Loading...

Monday, December 11, 2017

අත පිච්චුනාම කිසිම බෙහෙතක් නොදා වේදනාව දුරු වීමට ප්‍රත්‍යක්ශ ක්‍රමයක්..

අද මේ කියන්නෙ මම විසින්ම සොයාගත්ත ක්‍රමයක්..,

මගේ සමහර අත්හදා බැලීම් වලදි මගේ අත් අනන්තවත් පිච්චිලා තියෙනව.,, මුලින් මුලින් බොහොම අමාරුවෙන් තමයි දැවිල්ල ඉවස ගත්තෙ,,. ඉවසගන්න බැරි තැන කරපු ක්‍රියාවක් නිසා පිලිස්සුමකදි වේදනාව පවතින්නේ ඇයි කියන එක සහ පිලිස්සුම් වේදනාව දුරු කරන හැටිත් මම අවබෝධ කරගත්ත,,.....
 
                                     ඉතිං මම එක දවසක් වෙඩි බෙහෙත් වලට ඇඟිලි දෙකක් පුච්චගෙන බොහොම අමාරුවෙන් දැවිල්ල ඉවසගෙන වතුරෙ ඔබ ඔබා හිට්ය, ඒත් දිගටම පවතින සහනයක් ලැබුනෙ නෑ..,,,, ඉතිං බැරිම තැන ඇඟිලි දෙක කිහිල්ලෙ ගහගත්ත එතකොට ඊට වඩා වේදනායි,. මොකද කිහිල්ල රස්නෙයි නෙ..,! දත් මිටි කාගෙන මේක ඉවසගෙන ඉද්දි එක පාරම වේදනාව අඩු උනා,.
                                                  මං බැලුව මොකක්ද යකෝ උනේ කියල හෙන සන්තෝසෙ  ඉතිං... පස්සෙ ඇඟිලි දෙක කිහිල්ලෙන් එලියට ගත්ත,,. මෙන්න යකෝ වේදනාව කොහෙන් ගියාද නෑ තිබුන විදියටමයි දැනෙන්නෙ..,

 මේ ගැන වැඩි දුර කල්පනා කරද්දි මට තේරුනා පිච්චෙන්නෙ අධික ඌෂ්නත්වයට, පිච්චුනාම වේදනාව පවතින්නෙ සාමාන්‍ය පරිසරේ ඌශ්නත්වයට,,.. මේකට ප්‍රතිරෝදව අධික සීතලක් ලබා දීමෙන් ටික වෙලාවකට වේදනාව නැතිව ගියත් ආපහු සාමාන්‍ය පරිසරයේ ඌෂ්නත්වයට නිරාවරනය වීමෙන් නැවත වේදනාව ඇති වෙනව,,.
                                     ඉතිං මං අහම්බෙන් හොයා ගත්ත ක්‍රමයෙන් කෙරෙන්නෙ සාමාන්‍ය පරිසරයේ ඌෂ්නත්වයට වඩා වැඩි ඌෂ්නත්වයක් පිලිස්සුම් තුවාලයට ලබා දීම එතෙන්දි වේදනාව නිර්මානය වෙන්නෙ මේ වැඩි ඌෂ්නත්වයට අදාලව, ඒකයි වේදනාව වැඩි වෙන්නෙ,,.., 
                      විනාඩි දෙක තුනකදි මේ වේදනාව මදක් අඩු වෙන්නෙ ඒ ඌෂ්නත්වයට සම අනුවර්ථ වීම නිසා. එක පාරට කිහිල්ලෙන් එලියට ගත්ත ගමං වේදනාව නැතිව යන්නෙ කිහිල්ලට වඩා නිදහ්ස් වාතයේ ඌෂ්නත්වය අඩු නිසා,.., බලන්න කොච්චර ලස්සන විද්‍යාවක්ද මේක,,,.!

No comments:

Post a Comment