Loading...

Thursday, December 14, 2017

අකුරු කැත වීම ගැන ඔබ දුක් වෙනවද? එහෙනම් කියවල බලන්න...!


අපි හැමෝම එකිනෙකාට වෙනස්.., පුද්ගලයාගෙ අම්මගෙ, තාත්තගෙන් අපිට එකතු උන පාරම්පරික ලක්ෂන වගේම සංසාර පුරුද්දෙනුත් අපිට ආවෙනික ලක්ෂන අපිට පිහිටනව,,.

               ඉතිං මේ හැම දේකම බලපැම අපේ ජීවිතයේ එක් එක් අංග සඳහා බලපෑම නිසා ඒ ඒ ක්‍රියාවන් එකම උනත් කරන විදිය එකිනෙකාට වෙනස් ස්වරූපයක් තමයි ගන්නෙ,,. ඔයාලගෙ මූන  මැද තියෙන නහය දිහා බලන්න. ., සමහරෙක්ට හිතෙන්න පුලුවං ශා හරි ලස්සනයි මගේ නහය කියල.., තව කෙනෙක්ට හිතෙනව අනේ මගේ නහයත් ලස්සන උනා නම් කියල..,
                        ඉතිං ඔන්න ඔතෙන්දි අපි නහයට අකමැතී කියල නහය කපන්නෙ නෑ නෙ,.  ඒ වගේම තමයි අනික් අයට කොච්චර අප්‍රසන්න උනත් තමංට තමංගෙ මූනෙ අමුතු ලස්සනක්, හැඩයක්, රටාවක් පේන්න පටංගන්නව, ඔයාලට එහෙම නැති නම් ඔයාල ඉගෙනගන්න ඕනි තමංගෙ ලස්සන විඳින විදිය.....,!
                               හරි ඔන්න ඔය කතාවම තමයි අකුරු වලට කියන්න තියෙන්නෙත්..,  නමුත් අකුරු තමංගේ උත්සාහයෙන් පුරුදු පුහුනු වෙලා වෙනස් කරන්න පුලුවං උතන් තමං කලබලේට ලියද්දි  අකුරු ගැන නොහිතාම ඉබේම හිතේ තියෙන දේ ලියවෙන අකුරු තමයි ඔයාලගෙ හරි අකුරු,,. ඒ ඔයාලට වගේම මට උරුම වෙච්ච රටාව,..
                                                          මෙන්න මේ තව කෙනෙක්ගෙ අකුරු වල ඇති රටාව ඒ සෞන්දර්ර්ය්‍යාත්මක කලාව හඳුනා නෙගෙන ඒ අකුරු කැතක් වගේ දකිනව නම් එතන තියෙන්නෙ ඒ බලන කෙනාගෙ කලාත්මක හැඟීම් වල ප්‍රශ්නයක්...! ඔයාල ඔය බයිල හිතන්නෙ නැතුව තමංගෙ අකුරු වල තියෙන කලාත්මක බව විඳින්න පුරුදු වෙන්න.. එතකොට ඔයාගෙ අකුරු නිකංම ලස්සන වෙනව ඔයාට,,,.! 
                                                      තමං ඇවිදින විදිය, කතා කරන විදිය වගේම දෙයක් තමයි තමංගෙ අකුරු කියන්නෙ,. තමංගෙ ඇ‍ඟෙන් එන අකුරු, පිටපත් ලිවීම් පි‍ටු 1000ක් ලිව්වත් වෙනස් වෙන්නෙ නෑ,. පිටපත් ලිවීමෙන් වෙන්න අකුරට තවත් අලුත් කලාත්මක ක්‍රමයක් එකතු වීම මිස තමංට උරුම අකුරු රටාව වෙනස් වීම නෙමෙයි.., තමං තමංම වෙන්න වගබලාගන්න එක මොන දේ කරන්න ගියත් වැදත්...,.,,,,
                                               
බලන්න මගේ අකුරු,.,,, හකුරු වගේ තමයි පේන්නෙ ,. නමුත් හකුරු ඇඟට ගුනදායක පැනිරසක් බව කාල බැලුවම තේරෙනව වගේ, මේ අකුරු වලත් රහ දැන්නෙ ඒක විඳින්න පටං ගත්තට පස්සෙ විතරමයි....,...,!

No comments:

Post a Comment