එක තියල ගත්ත අර ගෑනිට කෝල් එකක් අරගෙන අම්ම මෙහෙම කිව්ව මට හොඳට මතකයි "ඔයා මගේ අයි.ඩී එක අරං ගියේ මොකටද කියල මට තේරෙනව තමුසෙල ට ලැජ්ජා නැද්ද ඕහි කපටි කං කරල අහින්සක මිනිස්සු අමාරුවෙ දාන්න හදන්නෙ , මාව නිකං රස්තියාදු කරන්න එපා හෙට අයි.ඩී එක අම්බලං හන්දියට (සෙන්තෝමස් හන්දිය) ගෙනල්ල දෙන්න, ඕනි නැත්තං මම පොලිස්සෙයෙ ඇට්‍රියක් දානව,
මෙහෙම කියල අම්ම කියවගෙන කියවගෙන ගියා කොහොම හරි පහු වෙනිද ගෙනල්ල දීල අනේ සොරි අරකයි මේකයි කියල ගිහිල්ල තිබ්බෙ

ඔන්න ඔය සිද්දිය නිසා ක්‍රිස්තියානි අන්තවාදය ගැන තිබුනු පිලිකුල තවත් වැඩි උනා මගේ හිතේ ඒ වගේම ඊට විරුද්ධව සටන් කරන්නත් මම පෙලඹුනා මේ වගේ සිංහල බෞද්ධ අපට වන අඩම් තේට්ටම් නිසා,.
                                                 මගේ  බුදු රාජෝත්තමයානන් වහන්සේගේ මහා ශ්‍රේෂ්ඨ ධර්මය සහ තමාගේ ඇඟේ දුවන මහා වීර ජාතියක වීර රුධිරය තමා තුලින් මෙන්ම තමාගේ මතු පරපුරෙනුත් ගිලිහී නොයාමට වග බලාගැනීම තමං හැම වෙලේම මේ මොහොතේ  අවධානයෙන් ආරක්ෂා කිරීම තම තමංගේම වග කීමක් , මේ පරන කතාව ලිව්වෙත් ඒනිසා..!!!!!!!!

8 comments:

  1. කවුරු මොනවා දෙනවා කිව්වත් තමන්ට විස්වාස කරන්න පුළුවන් ආගම ඇරෙන්න පුද්ගලික වාසි වලට වෙන පැති වලට හැරෙන්න නරකයි.මිනිස්සු ඌන දෙයක් කරයි.අහු නොවී ඉන්න එක අපේ වැඩක්.ඔයාගේ අම්මා ඒ අතින් බුද්ධිමත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝ තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ

      Delete
  2. ඇයි එහෙම එයාලා id එක තියාගත්තේ

    ReplyDelete
  3. ඒක අපිව ආගමට හරවා ගැනීමේ කූට උපක්‍රමයක්

    ReplyDelete
  4. මට අන්න ඒක තමයි තේරුම් ගන්න බැරි.. කොහොමද ඒක කරන්නේ කියලා id එක තියා ගත්තා කියලා..

    ReplyDelete
    Replies
    1. අයි. ඩී එක ගන්න අපි කියන තැනකට යනව නෙ, ඉතිං පල්ලියෙ ඇඩ්‍රස් එක දීල පල්ලියට ගෙන්නගෙන, බන දෙසල, තියෙන වාසි එහෙම දෙසල හරවාගැනීමේ උපක්‍රමයක්

      Delete
  5. මම හිතන් නෑ ඕක නියම ක්‍රිස්තියානි කාරයෙක්ගෙ වැඩක් කියල ඕක යොහෝවා වගේ මගුලක් වෙන්ඩ ඇති.

    ReplyDelete