Loading...

Tuesday, December 19, 2017

පාරේදී බුරන, සැපීමට පනින බල්ලන් මෙල්ල කරගන්න සියුම් ක්‍රමයක්.


අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගමනක් යද්දි ගොඩක් රෑට එහෙම  පාරෙ අයිනෙ නිදාගෙන ඉන්න බල්ලො බුරා වැටෙන එක,,. එහෙම අවුලක් නෑ කියමුකො ඒත් මුං හපන්නත් පනිනවනෙ., මම මේකෙන් බේරෙන්න බොහොම ක්‍රම අත්හදා
බලද්දි සමහර ඒව හරි ගියා සමහර ඒව වැරදුනා, තවත් සමහරක් හිටපු ගමං වැඩ කරල හිටපු ගමං වැඩ නොකර ගියා,,..!
                                        ඉතිං අන්තිමට මේකට පත්තු උනේ හිතපු නැති  විදියෙ දෙයක්,. හරි කෙලින්ම පෝස්ට් එකට ගියොත් මේක ඕනිම පොඩි එකෙක්ට කරන්න පුලුවං චූටි දෙයක්,. මේක සමහරු විනෝදෙට එහෙම කරන අවස්ථාත් අපි ඕනි තරම් දැකල තියෙනව,,.!  මේක කරන්න අපිට ඕනි වෙනව ගිනි පෙට්ටියක්,.. ( මේක අවිහින්සා වාදී ක්‍රමයක්) ,. හරි ,.
බල්ල ඔයාගෙ ඉස්සරහට බුර බුරා එද්දි අර ගිනි පෙට්ටියෙන් කූරක් අරගෙන ඉස්සරහ ඇඟිලි 4න්  ගිනිපෙට්ටිය අල්ලගෙන ගිනි කූරෙ ඔලුව තමංගෙ පැත්තට හිටින්න මාපට ඇඟිල්ලෙන් අල්ලගන්න,.

ඊටපස්සෙ අත තමංගෙ ඔලුවගාවට උස්සල වේගෙන් බල්ලගෙ ඉස්සරහට පහලට විසි කරන්න, ඒ අත විසි වෙන අතරෙදි ගිනි කූර අල්ලගෙන ඉන්න මාපට ඇඟිල්ල ගිනිකූර තද කරල ඉස්සරහට  දිග අරින්න ඕනි, (මාපට ඇඟිල්ලෙන් ගිනි කූර ඉස්සරහට විසි කරන්න ඕනි) මේ අත පහලට විසි කරන එකයි මාපට අඟිල්ලෙන්  ගිනිකූර විසි වෙන එකයි එක පාර වෙන්න ඕනි, 

මේක හරියට උනාම ගිනි කූර පත්තු වෙන්නෙ   බාගයක් දුර ඉස්සරහට ගිහිල්ල,. ..,!  මෙන්න මේක කරන්න බැරි අය  නිකං ගිනිකූර ගහල වෙඩි බෙහෙත් පත්තු වෙලා ඉවර වෙන්න ඉස්සෙල්ල බල්ලගෙ පැත්තට විසි කරන්න ඕනි,. මේක තරම් බල්ලොන්ගෙ බිරිල්ල නතර කරන්න පුලුවං වෙන දෙයක් මම භෞතිකව දැකල නෑ.,,..,! කරල බලන්න,. තව ඉදිරියට අමුතු යුනිකෙත  සටහන් බැලීමට ෆලෝ කරන්න..,,!

No comments:

Post a Comment