Loading...

Tuesday, January 23, 2018

පරන සපත්තු වලිං ආහාර සහ මුදල් උපයමු..,


දැං කාලෙ ඕනෙම ගෙදරක පරන සපත්තු ගෝනියක් තියෙනව,. එහෙම නැත්තං ගෙදර මුල්ලක විසිකරල දාපු පරන සපත්තු ගොඩවල් තියෙනව,, සමහරු පරන සපත්තු දුප්පත් අයට දෙනව ,,,. නමුත් නැවත අලුත්වැඩියා කරන්න බැරි සපත්තු විසි කරන්න තමයි වෙන්නෙ,,. මේව විසි කරොත් පරිසර දූෂනය සැරයි, ගිනි තිව්වොත් වායු දූෂනය සැරයි,,. ඉතිං කල්පනා කරගෙන යද්දි මේවට කරන්න නියම වැඩක් මතක් උනා,,,..   ඔය කොලඹ පැත්තෙ ඉන්න ඩයල් වලට එහෙම ගොඩක් අයට වැඩිය ඉඩ නෑ, ඉඩ නැති අයට මේ ක්‍රමය විශේශයි,,. ..,

                                                                      හරි මුලින්ම කරන්න මොකක්ද කියල කියල ඉන්නම් කො,, අද අපි සපත්තු වල පැල හිටවනව,,,. 

 මුලින්ම සපත්තු ටික අරගෙන වෙන් කරගන්න ඕනි කැන්වස් වගේ වතුර ලීක් වෙන ඒව වෙනව,  ලෙදර් වගේ වතුර ලීක් නොවෙන ඒව වෙනම,, ඊට පස්සෙ වතුර පිට යන්නෙ නැති සපත්තු වල හිලක් හදන්න ඕනි අඩියෙ,.
                                    අනිත් ඒව අවුලක් නැ ඒවගෙ වතුර ලීක් වෙන නිසා,. ඊට පස්සෙ මේ සපත්තු වල අඩියට පස් පුරවන්න ඕනි, අඩියටම රතු පස් තට්‍ටුවක් දාල උඩ ටිකට පොලව මතුපිට ඇති කලු පස් පුරවන්න ඕනි,.  අර දිරපු කිතුල් කඳන් ඇතුලෙ තියෙන කලු පාට කුඩු එහෙම දානව නම් වඩා සරුයි,,. මෙහෙම සපත්තු ටික හරිගස්සගෙන මේ සපත්තු වල තමං කැමති පැලයක් හිටවන්න, එලවලු වගා කරන්නත් පුලුවං,,,. මඤ්ඤොක්ක අල වගේ ඕනි නම් බූට් වල හිටවන්න ඕනි.,.,
                                                       නිකං සපත්තු වල හිටවනව නම් බ‍ටු, ගෝව, ගෙඩි ගෝව( ගෙඩි ගෝව සපත්තුවෙ හැදුනම අමුතු ලස්සනක් තියෙනව,,.!), මිරිස්, බන්ඩක්ක, වගේ ඕනි දෙයක් වවාගන්න පුලුවං,,. ඒ වගේම මේක ගෙවතු අලංකරනයට අමුතු ලස්සනක් අරං එනව වගේම ගෙදර තැන තැන තියන්නත් හරි අගෙයි,. මේවගෙන් ලැබෙන අස්වැන්න නිසා ඔයාලට ආහාරත්, මුදලුත් ලබා ගන්න පුලුවං, වැඩි බරක් නැති නිසා වහල උඩ උනත් තියාගන්න පුලුවං, වගේම සපත්තුව විදල නූල්, දංවැල් දාල කොහේ හරි එල්ලල තියාගන්නත් පුලුවං,
මේ ක්‍රමේ ලෝකෙ තියෙනව, ඒත් අපි ඒකෙන් අපේ ජාතියට වැඩක් ගන්න ඕනි පරිසරය දූෂනය නොකර., ඒ වගේම දැං මේ අදහස දුන්නෙ මම නිසා මේක කරනව නම් කිසිම කෙනෙක් මේ පැල වලට වස, බෙහෙත්, ගහන්න එපා, එහෙම ගැහුවොත් ආපහු කිසි දවසක පාවහන් දාන්න බැරි වෙන්න මම සාප කරනව,,..!

No comments:

Post a Comment