Loading...

Friday, December 29, 2017

පිරිසිදු අඟුරු නිර්මානය කරන්නෙ මෙහෙමයි,,.!


හොඳයි අඟුරු හදන විදිය ඉගෙන ගත්ත කියල වර්ථමාන සමාජයට ඒ තරම් ඒක වැදගත් වෙන්නෙ නෑ කියල හිතෙන්න පුලුවං,,. නමුත් කොහේදි හරි කොතනදි හරි මේ දේවල් ඕනි වෙයි,,. උදා,.! විනෝද චාරිකාවක් ගිහිල්ල කැලේ නයිට් එකක් එහෙම ගහනව නම් උනුසුම ලබාගන්න ගිනි මැලයක් ගහන්න යද්දි දර

තෙතයි නම් ගහන්න බෑ නෙ, අන්න ඒ වෙලාවට මේ අඟුරු ටිකක් දල්වල මැලේ අවුල ගන්න පුලුවං., ඒ වගේම මේ අඟුරු ඉක්මනින් පත්තු වෙනව,,. නිකං දර පුච්චල බාගෙට ගිනි ගද්දි වතුර ගැහුවට නිවැරදිව අඟුරු ගන්න බෑ,, ඒකට ලස්සන ක්‍රම වේදයක් තියෙනව ඒ වගේම මේ දවස් වල සීතලටත් කාමර උනුසුම් කරන නියම භාන්ඩයක් තියෙනව ඒක හදන හැටි පස්සෙ කියන්නම්,,..! මුලින් අඟුරු හදන හැටි කියන්නම් කො.., අපිට මුලින්ම ඕනි වෙනව පරන
*පරන (තහඩු) තින්ත ටින් එකක්. (මූඩියත් එක්ක)
*ඇනයක් සහ මිටියක්
*පරන මාර ලී හෝ වෙනත් ලී වර්ගයක්, ටිකක් තද ලී "සුපිරි"
*දර හෝ සහ පොල් ක‍ටු
*ගිනි පෙට්ටියක්
*රෙදි කෑල්ලක් සහ වතුර ටිකක්

හරි දැං අර ටින් එකේ මූඩියෙ හිල් තුනක් විදින්න ඕනි අර මිටියයි ඇනෙයි අරගෙන,.


ඊට පස්සෙ අපි අර හොයාගත්ත ලී ටික පොඩි පොඩි කෙලිං ලී විදියට කපල අර ටින් එකේ පැක් කරන්න ඕනි හිඩැස් අඩු වෙන විදියට පිලිවෙලට,,.

මෙහෙම ලස්සනට අසුරල ඊට පස්සෙ  අර විදගත්ත මූඩිය හොඳට ඒකට හයි කරන ඕනි., ඊට පස්සෙ අර එකතු කරපු දර ටිකයි පොල් ක‍ටු ටිකයි පත්තු කරල මේ ටින්  එක ගිනි ගොඩ මැදින් තියන්න අරහිල් තුන හොඳට පේන විදියට.., හරි දැං බලං ඉන්න ඕනි,., මේක හොඳට රත් වෙද්දි අර ඇතුලෙ තියෙන ලී වල ජීව ශක්තිය  වාශ්ප වෙලා යනව අර හිල් තුනෙන්,.,

 මුලින් එතනින් හුලං වගේ ගිහිල්ල පස්සෙ ඒතන ගෑස් එක වගේ පත්තු වෙයි.., මෙහෙම පත්තු වෙලා ඉවර වෙනව ටික වෙලාවක් ගියාම මං හිතන්නෙ මේක පොඩි කාලෙ ඉස්කෝලෙත් කියල දීල ඇති ලී කුඩු වලිං ,, ඒත් ඒ අඟුරු වලට නෙමෙයි එන ගෑස් එක බලන්න,,,..!
ඉතිං අරක පත්තු වෙලා ඉවර වෙලා දැල්ල නැතිම උනාම අර රෙදි කෑල්ල (පොට 4, 5ක් )පොඟවල අර හිල් තුන වහන්න ඕනි,,., මෙහෙම කරන්නෙ අපි ගින්නෙන් ටින් එක එලියට ගද්දි ඇතුලට එක පාර වාතය ඇතුල් නොවෙන්න,,. වාතය ගියොත් ඇතුලෙ අඟුරු ගිනි ගන්නව,,.!

හරි ගිනි ගොඩෙන් ටින් එක ගන්න ඕනි (කෝ‍ටු කෑලි දෙකකිං තද කරගෙන ගත්ත නම් හරි) ,. ඒ අර ගත්ත ගමං ටින් එක හරි කෙලිං බිම තියල අර හිල් තුන හොඳට තද වෙන්න  උඩින් මොකක් හරි බරක් තියන්න ඕනි.., (පතුල මට්ටම් එකක්)..,
           
                          දැං මේක හොඳට නිවෙන්න දීල ,පස්සෙ මූඩිය ඇරල  බැලුවම අර ලී ඔක්කොම කර වෙලා සුපිරි අඟුරු බවට පත්වෙලා තියෙන්නෙ,. මේ අඟුරු කුඩු කරල විශේශ නිශ්පාදන කරන්නත් පුලුවං, ඒවගේම මොනව හරි අලවද්දි ලා‍ටු එක්ක එකතු කර බදාමයක් විදියට ගන්නත් පුලුවං,, කුඩු නොකර කෑලි කරලත් ගොඩක් වැඩ කරගන්න පුලුවං,,. අර සීතල නැති වෙන එක හදන හැටි ඊලඟ එකේ කියන්නම්,. දැං මහන්සී!!!

No comments:

Post a Comment