Loading...

Thursday, January 25, 2018

කතරගම හිටි කාලෙ මදුරුවොන්ගෙන් බේරුනේ මෙහෙමයි.., (විෂ රහිත)

ඒ දවස් වල මම කතරගම මාමගෙ හොටෙල් එකේ ගිහිං ඉන්නව ටික දවසක්,,. ඔහොම ඉද්දි ඉතිං පට්ට ආතල් ඕනි තරම් මල්සුවඳ දැනෙන නිසා කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ, ඒත් දාඩිය සහ මදුරු ප්‍රශ්න තිබ්බ, ඒ හෝටලේ වේපරයිසර් පාවිච්චි කරත් මම කැමති උනේ නෑ ඒ විස හුස්ම ගන්න,


ඉතිං වේදනාවෙ හිටියෙ කාමරේට වෙලා, ෆෑන් එක දැම්මම උංට එන්න බෑ, ඒත් උං මෙට්ටෙ දිගේ ඇවිදගෙන ඇවිල්ල කනව, නෙට් එක දාගෙන හිටියත් ඒ නිදාගන්න වෙලාවට විතරයි නෙ, ගොඩක් වෙලාවට උං ඒකෙ ඇතුලටත් ඇවිල්ල පාඩුවෙ කනව,,.  ඉතිං මම හිතුව පිටරට්‍ටු වස වාශ්ප යන්ත්‍රය් හදල එව්ව වගේ මදුරුවො එලවන්න  වාශ්ප කරන්න පුලුවං අපේ දේවල් මොනාද තියෙන්නෙ කියල!,,,....
                                                   අන්න ඒ වෙලාවෙ මං දැක්ක කන්නාඩි මේසෙ උඩ තියෙන සිද්ධාලේප  එක,,.
හම්මට සිරි පත්තු උනා,,,. මම ඩෝං ගාල සිගරට් පැකට් එකේ ඊයම් කොලේ කුඩු ගහනකොට ගන්නව වගේ පුච්චල අරගෙන ඒකෙ උඩට සිද්ධාලේප ටිකක දාල යටින් ගිනි කූර ඇල්ලුව,.  බුස් බුස් ගාල වාශ්ප දුම් පාරක් උඩට ගියා,
පට්ට සිද්ධාලේප සුවඳයි,  ටික වෙලාවක් බලං ඉද්දි මෙන්න මදුරුවො ඇදේට පියාඹනව,. ,,. කන්න එන්නෙත් නෑ,,.
                                  ටික වෙලාවක් ඔහොම ගිහිල්ල සිද්ධාලේප ‍රැස් ඉවර උන ගමං ආපහු ඩයල් ටිකැලියට බැස්ස,,.  ඕක කරල නිදාගත්ත නම් එහෙම සොරි ඩොට් කොම්,.
                                              ඊට පස්සෙ තව දුරටත් කල්පනා කර කර ඉද්දි සිවිලිමේ තිබ්බ ෆෑන් එක පෙනුන,. අම්මට සිරි ආපහු පත්තු උනා, . ඉතිං ආපහු නැගිටල සිද්ධාලේප එක අරං ෆෑන් එකේ පෙති තුනේ සිද්ධාලේප ඉරි තුනක්  ඇඳල ෆෑන් එක දැම්ම,,. ආන්න ඒ ක්‍රමය වැඩ කරා පැය 6ක් විතර,,
ෆෑන් එක අඩු කරල තියෙන තරමට මදුරුවන්ට සැරදැනෙන කාලය වැඩි වෙනව,,. ! ස්ටෑන්ඩ් ෆෑන් වල නම්  ඉස්සරහ දැලේ ගාන්නත් පුලුවං ඒත් පෙති වල ගෑවම හොඳට වාතයේ ස්පර්ෂ වෙනව,,., කරල බලනන්න ජයයි...!!!

No comments:

Post a Comment