Loading...

Monday, January 15, 2018

කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර ෆයිල්ස් ලොක් කරමු..!


සමහර ෆයිල්ස් තියෙනව අපිට පරිඝනකයේ තියාගෙන ඉන්න ගොඩක් අපහසුයි, මොකද යාලුවො එහෙම ඕපන් කරොත් ඒකෙ පුද්ගලිකත්වයට හානි වෙන නිසා,, අද කියන්න යන ක්‍රමයෙන් ලොක් කරොත් ෆයිල් එක ඩිලීට් කරන්න, කොපි, මූව්, කරන්න සහ ඕපන් කරන්න වත් බෑ, ඉතාම සරල, වගේම, කට්ටියක් දන්න ඒ වගේම බහුතරය නොදන්න ක්‍රමයක් මේක, වින්ඩෝස් වල
තමයි මේක කරන්න පුලුවං.
                                            හරි පටං ගමුකො, මුලින්ම අවශ්‍ය ෆයිල් එකේ ප්‍රොපටිස් වලට යන්න ඕනි. ඊට පස්සෙ සිකියුරටි ටැබ් එක ක්ලික් කරන්න,.. ඊට පස්සෙ  ඔය ප්‍රොපටීස් වින්ඩෝ එකේ යටම තියෙන ඇඩ්වාන්ස් බට්න් එක ක්ලික් කරන්න,

එතකොට එනව මේ වගේ වින්ඩෝ එකක් ඒකෙ ඔය යටම තියෙන Disable inheritance ක්ලික් කරන්න

එතකොට ටිං ගාල සද්දෙකුත් එන්ක මෙන්න මෙහෙම එකක් එනව

 ඒකෙ ඔය යට එක දෙන්න රිමූ ඕල් පමිෂන් කියන එක, ඒක දුන්න ගමං  අර කලිං වින්ඩෝ එකේ තිබ්බ යුස ප්‍රොෆයිල් ඔක්කොම ටික අයින් වෙනව,,. 
ඊට පස්සෙ ඕකේ කරාම එනව තව මැසේජ් එකක් ඒක යෙස් කරන්න ඊට පස්සෙ ප්‍රොපටිස් වින්ඩෝ එකත් ඕකේ කරන්න,.. දැං ෆයිල් එක ලොක්, ඒ කිව්වෙ කිසිම යූස ඒකකට පමිෂන් නෑ ඒ ෆයිල් එකට මොනවත් කරන්න.., දැං මෙහෙම තියෙද්දි ෆයිල් එක ඕපන් කරන්න හැදුවොත් පෙන්නන්නෙ නෑ, මම ස්ක්‍රීන් ස්නිපින් කරේ ෆොටෝ එකකට නිසා ඒක ඕපන් කරොත් මෙහෙම පේන්නෙ,,,

,. කොපි ,මූ , ඩිලීට් කරන්න හැදුවොත් පෙන්නන්නෙ මෙහෙම,,

ආපහු ලොක් එක අරිනකං ඒ ෆයිල් එක හොල්ලන්න වත් බෑ,,. නමුත් ෂිෆ්ට් ඩිලීට් ගැහුවොත් ඩිලීට් වෙනව වින්ඩෝස් 10 වල, අනිත් ඒවගෙ මතක නෑ...

                      දැං අපි බලමු ආපහු මේ ෆයිල් එක පාච්චි කරද්දි ලොක් එක අරින්නෙ කොහොමද කියල, (ආපහු පමිෂන් ගන්න විදිය) ,. හරි ෆයිල් එකේ ප්‍රොපටිස් ගිහිල්ල සිකියුරටි ටැබ් එකට යන්න ආපහු ඊට පස්සෙ එඩිට් කියන බට්න් එක ඔබන්න.
, දැං එනව මෙහෙම එකක්

  ඒකෙ තියෙනව ඇඩ් කියල එකක් ඔය කහ පාටට හයි ලයි කරල තියෙන්නෙ,,. ඒක ක්ලික් කරන්න එතකොට මේ වින්ඩෝ එක එයි ඒකෙ ඇඩ්වාන්ස් දෙන්න
 
,.., ඊට පස්සෙ එනව මෙහෙම වින්ඩෝ එකක් සිලෙක්ට් යූස ඕර් ගෲප් කියල,, අන්න ඒකෙ ෆයින්ඩ් නවු දෙන්න.
   හරි දැං ඕකෙ යටින් එනව හෙන ලිස්ට් එකක් ඒකෙ තමං ලොග් වෙලා ඉන්න යූස එක සිලෙක්ට් කරල ඕකේ කරන්න...
  ඊට පස්සෙ මේකත් ඕකේ කරන්න
,,, දැං ඔයාගෙ යූස එක ඇඩ් වෙලා තියෙනව මේ විදියට ඒකෙ ෆුල් කන්ට්‍රෝල් ටික් එකට හරිය දාල ඕකේ කරන්න
   ,,. සමහර මැෂින් වල යූස එකවුන්ට් දෙකක් තියෙනව, ඒත් එක හාඩ් එක නිසා දෙන්නෙක් පාවිච්චි කරනව නෙ ස්ටෝරේජ් එක, අන්න ඒ වගේ වෙලාවට අදාල යූස එකේ පමිශන් රිමූ කරල තිබ්බම ඒ යූස එකවුන් එකෙන් ෆයිල් එක ඕපන් කරන්න බැරි වෙනව..., කරල බලන්න ජයයි

No comments:

Post a Comment