Loading...

Friday, December 15, 2017

හඳුන් කූරෙන් යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ කරගැනීමට ක්‍රමයක්....!


අධිශ්ඨානය නොහොත් අධි ඉශ්ඨන ක්‍රියාවලිය මනසේ පවතින විශිෂ්ඨ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අවබෝධ කරගැනීමෙන් විශ්වයට යම් පනිවිඩයක් යැවීම තුලින් අවශ්‍යතාව ඉ‍ටු කරගැනීම  කියන පදනම තුල මිනිසුන් හිතාගෙන හිටියට මගේ වැටහීමට අනුව විශ්වය පවතින්නෙ තමංගෙ හිත තුල නම්
මේ ක්‍රමය තමංගෙ හිතටම යම් පනිවිඩයක් ලබා දී ඒ තුලින් අවශ්‍යතාව ඉ‍ටු කරගැනීම කියන පදනමේ තමයි මං ඉන්නෙ.., ඒ වගේ අධිශ්ඨාන ක්‍රියා නොහිටපු විදියට පත්තු වෙලා මගේ අවශ්‍යතා ඉ‍ටු උන අවස්ථාද එමටයි..., 
ඉතිං සංකීර්න දේවල් අකුරු කරන එක ටිකක් මහන්සි නිසා යට ඇති අර්තය (විද්‍යාව) ඔබලාටම හොයාගනිල්ලා කියල, ලියන්න ආව ලිපිය ලියල ඉන්නම්.., 
                                         ලංකාවෙ ගොඩක් අය හඳුන්කූරු පත්තු කරන්නෙ දුම එන්න, එහෙමත් නැත්තං සුවඳ පැතිරෙන්න,,.. නමුත් ඊට වඩා ලොකු දේවල් පුංචි හඳුන්කූරෙන් කරගන්න පුලුවං, අවශ්‍ය වෙන්නෙ බලවත් සිතුවිල්ල සහ නිවැරදිව චිත්ත රූප දැකීමේ හැකියාව විතරයි,,.. හඳුන්කූර පත්තු කරාම මොකද වෙන්නෙ? ඒක පිච්චිලා කොටසක් අලු වෙලා බිම වැටෙනව තවත් කොටසක් දුම වශයෙන් වා තලයට මුදා හැරෙනව,...,
                                                 ඔලුවෙන් වැඩ දාන එකෙකුට නම් මේක කියපු ටිකත් ඇති මේ ක්‍රියාවලිය තේරුම් ගන්න..,  හරි ක්‍රමය කියල ඉන්නම්කො... මුලින්ම හිත සංසුන් කරගෙන හඳුන් කූර අත් දෙකේ ඇඟිලි තුඩු වලිං අරගෙන තමංගෙ නලලෙ හරි මැද තියාගන්න ඕනි (ආඥා චක්‍රය පිහිටන තැන)..,
හඳුන් කූරු නළලේ තියල අල්ල ගන්නේ මෙහෙම 
                                                       ඊට පස්සෙ තමංගෙ යහපත් අවශ්‍යතාවය  හිතෙන් දැඩිව හිතාගෙන මේ හිතාගත්ත සිතුවිල්ල යම් කිරන ශක්තියක් වගේ සුදු පාට හෝ දැඩි ආලෝකමත් කිරනක් වගේ තමංගෙ නලල මැදින් එලියට පිටවෙලා අර අල්ලං ඉන්න හඳුන්කූර වෙලාගන්නව චිත්ත රූප දනික්ක ඕනි... මේ වෙලාවට නලල මැද කිචි කිචි වගේ දැනෙයි ඔයාලට...! හරි මෙහෙම තමංට ඇති තරම් කාලය අරගෙන මේ අධිශ්ඨාන පූජාව පවත්වල හඳුන්කූර පත්තු කරන්න ඕනි..,
                                                      එතකොට අර දුමත් එක්ක තමංගෙ සිතුවිල්ලෙ ශක්තිය තමයි විශ්වයට මුදාහැරෙන්නෙ,.., ! පංසලේ ඉඳං කරනව නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙනව..,! .., කාලයත් එක්ක ඔයාලට තේරෙයි මේකෙන් ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්නෙ කොහොමද කියල.., ජයයි එහෙනම්..!

1 comment: