Loading...

Friday, December 8, 2017

චුරු චුරු ගාල ෂෝට් වෙන මල්ටි ප්ලග් අලුත් එකක් වගේ අලුත්වැඩියා කරමු... !

මේක ගොඩක් අයට තියෙන මල වදයක්, අද කියන්නම් කොහොමද මල්ටි ප්ලග් එකක් අලුත් වැඩියා කරගන්නෙ කියල....

හරි මුලින්ම ලෙඩ වෙච්ච මල්ටි ප්ලග් එක ,, ගලව ගන්න ඕනි....,,  එතකොට ඔයාලට පේන්නෙ මල්ටි ප්ලග් එකේ ප්ලග්  වල කූරු වලට ගෑවිලා කරන්ට් එක පාස් කරන තහඩු කප් ටික මේ විදියට පේන්න තියෙන්නෙ, ඉන්න පොඩියට
ඇඳල පෙන්නන්න...

 හරි ඔන්න ඔය තහඩු කප් ටික හිමින් ගලවන්න ඕනි,,. සම්බන්ධ  කරල තියෙන කම්බි කැඩෙන්න නැති වෙන්න, (කැඩුනොත් පාස්සගන්න බවුත් එකක් හොයාගන්න වෙනව),.   හරි දැං අඬුවක් අරගෙන  ඒ ගලවගත්ත කප් ටික දිග අරින්න ඕනි, ඔයාලට දැක ගන්න පුලුවං වෙයි මේ  තහඩු වලින් හදපු කප් වල කලු පාට පිච්චිච්ච  පාරවල්,,,. සහ මලකඩ..,   හරි දැං වැලි කඩදාසියක් අරගෙන මේ තහඩු ටික පැහැදිලි වෙනකං මැදගන්න ඕනි,,. එහෙම හොඳට මේ තඩු ටික පිරිසිදු කරල ආපහු නවා ගන්න ඕනි තිබ්බ විදියටම,,. පාවිච්චි කරන්න බැරි තත්වෙ තියෙන තහඩු කෑලි තියෙනව නම්, අලුත් ටින් එකක් කපල ඒ ගානට හදාගත්තට කමක් නෑ...,,   හරි මේ ටික හරියට හදාගෙන ආපහු ඒව තිබ්බ වලවල් වලටම බස්සන්න....,  --- සැ,යු-----  සම්බන්දක කම්බි 3න එකට නොගෑවෙන්න හයි කරන්න වග බලාගන්න,..

හරි  දැං ඇන තද කරගෙන කරන්ට් එකට ගහල  පාවිච්චි කරල බලන්න..,, ජයයි එහෙනම්,,. ප්‍රශ්නයක් ඇති වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි උනත් ඇති වෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න...,!

2 comments:

  1. නියම අදහසක්. උත්සහ කරලා බලන්නම්

    ReplyDelete
    Replies
    1. ම්ම්හ් කරල බලන්න ප්‍රත්‍යක්ෂයි!

      Delete