Loading...

Saturday, January 27, 2018

ඉවතලන ප්ලාස්ටික් වලිං පිහි වලට මිටක් ගෙදරදිම ගහමු..!


පොඩි කාලෙ ඉඳං තිබ්බ පිහි එකතු කිරීමේ සහ නිර්මාණය කිරීමේ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදියට හම්බ උන එක පිහි තලයකට මිටක් ගහගන්නෙ කොහොමද කියල කල්පනා කරද්දි තමයි මේ ක්‍රමය අත්හදා බැලුවෙ, එදා මට හම්බ උන පිහි තලයට ලී මිටක් වත් ගහන්න බැරි තත්වෙ තිබ්බෙ, ඒ කිව්වෙ හිල් දෙකක් වත් තිබ්බෙ නෑ
, හිල් විදින්න ඒ කාලෙ මගේ ලඟ ඩ්‍රිල් එකක් තිබ්බෙත් නෑ, ,. ඉතිං මේක කරල හරියටම හරි ගියා,,.!
මේ ඒ පිහිය
අනික තමයි මේක පිහි වලට විතරක් නෙමෙයි ඕනිම එකකට ස්ථානයට ගැලපෙන විදියට පාවිච්චි කරන්න පුලුවං , ඕනිම උපකරනයකට මිටක් ගහන්නත් පුලුවං,,!
                            ඒ වගේම ප්ලාස්ටික් නිකං විසි කරාම පරිසර දූෂනය වැඩි නිසා පුලුවං පුලුවං විදියට නැවත භාවිතයට ගන්න වෙනව,. ඒ වගේම ගොඩක් දුරට නැවත භාවිතා කරන්න නම් හැඩය වෙනස් කරන්නත් වෙනව,.,,,.! මට මිට ගැලවුන පිහියක් දැනට නැති නිසා එක්ස්ලෝ බ්ලේඩ් කෑල්ලකට මිටක් ගහල පෙන්නන්නම්...,
                         
                   එහෙනම් මේ ප්‍රතිපාදන ටික සපයගන්න ඕනි..

*මිටක් ගහන්න අවශ්‍ය පිහිය, හෝ උපකරනය
*පරන බිස්කට් ටින් ඒකක් හෝ විසි කරල දාපු තාච්චුවක්
*ලිපක්
*පරන ප්ලාස්ටික් බඩු (සෙල්ලම් බඩු කෑලි අනං මනං)
* බයින්ඩින් කම්බි කෑලි ,
*පොඩි උන පතුරු කෑල්ල (හැන්දක් විදියට පාවිච්චි කරන්න පුලුවං උනු වෙන්නෙ නැති ඕනි එකක් ගත්තට කමක් නෑ)

 හරි අපි මුලින්ම පිහිය ලෑස්ති කරගමු,...., පිහි තලේ මිට වදින හරිය හොඳට මලකඩ එහෙම නැතිවෙන්න පිරිසිදු කරල අර කම්බි ටික ඔතන්න ඕනි, මේ කබ්මි ඔතන්නෙ අපි ගහන මිටට වදින ප්ලාස්ටික් හොඳට අල්ලල තියාගන්න,.

හරි දැං අච්චුව හදන්න ඕනි ,, පරන කාඩ් බෝඩ් කෑල්ලක් නවල වදින්න ඕනි මිටෙ සයිස් එකට කො‍ටු හැඩේට හදාගන්න ඕනි ( පොඩි පෙට්ටියක් වගේ මේක හදාගන්නෙ ගන්නෙ ප්ලාස්ටික් පිට බේරෙන නිසා),,

 ඊට පස්සෙ අර පිහිය ඒක උඩින් තියන්න ඕනි යට පැත්තෙ වදින්න ඕනි ප්ලාස්ටික් තට්‍ටුවට ඉඩ තියන විදියට චුට්ටක් උස්සල.
                                      දැං පිහිය ඔහොම තියල ලිප පත්තු කරන්න ඕනි, ගෑස් එක උනත් කමක් නෑ, ඊට පස්සෙ අර තාච්චිය ලිපේ තියල අපි හොයාගත්ත ප්ලාස්ටික් ටික තාච්චියට දාන්න ඕනි,

ටික වෙලාවක් යද්දි මේ ප්ලාස්ටික් ටික උනු වෙනව හොඳට උනු වෙන්න දෙන්න , ගින්දර අල්ලනව හිටපු ගමං එහෙම වෙලාවට බුස් ගාල පිඹින්න, ගිනිගන්න දුන්නොත් වැඩක් නැති වෙනව,
                          ඊට පස්සෙ මේ ටික හොඳට උනු උනාම අරගෙන අර හදාගත්ත අච්චුව උඩ තියෙන පිහි තලේට වක් කරන්න,හිඩැස් නැති වෙන්න ප්ලාස්ටික් ටික වක් කර කර තලේ කරකවන්න ඕනි, කම්බි වැහෙන්න ප්ලාස්ටික් වක් කරගන්න ඕනි, හොඳට කරකවද්දි ප්ලාස්ටික් එතෙනව තලේ,,..
ඊට පස්සෙ වේලෙන්න දෙන්න,,වේලුනාම ගොඩක් හයිය මිටක් තමයි ලැබෙන්නෙ අපිට,. ඒ වගේම තමං කැමති පාටක ප්ලාටික් භාවිතා කරල කැමති පාට මිටක් ගහගන්නත් පුලුවං, ඒත් එක එක පාට වල ප්ලාස්ටික් ගොඩක් එකට දැම්මම ගොඩක් දුරට කලු පාට තමයි හැදෙන්නෙ,,.!

3 comments: