Loading...

Tuesday, December 12, 2017

පස මැරීමෙන් වැලකී මහ පොලවට ජීවය ලබා දෙමු.......

මේ කියන්නෙ පොඩි කාලෙ ඉඳංම මහ පොලව නිරීක්ෂනය කරල පස්සෙ හරියට තේරුම් ගත්ත දෙයක්..,
බලන්න කොලරොඩු විවිධ ශාක වැවුණු පස් තට්ටුවේ සරු පාට
අපි වත්ත සුද්ද කරද්දි මුලු වත්තෙම වල් පැල (වල් කියා හැඳින්වුවත් ඇත්තටම වල් නොවේ ඒ වටිනා ශාකයි,, ඇත්තටම වල් නම් විදේශ වලිං මේ පොලව නිසරු කිරීමට ගෙන ආ ශාකයි),,, තනකොල කොලරොඩු ඔක්කොම පොලවෙන් ගලවල ගිනි තැබීම සිරිතක් බවට පත් වෙලා තියෙනව..
සම්පූර්නයෙන්ම පොලව තට්ටෙ ගෑව වගේ කරනව.. කාලයක් එක එක පැල හැදිල ඒවගෙ මැරුනු කොල එහෙම පොලවට වැටිල ඒව දිරල පොලව තද දුඹුරු (කලු පැහැයට හුරු) වර්නයක් ගන්නව..
                                                            ඉතිං මෙහෙම පොලවක් සුද්ද කරල අවුරුද්දක් විතර යද්දි අර කලු පාට අයින් වෙලා ලා දුඹුරු පාටක් වෙනව,,. මේ කට හේතුව පස සරු කල ස්වභාවික කාබනික ද්‍රව්‍ය ඉවත් වීම,,,. අව්වට වේලිලා වැස්සට හේදිලා මේ පසේ සරු බව එන්න එන්නම නැති වෙලා යනව..., හොඳට බලන්න පැලෙයක් හදද්දි වැඩියෙන් සරු ලා පාට පසේද නැත්තං තද පාට පසේද කියල...! ඉතිං මේක සැර අර්බුදයක් බවට පත් වෙද්දි තමයි වෙනම පොහොරක අවශ්‍යතාවය මතු වෙන්නෙ..,
                                     එහෙනම් අපි කරන්න ඕනි පොලවට අයිති දේ පොලවෙන් උදුරා නොගැනීමයි..., ඔයාලට වත්ත සුද්ද කරන්න ඕනිම නං මෙහෙම කරන්න,,. ගිනිහි‍රැස්ස වගේ අනිත් ශාක ආක්‍රමනය කරන විදෙස් ශාක ගලවල දාල  ඉබේ හැදෙන අනිත් පැල එහෙම්ම තියෙන්න අරින්න,,. ඒව උස යනව වැඩී නම් ශාක වලට නමස්කාර කරල වීසි කැත්තෙන් ගහන්න මුල් නොගලවා ,,. මෙහෙම ගහපුවම බිම වැටෙන ශාක කොටස් අයින් කරන්න එපා ඒව පොලවටම ආහාරයක් ,පූජාවක් වේවා කියල හිතල එහෙම්ම දිරාපත් වෙන්න දෙන්න,,.
                                      වගා බිමක උනත් පොලව තට්ටෙ ගෑම මම අනුමත කරන්නෙ නෑ,,,. වගා බිමේ පොලවත් කොලරොඩු තන පඳුරු වලිං වැහිල තියෙද්දි ලැබෙන සරු බව යූරියා ටොන් එකක් දැම්මත් ලැබෙන්නෙ නැහැ ,,.


                                                        යූරියා වලිං ලැබෙන්නෙ විකෘතියක් මයි....! ඒ වගේම වතුරත් ඉක්මනින් හිදෙන්නේ නැ....!
 අනික වගා බිමේ වගා කරන පැලේ වටේ ඇති අනික් පැල වලට  පෝෂනය උරාගැනීමෙන් හිටවපු පැලේ බාල වෙනව කියන්නෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ මිත්‍යාවක්මයි..., ඒක එහෙමයි කියල කවුරු හරි තර්ක කරනව නම් මම ආරාධනා කරනව මාත් එක්ක මහ කැලේ රවුමක් ගහන්න යන්න එන්න කියල....!!!

No comments:

Post a Comment